Showing posts with label Gadgets. Show all posts
Showing posts with label Gadgets. Show all posts

Nvidia සමාගමෙන් සුපිරි GPU එකක් (Nvidia GeForce GTX TitanX)

11:23 PM Add Comment


ඔන්න යාලුවනෙ මං අද ඔයාලට කියන්න යන්නෙ දැනට ලෝකයේ ශ්‍රේණි ගත කිරීම් වලින් ඉදිරියෙන්ම සිටින GPU එක ගැනයි... එ තමයි Nvidia GeForce GTX TitanX සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති... මිට පෙර මෙම Nvidia සමාගම විසින් නිපදවු GeForce Titan හාTitan Black GPU වලට වඩා මෙය බෙහෙවින් බලසම්පන්න වෙනවා....
මේ අලුත් VGA කාර්ඩ් එක පහත දක්වලා තියෙන සියලුම තාක්ෂණයන්ට සහය දක්වනවා SLI CUDA 3D Vision PhysX Adaptive VSync GPU Boost 2.0 G-SYNC 4K Surround VXGI MFAA DSR Virtual Reality වැදගත්ම දේ තමා නවතම Direct X 12 සඳහාත් මෙය හොඳින්ම සහය දක්වනවා... එ වගේම මෙ VGA කාර්ඩ් එක පාවිච්චි කරලා දැනට ඇවිත් තියෙන උසස්ම තත්වයේ Games ඕනම එකක් ULTRA Graphics Mode යටතේ play කරන්න පුලුවන්...
මෙම කාර්ඩ් එකෙ ධාරිතාව 12GB වෙනවා.. දත්ත හුවමාරු වේගය 7.0 Gbps පමණ වෙනවා.. (ඒ කියනනෙ ඉතින් අපේ භාශාවෙන් කියනවානම් ගේම් මරන්න පුලුවන් කියන එක තමා..) දැන් හිතා ගන්න පුලුවන් නේද මේ VGA කාර්ඩ් එක කොච්චර ප්‍රභලද කියලා... මේකෙ මිළ නම් ආසන්න වශයෙන් £870 ක් වෙනවා.. (ලංකා මුදලින් Rs 138744/= ක් පමණ...) ගෙම්ස් play කරන ඔයාලට මේක වැදගත් වෙන්න ඇති කියල මං හිතනවා... මේ GPU එක පිලිබඳව තවත් වැඩිපුර දැන ගන්න ඕන නම් මෙ Link එක ක්ලික් කරන්න.. 
මේක ලිව්ව මම - තිසුලවි බණ්ඩාර

Moto 360 හි දෙවැන්නා Moto 360 2’nd Generation

7:55 AM Add Comment
Motorola වෙතින් මෙම වසරේදී හදුන්වා දෙන Moto 360 smart ඔරලෝසුවේ දෙවන පරම්පරාව වන Moto 360 2’nd genaration මෙම මස (සැප්තැම්බර්) 2 වනදා සිට විකිණීමට ආරම්බ කර ඇත. පසුගිය අවුරුද්දේ Smart ඔරලෝසු අතර පළමු ස්ථානය දිනාගත් Moto 360 පළමු ඔරලෝසුව මෙන් මෙම ඔරලෝසුවත් මෙවර පළමු ස්ථානය දිනාගනී යන්න විචාරකයන්ගේ අදහසයි .


Moto 360 2’nd gen කාණ්ඩ තුනක් යටතේ පැමිණෙන අතර ඒවා 42mm වර්ගය පිරිමින්ටද 46mm වර්ගය පිරිමින්ට සහ ගැහැණු අයට සහ Sport වර්ගයකින් පැමිණේ . මෙහි පිරිමි වර්ගයට 22mm ප්‍රමාණයේ band එකකින් සහ ගැහැණු අයට 16mm ප්‍රමාණයේ band එකකින් පැමිණේ.


මෙම Moto 360 ඔරලෝසුව ලෝහ සහ ලෙදර් යන වර්ග දෙකෙන්ම මිලදීගත හැකි අතර මෙහි වර්ණ ගත් කල රත්‍රන් , රිදී වලින් ලෝහ වර්ගය පැමිණෙන අතර ලෙදර් වර්ගයේ වර්ණ රැසක් පැමිණේ. Motorola විසින් සපයන Moto Maker option ක්‍රමය Moto 360 වලට ප්‍රථම වතාවට ලබාදී ඇත .


මෙම 42mm හා 46mm වර්ග දෙකේම 1.37 හා 1.56 අරයන් වලින් LCD තිර ප්‍රමාණ වලින් පැමිණේ. මෙහි  විහේදන බලය (Resolution) 360 x 360 ප්‍රමාණයක් වේ. Motorola සමාගම මෙම ඔරලෝසුවේ තිරය සම්බන්දව වැඩි අවදානයක් යොමුකර ඇති බව පෙනේ . මෙම වර්ෂයේ (2015) දැනට පැමිණ තිබෙන smart ඔරලෝසු වලට වඩා ඉහල     (display to body ratio)  අගය 71.7% ඉහල අගයක් ගනී.


 Moto 360 2’nd gen හි GPU අගය Adreno 305කින්ද Ram මතකය 512MB අගයකින් හා 4GB අබ්‍යන්තර මතක ධාරිතාවයකින් පැමිණේ. මෙයට Bluetooth ,wi-fi සහ GPS තාක්ෂණ අන්තර්ගත කොට තිබේ.
මෙහි battery ධාරිතාව 400mAh සහ 300mAh අගයන් දෙකකින් පැමිණේ. Moto 360 2’nd  හි මිල ගණන් ඇමරිකන් ඩොලර් ($)299.99 ත් ($)429.99 පමණ වන බව සදහන් වේ.       




Moto 360 Sport



 Moto 360 Men & Women





HTC Re පුංචි උනාට වැඩ ලොකුයි ...

12:13 AM Add Comment




HTC සමාගම විසින් පසුගිය අව්රුද්දේ සැප්තැම්බර් මාසයේ හදුන්වලා දීපු එකක් තමයි HTC Re Camera කියන්නෙ ....

මෙය ඉතාමත් පුදුම සහගත කැමරාවක් ... මේ කැමරාවෙ අඩංගු වෙන්නේ 16MP කැමරාවක් ..

මෙම කැමරාවට පුළුවන් View Finder ( ඩිස්ප්ලේ එකක් , ඒ කිව්වෙ අපි පොටෝ හරි වීඩියෝ හරි කරද්දි අපි වීඩියෝ කරන එක පෙන්නන ) එකක් නැතුව උනත් පොටෝ හරි වීඩියෝ හරි කරන්න .එතකොට ඔයගොල්ලොන්ට ප්‍රශ්නයක් එනව ඇති කොහොමද මේකෙ වීඩියෝ වෙන දේවල් අපි බලා ගන්නෙ කියල් නේද? ඇත්තටම මේකට රූප පේන එකක් ඕනෙම ඈ මොකද අපේ ඇසේ පරසයට පේන ප්‍රමානෙම මේ කැමරාවෙත් පේනවා ... ඉතින් හරි ලේසි එක .. කෙටියෙන් කිව්වොත් මේකෙ Ultra Wide-Angle Lens එකක් තමා තියෙන්නෙ , ඉතින් තව මොන View Finders ද .. ලොල් ...ඕනෙ නම් පෝන් එකකට කනෙක්ට් කරගන්නත් පුලුවන් ...එතකොට අපි පොටෝ හරි වීඩියෝ හරි කරන එක පෝන් එකේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා .ඒ කියන්නෙ කැමරාවෙ View Finder එක පෝන් එක විදිහට ..

මේ කැමරාවට මෙමරි කාඩ් ගහන්න පුලුවන් හැකියාව තියනවා .. ඒ වගේම එය උපරිම 128GB දක්වා වෙනකන් ගහන්නත් පුලුවන් ...පෝන් එකක් සමග කනෙක්ට් කරල නොමැති විට ගන්න පොටෝස් වීඩියෝස් ඔක්කොම සේව් වෙන්නෙ කැමරාවෙ මෙමරි කාඩ් එකට ... ඒත් අප් පෝන් එක සමග කනෙක්ට් වෙලා ඉන්නකොට අපිට ඕනෙ නම් පුලුවන් පෝන් එකට ගන්න පොටෝ සේව් වෙන්න හදන්න ...තව පුලුවන් පෝන් එකත් එක්ක කනෙක්ට් වෙලා ඉන්නෙ නැති වෙලාවෙ කැමරාවෙ මෙමරි එකට වේව් උන පොටෝ පෝන් එකත් එක්ක කනෙක්ට් උන වෙලාවට ඔටෝම කැමරාවෙ මෙමරි කාඩ් එකෙ තියන පොටො පෝන් එකට යන්න හදන්නත් ඕනෙ නම් .... ඒ වගේම මේ කැමරාව පෝන් කට කනෙක්ට් වෙන්නෙ WIFI හා Bluetooth තාක්ෂනය ඔස්සේය .....

තව මේ කැමරාවෙන් Live (සජීවී) YouTube වීඩියෝස් කරන්නත් පුලුවන් .. තව
Time Lapse වීඩියෝ කරන්නත් පුලුවන් .... තව Slow Motion වීඩියෝ කරන්නත් පුලුවන් ..

මේ කැමරාව ඔන් කරන්න ඕෆ් කරන බටන් එකක් නෑ .. අපි අතට අරගෙන පොටෝ ගන්න බටන් එක උඩින් අත තිබ්බම ඉබේම තමයි කැමරාව ඔන් වෙන්නෙ ... අපි අත ගත්තම ඉබේම කැමරව ඕෆ් වෙනවා ... ඒක නම් මාර ලේසි වැඩේ නේද ?

විශෙශම දේ තමයි මේ කැමරාව Water and Dust Proof වීම.. ඉතින් ඒක නිසා අපිට මේකෙන් වතුර යට උනත් පොටෝ ගන්න පුලුවන් ...

මේකෙ හැඩය ගැන කතා කරනව නම් මට මුලින්ම මතක් වෙන්නෙ S LON බට කෑල්ලක් ... ලොල් .. හැබයි ඒකේ ලොකු වටිනා කමක් තියනව ... ඒක එහෙම හදල තියෙන්නෙම ඒක පරිහරනය කරන කෙනාගේ පහසුව සදහාම තමයි .. ඒකට හොදම උදාහරන බලාගන්න පුලුවන් පහල තියන පොටෝ වලින්,




















මේ කැමරාව අපේ රටේ මුදලින් රුපියල් 25 000.00 /= පමණ වෙනවා ...

වැඩි විස්තර සදහා මෙතනින් ගිහින් බලන්න




වීඩියෝ මෙතැනින් බලන්න