Samsung Galaxy වලට Software ගහන හැටි.

1:54 AM

ඔන්න ඉතින් අද මන් ඔය ගොල්ලෝ පාවිච්චි කරන සැම්සුන්ග් ගැලැක්සි ෆෝන් එකකට කොහොමද සොෆ්ට්වෙයාර් ගහන හැටි කියල දෙන්න.. මහ ලොකු වැඩක් නම් නෙවෙයි මාරම ලේසි වැඩක් මේක සැම්සුන්ග් ෆෝන් වලට ඔෆීශිල් එහෙමත් නැත්තම් ස්ටොක් රොම් හා සමහර කස්ටම් රොම් ගහන්නේ මේ විදිහට තමයි ... ගොඩක් වෙලාවට අපි මේකෙන් වැඩක් ගන්න හේතූව තමයි අපේ ෆෝන් එකට අපි වැඩ කිඩ දාන්න ගිහින් ෆෝන්  එක කෙල උනාම මේකෙන් තමයි ගොඩ දාන්නේ විශේෂයෙන්ම රූට් කරන්න ගිහින් කෙලව ගන්න අයට  නම් මේක ගොඩක් වටිනවා. තව පොඩි වැඩකට මේක අපි ගන්නව ඒ තමයි අපේ රටට  රිලීස් කරන්න කලින් ඉතින් යුරෝපීය රටවල් වලට නෙහ් මුලින්ම ඔය අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් රිලීස් කරන්නේ .. ඉතින් අපිට අපේ රටට කියලා රිලීස් කරන්න කලින් අපි කරන්නෙ වෙන රටකට දීපු අප්ඩේට් එක අපේ ෆෝන් එකට ඔඩින් එක යූස් කරලා මැනුවල් අප්ඩේට් කරන එක.. ඔන්න ඔය වගේ වැඩවලට ඔනා දෙයක් ගැන තමයි මන් අද ඔය ගොල්ලන්න්ට කියල දෙන්න යන්නේ... වැඩි බයිලා ඔන්න නෑ අපි දැන් ගේමට බහිමු..

බලමු දැන් අපිට මුලින්ම ඔනා කරන් ගැජමැටික්ස් මොනවද කියලා :D

මුලින්ම හොඳ ලූස් නැති ඩේටා කේබල් එකක්.
තව Samsung USB Drivers ඒක මෙතනින් බාගන්න.
තව Odin මෙන්න මේකෙන් තමා ගේම දෙන්නේ ඒක බාගන්න මෙතනින්.

ඊලගට අපිට කරන්න තියෙන්නෙ ෆෝන් එකට හරියන අප්ඩේට් එක බාගන්න ඒ සදහා අපිට සිද්ද වෙනවා Sammobile එකේ හරි Samsung-Updates යන සයිට් දෙකෙන් එකක රෙජිස්ටර් වෙන්න රෙජිස්ටර් උනා කියලා කිසිම පාඩුවක් නම් වෙන්නෙ නෑ..

Sammobile එකට මෙතනින්.
Samsung-Updates එකට මෙතනින්.

හැබැයි ඔයගොල්ලෝ ඔය සයිට්  දෙකෙන්  බාන අප්ඩේට්ස් ෆයිල් ඔයගොල්ලොන්ගේ ෆෝන් වල මොඩල් නම්බර් එක හා අනිත් අකුරු පොඩ්ඩක් වත් වෙනස් වෙන්න බෑ වැරදිලාවත් ඔයගොල්ලොන්ගේ ෆෝන් එකට වැරදි රොම් එකක් ගැහුවොත් ඉතින් සොරිම තමා...
උදාහරණයක් :- Samsung S3 3G (GT-I9300) එකට  Samsung S3 4G (GT-I9305) හේ රොම් එක ගැහුවොත් බඩු බනිස් තමා ඉතින්. ඒ හන්දා හොදට බලලා රොම් එක බා ගන්න ..

හරි නෙහ් එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු.

ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යෙන්ම බැටරිය  80%  පන්නලා තියෙන්න ඕනා.

මුලින්ම ඔයාගේ කම්පුටර් එකට Samsung USB Drivers ඉන්ස්ටෝල් කරලා කම්පුටර් එක Restart කරන්න .

ඊට පස්සෙ ඔයාගේ  කම්පියුටර් එකේ Odin ඕපන් කරන්න.

ඊට පස්සෙ ඔයාගේ ෆෝන් එක ඕෆ් කරන්න.

පස්සෙ ෆෝන් එක Download Mode එකට ගන්න.. එහෙම කරන්නෙ ඔයා මුලින්ම ෆෝන් එකේ වොලියුම් ඩවුන් එක ඔබාගෙන ඊට පස්සෙ හෝම් කී එකත් ඔබාගෙන පවර් බටන් එකත් ඔබාගෙනම ෆෝන් එක ඔන් කරන්න..ඔය පහල පින්තූරේ වගේ


ඔහොම ඔබාගෙන හිටියට පස්සෙ මෙහෙම එයි ඊට පස්සෙ වොලුයුම් අප් බටන් එක ඔබන්න.



හරි නෙහ්හ් ඉටා පස්සෙ පහල පින්තූරයේ වගේ තමා ඩවුන්ලෝඩ් මුඩ් එක එන්නෙ.



හරි නෙහ් ඊට පස්සෙ ඔය පහල පින්තූරේ විදිහට හරි දැන් ඔයාගෙ ෆෝන් එක ඔහොමම තියෙද්දි ඔයා ෆෝන් එක USB කේබල් එක කම්පියුටර් එකට ගහන්න.

ඊට පස්සේ  අර ඔයා ඩවුන්ලෝඩ් කර ගත්ත අප්ඩේට්  Zip ෆයිල් එක එක්ස්ට්‍රැක් කර ගන්න සාමන්යෙන් ඒ ෆයිල් එකක් තියෙන්නෙ .TAR හරි .MD5 කියන විදිහට ඔයා ගත්ත ෆයිල් එක කෙලින්ම ඔය විඩිහට තියෙනවා නම් මුකුත් කරන්න යන්න නම් එපා..

ඊට පස්සෙ ඒ ෆයිල් එක ඔඩින් එකෙ PDA කියන තැනට ඇඩ් කරන්න  මෙන්න මේ විදිහට

තව ඔය දාල තියෙන ටික් දෙක එහෙමම තියන්න අනිවාර්යෙන්ම වෙන ටික් දාන්න යන්නත් එපා ඔය ටික් අයින් කරන්න යන්නත් එපා.


ඊට පස්සෙ Odin එකේ ඔයාගේ ෆෝන් එකේ ඩ්‍රයිවස් ගානට ඉස්ටෝල් උනාට පස්සෙ නිල් පාටට මෙහෙම වැටෙයි.


අන්තිමට ඔක්කොම වැඩ ඉවර උනාට පස්සෙ Start කියන එක ඔබන්න.


හරි නෙහ් කලින් පියවර ටික ගානට උනා නම් ඔය පහල පින්තූරේ වගේ Pass කියල කොල පාටට වැටිලා තියෙයි. හැබැයි ෆෝන් පලවෙනි පාර ඔන් වෙන්න ටිකක් වෙලා යයි ඒක ගනන් ගන්න එපා ඔන් වෙන්න වෙලා ගියා කියලා බැටරිය නම් ගලවන්න යන්න එපා.


හරි නෙහ් එහෙනම් . ඔන්න එහෙනම් මම ගියා ඔයා වැඩේ හරියට කරානම් කඩේට පූජා කරන්න ගිය රුපියල් 1000ක් 2000ක් බේර ගත්තා,,

මේක සාර්තකත්වය  හෝ අසාර්තකත්වය  ඔයාගේ අතේ තියෙන්නෙ.. වැඩේ ගොඩ දාගන්න කියල එහෙනම් අපි කිව්වා.. ;)



Share this

Related Posts

Previous
Next Post »

2 comments

Write comments
October 15, 2018 at 7:55 AM delete

4n ekak thiye eke model number eka ganna krmayak kiyannako ikmaninma

Reply
avatar
October 15, 2018 at 8:11 AM delete

REGISTER nowe ganna puluwanda software

Reply
avatar