මොකද්ද මේ Apple iCloud කියන්නේ..?

11:40 PM



ඔන්න මම දැං කියන්න යන්නේ Apple සමාගම විසින් Apple devices වලට දෙන ලොකු සේවාවක් ගැන හැඳින්වීමක් කරන්නයි.
ඒ තමයි Apple iCloud ගැන. මේ ගැන හරියට නොදන්නා හෝ එහෙන් මෙහෙන් හොයන බලන අයට නම් ඉතින් iCloud කිව්ව ගමන් කෙලින්ම මතක් වෙන්නේ iCloud locked කියන එකනේ. හරි ඒකත් හරි.. ඒත් මම කියන්න කැමතියි iCloud කියන්නේ Lock එකක්ම නෙවෙයි. iCloud lock කියන්නේ මේ සේවාවේ එක දෙයක් විතරයි.
හරි මම දැං කියලා දෙන්නම් Apple iCloud services හැම එකක්ම සහ මේක ගැන හැඳින්වීමක්.

ඕගොල්ලන්ගේ Apple devices (iOS) වල නම් Settings -> iCloud ගියාම මෙන්න මෙහෙම එකක් දකිනව ඇතිනේ.










ඉතිං මෙන්න මේ iCloud කියන service එක මුලින්ම Apple ලා ආරම්භ කරේ 2011 - ඔක්තෝබර් - 12 දිනයේදී.
අපිට් මෙ iCloud කියන Service එක මෙන්න මේ විදිහට නම් කරන්න පුළුවන්.

✦   Internet එකේ දිස්වෙන වෙනම servers වලින් යම් කිසි මුදලක් ගෙවා හෝ නොමිලේ ගන්න දත්ත ගබඩාවක් (Cloud Storage , අපිට මේ iCloud දත්ත ගබඩාව හම්බවෙන්නෙ Apple ලාගේ servers වලින්)

මේකට තවත් උදාහරණයක් විදිහට :- Google Drive / Dropbox වගේ ගන්න පුලුවන්.

✦   Mobile / Tablets හා වෙනත් පරිගනක භාවිතයෙන් එකම තැනකින් සේවාවන් ලබාගන්න සංදිස්ථානයක් විදිහටත් හදුන්වන්න පුළුවන්.

ඒ වගේම මෙම සේවාව නිතරම ඔබගේ Apple device එක සමග සම්භන්ධවී නිතර නිතර ඔබ සක්‍රීය කර ඇති සේවාවන් වල සම්පූර්ණ Backup එකක් මේ Savers වලට Upload කරගන්නවා.. 

මෙම iCloud සේවාව iOS 5 සිට පසු සංස්කරණ වල හා OS X 10.7 හා පසු සංස්කරණ වලට සහය දක්වයි.

දැං අපි බලමූ මේ iCloud Service එකේ තියෙන Services ටිකක් හා ඒවගෙන් වෙන්නේ මොනවාද කියලා.



◆   Mail




iCloud Mail කියන්නේ අනිත් සාමාන්‍ය Email services වගේම Apple සමාගමෙනුත් අපට දෙන සේවවක්..  හැබැයි මේ සේවාව ලබාගන්න නම් අනිවාරෙන්ම ඔබට Apple Device එකකින් iCloud වෙත Log විය යුතුමයි.. එසේ ලොග් වීමට නම් ඔබට සාමාන්‍ය Apple ID එකක් තිබිය යුතුමයි.

උදා :- xxxxxxx@gmail.com / xxxxxxx@yahoo.com

වැනි.. එවිට ඔබට එම උපකරණයට ඇතුලත් කර ඇති Apple ID එක සම්පූර්ණ iCloud ID එකක් බවට පත්කරගත හැකියි..
උදා :- xxxxxx@iCloud.com


◆   Contacts




Contacts කියන්නේ අපි අපේ සාමාන්‍ය Contacts book එකට Add කරලා තියෙන අපේ අවශ්‍ය කරන අංක මෙම Savers වලට Upload වීමයි.. මෙය ඉතාමත් වටින සේවාවන් අතරින් එකකි. මංද ඔබගේ දුරකතනය හදිස්සියේ හෝ නැති උවහොත් හෝ විකුණා දැමීමට සිදු උවහොත් ඔබට ඔබගේ පරන දුරකතනයේ තිබූ අංක www.icloud.com වෙත පිවිස නැවත බලාගත හැකි අතර නැතහොත් ඔබ නැවත Apple Device එකක් ගත් කලෙක මෙය Restore කර හැක.


◆    Calender





මෙමගින්  සිදුවන්නෙ ඔබේ උපකරණය මගින් ඔබට වැදගත්වන හෝ අන් අයෙකුගේ වැදගත් දිනයක් නම් කල විට එය අනෙකුත් Apple devices භාවිත කරන අයටද දැනගැනීම පිණිස Share කිරීමට හැකිවීමයි..


◆    Reminders





Reminders යනු නැවත මතක් කිරීම ලෙස අප සැවොම දන්න කරුණකි.. ඔබ එදිනෙදා කරන වැඩපල ඒවා කරන්න තිබෙන වේලාවන් , දවස් , කෙරිමට යෙදී ඇති වැඩේ ගැන මෙහි සටහන් කොට එම දිනයට මේ උපකරණය මගින් නැවත එය මතක් කර දීම සිදුකරයි.


◆    Safari





සරලවම කිව්වහොත් Safari යනු Apple උපාංග වෙත පැමිනෙන Web Browser එකයි.  ඔබගේ උපකරනයේත් iCloud settings වල මෙම සේවාව සක්‍රීය කර තිබුනහොත් ඔබ Safari browser එකෙන් යන සෑම පිටුවකම Chache හා Cookies මේ වෙත Save වේ..


◆    Notes





Notes යනු ඔබ ඔබගේ උපකරණය මගින් ඔබට අවශ්‍ය කරන තොරතුරු ලියා හෝ වෙනත් තැන් මගින් අරන් Save කරගන්නා දත්ත නැවත කියවීමට / වෙනස් කිරීමට ඇති හැකියාවයි. නමුත් මෙම Save කරගන්න දත්ත iCloud වෙත Sync වීමට නම් අනිවාරෙන්ම xxxxxxxx@iCloud.com යන සම්පූර්ණ iCloud ID එකක් ඔබ සතු විය යුතුයි. එවිට උබ සෑම වෙලේම මෙම Note මත ලියන දත්ත iCloud වලට Upload වේ.


◆    Keychain





Keychain මගින් සිදුවන්නේ ඔබ ඔබගේ උපාංගය මගින් අන්තර්ජාලය හෝ අන්තර්ජාලය ආදාරයෙන් භාවිත කරන Apps වෙත ඔබ ඇතුලත් කරන රහස්‍ය කේත හා දත්ත Save කරගැනීමයි.. මෙම සේවාව නිසා හදිස්සියෙවත් ඔබ ඔබගේ iCloud ID එකෙන් වෙන ඔබගේ උපාංගයකට Log උවහොත් එහි ඔබ මෙතෙක් ඇතුලත් කරපු රහස්‍ය කේත හා දත්ත නැවත ඇතුලත් කිරීමට දෙයක් නැත..

උදා :- Facebook / Yahoo / Gmail

වැනි Apps වලට ඇතුලත් කරන දත්ත..


◆    Photos





මෙම සේවාම සක්‍රීය කර තිබුනහොත් ඔබ ඔබගේ උපාංගයට ඇතුලත් කරන Photos සහ Videos iCloud Savers වලට Backup වීම සිදුවේ. 


◆    Find My iPhone / iPad / iPod / iMac





මෙන්න මේක තමයි අපි හැමෝම දන්න iCloud lock එකට මුල් වෙන කාරනේ.. මේ සේවාව සක්‍රීය කරලා තිබ්බොත් අපිට පුළුවන් අපේ Apple Device එක අපිට Remote control හසුරවන්න.
අපි www.icloud.com වෙත ගිහින් අපේ ID දීලා Log උනාම අපිට පේනවා අපේ ID එකට iCloud log වෙලා තියෙන Devices list එක. අන්න ඒකක් Click කරාම අපිට් මෙන්න මෙහෙම Options 3ක් එනවා. මේ Options 3න ඔයාගේ Device එක සොරකම් කරපු කෙන හෝ නැති උන අවස්තාවක එය අහුලගත්ත කෙනා Internet data Traffic on කරපු සැනින් ක්‍රියාත්මක වෙනවා.

1. Play Sound :- මේකෙන් වෙනේ අපි ඒ තෝරගත්ත Device එක කොහේ තිබ්බත් එක දිගට නොනවත්වා ශබ්දයක් නිකුත් කිරීමයි. 

2. Lost Mode :- මෙන්න මේක තමයි ඔය කියන iCloud lock එක.. මේකෙන් වෙන්නේ අපගේ Devices කවුරු හරි හොරකම් කරහොත් හෝ නැති උවහොත් මෙම Lost Mode Option එක Click කරපු ගමන් ඔයාගේ iCloud ID එකෙන් ඒ Device එකට On screen massage හා Permenetly lock කරනවා. ආයි ඉතින් කොහොම කරත් ඔයා ඒ Device එක Registerd ID එකයි Password එකයි දුන්නොත් ඇරෙන්න ඔයාගේ Device එකට වෙන කාටවත් අතක් තියන්න බෑ.. Activation lock screen එකෙන් එහාට එන්නේ නෑ.. සමහරු නම් Bypass කරනවා මේ Activation screen එක. ඒ කොහොම කරත් ඔයාගේ පෞද්ගලික දත්ත වලට අත තියන්න බෑ.

3. Erase iPhone / iPad / iPod / iMac :- මේකෙන් වෙන්නේ ඔයාගේ Device එකේ තියෙන සියළුම දත්තයන් එක පාරින් මුළුමනින්ම මකා දමන්න. එතකොට Device එකේ තිබෙන ඔබගේ පෞද්ගලික දත්තයන් හා වෙනත් දත්ත පිලිබඳ කිසිදු බයක් නැත. සියල්ලම එක වර සම්පූර්නයෙන්ම මැකී යයි.


◆   Storage & Backup




Storage & Backup කියන්නේ ඔබගේ මේ සියළුම දත්තයන් එක වර iCloud වෙත Upload කිරීමයි. මේක ඉතාම අසීරු කාරනාවක්. මොකද ඉතිං මේකට වැයවෙන Internet data ප්‍රමානයත් වැඩී. අනික අපිට ඕනම iCloud account එකකට Free ලබාදෙන්නේ 5GB එතනින් එහාට මාසෙකට ගානක් ගෙවලා ගන්න පුලුවන් වෙනම Cloud storage plans තියෙනවා. ඒවා ගන්න අපිට කොහෙද වත්කම්. ඔයාට ඔයාගේ පරිඝණකයට මේ දත්ත Backup කරගන්න පුළුවන්නම් මේවා ඕන නෑ. Free දෙන 5GB ඇති එදිනෙදා හදිස්සියේ Upload කරන Backup වලට නම්.



◆    ◆    ◆    ඉතිං අවසානයේ කියන්න තියෙන්නෙ මේ iCloud කියන Service එක ගැන ගොඩක් අය දන්නවත් ඇති. මම මේ කාරනා ටික කිව්වේ Apple devices වලට අළුත් අයට හා මෙයින් යම් කිසි සේවාවක් පිළිබඳව පොඩි හරි නොදැනුවත් කමක් තිබ්බානම් මේ Post එකෙන් ඒක දුරු කරන්නයි.

එහෙනම් ආය ඔබ සියළුදෙනාට වැදගත් වෙන Post එකක් අරන් මම එන්නම්  ◆    ◆    ◆  


සුබ දවසක්.


Author..,

Senal Evans

Share this

Related Posts

Previous
Next Post »

1 comments:

Write comments