හැකියාවට රැකියාවක් - පොඩියට හම්බකරන්න කියාපු තැන

10:33 PM

ඔන්න එහෙනම් E-money post series එකේ දෙවැන්නත් අරන් ආවා..





අපි මුල ඉඳන් යමු. කලින් post එකේ පළවෙනි site එක හැටියට දාල තිබ්බේ Microworkers එක.

www.microworkers.com

01. Site එකට යන්න. ගිහින් 'Register for free' button එක click කරන්න. 


02. ඊළඟට එන application එක fill කරන්න. Optional කියලා තියන ඒවා දෙන්න අවශ්‍යම නෑ. කැමතිනම් විතරක් දෙන්න පුළුවන්. ඔයාට අදාළ Postal Code (Zip Code) එක මෙතනින් හොයාගන්න.



03. ඊටපස්සේ Email එකට එන mail එකෙන් account එක activate කරගන්න. 





04. දැන් අපි බලමු site එක ගැන.


           01. Jobs - අපිට කරන්න පුළුවන් වැඩ.

           02. HG Jobs - අපිට කරන්න කියලා invite කරලා තියන වැඩ. ( අපි හොඳ success rate එකක් පවත්වාගෙන යනකොට employersලා invite කරනවා එයාලගේ වැඩ කරලා දෙන්න කියලා

           03. Tasked I Finished - අපි කරපු වැඩ ගැන විස්තර තියෙන්නේ මෙතන. කීයක් කළාද, එතනින් කීයක් rate කරලද, කීයකට සල්ලි හම්බෙලාද, කීයක් reject වෙලාද කියන විස්තර...

           04. My Campaigns - අපි job එකක් දානවනම් දාන්න ඕනි මෙතනින්, දැම්මොත් ඒක ගැන සඳහන් වෙන්නේ මෙතන.

           05. Deposit - අපි job එකක් දානවනම් ගෙවන්න ඕනිනේ. සල්ලි අපේ account එකට deposit කරන්න පුළුවන් මෙතනින්.

           06. Withdraw - අපි job කරලා හම්බුනු සල්ලි ගන්නේ මෙතනින්. අවමය $9ක් තියෙන්න ඕනි ගන්න නම්. Paypal, Skrill (Moneybookers) හරහා සල්ලි ගන්න පුළුවන්.

           07. Account - ඔයාගේ account එක ගැන සම්පුර්ණ විස්තරයක් මෙතන තියනවා. Address, username වගේ...



05. දැන් බලමු අපි jobs ගැන.






         01. Job Name - Job එකේ title එක. මම අරන් තියන උදාහරණේ නම TrafficSwarm3d :Sign up + Screenshot. ඒ කියන්නේ ඒ site එකේ sign up වෙලා screenshot එකක් යවන්න ඕනි කියන එක.

         02. Payment - Worker කෙනෙක්ට කීයක් ගෙවනවද. අරන් තියන උදාහරණෙ නම් $0.11, ඒ කියන්නේ Rs. 14ක් වගේ මේ දවස්වල. (Ad එකක් click කරලා $0.001ක් ගන්නවට වැඩිය sign up වෙලා $0.11ක් ගන්න එක වාසි නැද්ද?)

         03. / 06.  Success %  / Done - දැනට job එකෙන් කොච්චර complete වෙලාද කියන එක.

         04. TTR - 'Time To Rate' කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. අපි job එක කරලා employer දවස් කීයකින් ඒක rate කරනවද කියන එක. උදාහරණෙට තියන job එකේ නම් දවසක් ඇතුලත employer බලල සල්ලි ගෙවනවා.

         05. TTF - මේකෙන් අදහස් වෙන්නේ 'Time To Finish' කියන එක. සාමාන්‍යයෙන් job එක කරන්න අපිට කොච්චර වෙලාවක් යයිද කියන එක. තෝරාගෙන තියෙන job එකේනම් employer කියන්නේ උපරිම විනාඩි 6ක් යයි කියලා.  



06. දැන් බලමු job එකක් තෝරාගෙන කරන විදිය. හරිම සරලයි. ඔයා පුළුවන් කියලා හිතෙන job එකක් click කරලා ඇතුලට යන්න. ගියහම මේ වගේ window එකක් එයි.


   description එකේ හැටියට මේකට $0.10ක් හම්බෙනවා. මිනිත්තු 3ක් වගේ තමයි යන්නේ වැඩේට. Employer අපේ වැඩ හරිද නැද්ද බලන්නේ දවස් 7ක් ඇතුලත. ඕනෑම country එකක කෙනෙක්ට කරන්න පුලුවන්.

  • What is expected from Workers? ඕක යටතේ තියන ඒවා හරියටම කියවන්න. තමන්ට පුළුවන්ද බලන්න. මේකේ නම් තියෙන්නේ FB Page එකකට like කරන්න. 

  • Required proof that task was finished? ඔය ඉල්ලන්නේ අපි job එක කරාට පස්සේ අපි හරියට කරාද බලන්න ඔප්පු කිරීමක්. මෙතන බොහෝදුරට ඉල්ලන්නේ username එක, sign up job එකක්නම් confirmation email එක, account එක activate උනාට පස්සේ යන මුල්ම link එක.Account එකට log උනාට පස්සේ screenshot එකක්..ඔන්න ඔය වගේ.
දැන් ඔයා job එක 'I accept this job' කියන එක click කරලා වැඩේ ඉවර වෙලා ඉල්ලන දේ දෙන්න. දීලා 'I confirm that I have completed this task' කියන එක click කරලා submit කරන්න.





Submit කරාට පස්සේ මේ වගේ message එකක් එයි.






07. ඔයා කරපු jobs ගැන බලමු. 







              ඔතන අළු පාට ලකුණ තියෙන්නේ තාම rate නොකරපු jobs. කොළ පාටට තියෙන්නේ rate කරලා සල්ලි ලැබුණු jobs. රතු පාටට තියෙන්නේ අපි වැරදියට කරපු jobs.


08. Success Rate එක හා Temporary Success Rate එක.




  • Success Rate එක කියන්නේ අපි කරපු jobs ගානත් ඒවායින් අපිට positive review ලැබුණු jobs ගානත් අතර අනුපාතය. Employer satisfy උනේ නැත්නම් අපිට හම්බෙන්නේ Not-Satisfied කියන review එක. වැඩ හරියටම කරන්න බලන්න. හොඳට කියවලා කරන්න. කලබලය නිසා තමයි මේකේ වැඩ වරද්දගන්නේ. (මමත් එහෙම තමයි ඔය 4ක් වරද්දගෙන තියෙන්නේ. :P ) මේක 75% ට වඩා වැඩියෙන් තියෙන්න ඕනි jobs කරන්න නම්..

  •  Temporary Success Rate කියන්නේ අපිට දවසට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය කිව්වොත් නිවැරදියි. මේක අපි වැඩ කරද්දී temporary එක පහල යනවා. ආයේ අපි කරලා තියන jobs rate කලහම ඒක වැඩි වෙනවා. 



ඉතින් ජය වේවා! පටන් අරගෙන කරගෙන යන්න. ප්‍රශ්න තියනවනම් අහන්න. internet bill එක cover කරගන්න පුළුවන් වෙයි හොඳට කරොත්...

ඔයාට තේරෙනවනේ මේකේ ගොඩක් තියෙන්නේ sign up, forum posts, email submit, fb shares/likes වගේ ඒවා.. ඉතින් email accounts ගොඩක්, Facebook accounts ගොඩක් තියාගත්තා කියලා පාඩුවක් එහෙම වෙන් නෑ හොඳේ! ;)               



Share this

Related Posts

Previous
Next Post »

2 comments

Write comments