Intel සමාගම Core(TM) i ෆැමිලි එක අවසන් කරන්න සැරසෙයි! Core ෆැමිලි එක ගැන මුල සිට දැනගමු!

12:59 PM


Intel සමගම කියන්නේ අද ප්‍රොසෙසර ලොවේ දැවැන්තම සමාගම... intel සමගම සමග කරට කර අද ඉන්නේ amd සමාගම.. ඉතින් දැන් අපි කතාකරන්නේ amd ගැන නෙවේ..

intel සමාගමේ අලුත් වැඩපිළිවෙල ගැන නිච්චියක් නැතුව හතර අතේ පටලොගත්තු උදවියට පොඩි උදව්වක් කරන්නයි මේ හදන්නේ!!
intel සමාගමේ පළමු ජනාදරයට පත් අතිසාර්ථකම ප්‍රොසෙසරය වුනේ 2000 වසරේ නිකුත් වූ pentium 4 ප්‍රොසෙසරය... මේක කියල පටන්ගත්තේ සමහරු දන්නැති...එත් දැන් අහුවමනම් හිනාවෙන අතිතයකුත් තිබුන නිසා..

මොකද්ද එතකොට කෝර් කියන්නේ??

ලොව පළමු ඩුවල් කෝර් ප්‍රොසෙසරය වුනේ pentium D... කෝර් කියන්නේ ප්‍රොසෙසරයක අන්තර්ගතයට.. එකියන්නේ ප්‍රොසෙසර 2ක් තනි සිලිකන් චිපයක් මත පිහිටවුවොත් ඩුවල් කෝර් ප්‍රොසෙසරයක් කියල කියන්න පුළුවන්!
මේ D ප්‍රොසෙසර් එකේ pentium 4 HT කෝර් 2ක් අඩංගු වුණා!
කෝර් 4ක් තියේ නම් ඒක quad core(ක්වඩ් කෝර්) ප්‍රොසෙසරයක් කියල කියනවා!
කෝර් 6ක් නම් hexa core(හෙක්සා කෝර්) කියල කියනවා..
කෝර් 8ක් නම් octa core(ඔක්ටා කෝර්) කියල කියනවා!
දැනට කෝර් 10,කෝර් 14ක්, කෝර් 32ක් ලෙසද ප්‍රොසෙසර නිපදවා තිබෙනවා..
Xeon E7 (Workstation server processor) - 14 Cores
Core(TM) i 7 extreme edition - 10 Cores/20threads(HT)

එතකොට මොකද්ද මේ HT(Hyper Threading) තාක්ෂණය??

HT කියන්නේ intel සමගම හදුන්වාදුන් Hyper Threading කියන තාක්ෂනය! මේ hyper threading තාක්ෂනය යටතේ එක ප්‍රොසෙසර කෝර් එකක් ප්‍රොසෙසර 2ක් ලෙස ක්‍රියා කරවා thread 2ක් හසුරවන්න පුළුවන්! thread කියන්නේ task ekakata.. ඒකියන්නෙ වැඩ කළ හැකි පරිසර තත්ත්ව 2ක් එක කෝර් එකක් තුළ නිර්මාණය' කරන ඒකට! එතකොට single core ප්‍රොසෙසරයක් උනත් HT තාක්ෂණයට අනුගත නම් එය ප්‍රොසෙසර 2ක් ලෙස මෙහෙයුම් පද්ධතිය මගින් හදුනාගන්නව! මේ අනුව එම ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාවයෙන් 30%ක අමතරව ලබා ගත හැකි බව තමයි intel පර්යේෂකයන් කියන්නේ! නමුත් HT තිබු පමණින් එහි සැබවින්ම සත්‍ය කෝර් 2ක් නැහැ!

මේ HT තාක්ෂණය සහිතව සහ රහිතව intel සමගම අදටත් ප්‍රොසෙසර නිපදවනවා!
intel සමාගමේ නවතම නිපැයුමක් වන Core(TM) i 3 ප්‍රොසෙසරයත් අයත් වෙන්නේ ඩුවල් කෝර් ගණයටයි! නමුත් ඔවුන්ගේම සාමාන්‍ය Pentium Dual Core ප්රෝසේසරයට වඩා මෙම i3 හි ඇති වෙනස වන්නේ i3 හට පෙර කී HT තාක්ෂණය එක් කර තිබීම නිසා i3 හි කෝර් 2ක එක් කෝර් එකකට thread 2 බැගින්...threads 4ක් ලෙස ක්‍රියා කිරීමයි!

Core(TM) i 5 ප්‍රොසෙසරයද 1,2 පරම්පරාවේදි(1st Gen, 2nd Gen) පැමිණියේ ඩුවල් කෝර් සහ ක්වඩ් කෝර් ලෙසිනි! ඩුවල් කෝර් වුවද HT තාක්ෂණය සමග මුසුකොට තිබිණි!
නමුත් 3,4,5 පරම්පරාවේදී(3,4,5th Gen) i5 ප්‍රොසෙසර කෝර් 4කින් ක්වඩ් කෝර් ලෙස පමණක් පැමිණි අතර HT තාක්ෂණය නොමැතිව(4 Cores/4 Threads) සහ HT සහිතව (4 Cores/8 Threads) ලෙස සංස්කරණ 2ක් පැමිණියේය!
Core(TM) i 7 ප්‍රොසෙසරයද කෝර් 4,6,8,10 ලෙස දැනට එක එක පරම්පරා යටතේ පැමිණ ඇති අතර එහිද HT තාක්ෂණය සහිත සහ රහිත ලෙස සංස්කරණ කිහිපයක් පැමිණ තිබේ!

Pnetium Dual Core,Core(TM) 2 Duo/Core(TM) 2 Quad/Core(TM) 2 Extreme ප්‍රොසෙසර් හොද නැතිද? i3,i5,i7 විතරද හොද???

හොදයි... Pentium Dual Core,Core(TM) 2 Duo/Core(TM) 2 Quad/Core(TM) 2 Extreme ප්‍රොසෙසර කියන්නේ intel සමාගමේ Core(TM) i කියන ප්‍රොසෙසර එන්න කලින් LGA 775 කියන සොකට් ඒකට ආපු ප්‍රොසෙසර කිහිපයක්! එම ප්‍රොසෙසර පවුල intel core පවුල ලෙස හැදින්වුවා!
ඩුවල් කෝර් කාණ්ඩය යටතේ Pnetium Dual Core සහ Core(TM) 2 Duo ප්‍රොසෙසර 2ත්..
ක්වඩ් කෝර් කාණ්ඩය යටතේ Core(TM) 2 Quad/Core(TM) 2 Extreme ප්‍රොසෙසර 2ත් පැමිණියා! මේ කිසිම ප්‍රොසෙසරයක HT තාක්ෂණය තිබුනේ නැ! හැබැයි මේවගේ පර්ෆෝමන්ස් තරමක් දුරට ඉතා හොද තත්වයක තිබුණු නිසා එය අඩුපාඩුවක් උනේ නෑ! අදටත් මේ ප්‍රොසෙසර පාවිච්චි කරන අය ඕනි තරම්...නමුත් මේ ප්‍රොසෙසර පවුලේ ව්දුලි පිරිමැස්ම ගැන නම් සැහීමකට පත්වෙන්න බෑ...එය කැපී පෙනෙන අඩුපාඩුවක් වේගෙන එනකොට intel සමගම ඒවනවිටත් ඔවුන්ගේ අලුත්ම පවුල ගැන පර්යේෂණ කරමින් හිටියේ.. ඒ තමා අඩු විදුලියකින් වැඩිම කාර්යක්ෂමතාවක් දෙන්න ඕන කියන අවශ්‍යතාවය මත නිමවුණු intel Core(TM) i අලුත්ම ප්‍රොසෙසර පවුල!


මොකද්ද core(TM) 2 Extreme, core(TM) i 7 Black edition/Extreme edition කියන්නේ???

Extreme editions කියන්නේ උපරිම සංස්කරණය කියන එකටයි! intel සමාගම ඔවුන්ගේ හැම ප්‍රොසෙසර පවුලකම කැපී පෙනෙන උපරිම සංස්කරණයක් නිපදවනවා! මේක ටිකක් මිලෙන් වැඩි වගේම සිමා සහිත(Limited) සංස්කරණයක්! මේකේ විශේෂත්වය තමා ගොඩක් පහසුකම්(features) වැඩි! එකියන්නේ Cores/Threads වැඩි සාමාන්‍ය සංස්කරණයට වඩා! Multipiler එක වැඩි!
මේ තියෙන්නේ Pentium 4 HT සිට Core(TM) i 7 Black edition දක්වා Extreme editions!







එතකොට ඔය කියන i3,i5,i7 ප්‍රොසෙසර වල 1st Gen,2nd Gen,....6th gen කියල එන්නේ ඇයි?

ඔව්... intel සමාගම ඔවුන්ගේ Core(TM) i 3, Core(TM) i 5, Core(TM) i 7 ප්‍රොසෙසර 3ම නිකුත් කලේ එක්වරම! ඒ යම් යම් විශේෂාංග එක් කරමින්! මෙම ප්‍රොසෙසර් 3හි පර්ෆෝමන්ස්(කාර්යක්ෂමතාව) එකින් ඒකට වෙනස් උනා! intel සමාගම ඔවුන්ගේ ප්‍රොසෙසර ව්‍යාපෘති වලට ලබාදුන් කේත නාම/මොඩෙල් අංක එක්ක පරම්පරාව හදුනාගන්න පහසුයි!
මෙසේ පරම්පරා ආකාරයට ප්‍රොසෙසර දියුණු කිරීමෙන් අලුත් ප්‍රොසෙසර ව්‍යාපෘතියකින් ලබා ගන්නවට වඩා ප්‍රතිපල ලබාගන්නට හැකි බව ඕනෑම කෙනෙකුට පේනවා! ඉදිරියට කියවගෙන යන්නකො!

ඒවගේම intel core i පවුලේ ප්‍රොසෙසර සමග GPU නොහොත් VGA එක එකද අඩංගු කර නිකුත් කිරීමට intel සමගම කටයුතු කර තිබෙනවා! මෙතෙක් onboard ලෙස පැමිණි GPU එක මෙතැන් සිට එන්නේ මවුපුවරුවේ නොව ප්‍රොසෙසරය තුලමය! එනම් onchip ය! මෙම GPU එක intel HD Graphics ලෙස හදුන්වා දි තිබෙනවා! පරිභාහිරව VGA එකක් මිළදී නොගෙන,පර්ශිලකයාට සාමාන්‍ය 3D කටයුතු වේගයෙන් කරගැනීමට මෙය උදව්වක්!

පළමු පරම්පරාව : (Nehalem,Westmere microarchitecture)


පළමු පරම්පරාවේ ලෝගෝ(LOGO) එක

බලන්න ඔවුන්ගේ පළමු පරම්පරාවේ(1st Gen) i3,i5,i7 ප්‍රොසෙසර අතර වෙනස පහතින්..

පළමු පරම්පරාවේ Core i 5 ප්‍රොසෙසර කෝර් හා ත්‍රෙඩ් ගණන අනුව සංස්කරණ 2ක් පැමිණ ඇති බව ඉහත රුපයෙන් පැහැදිලිය!

පළමු පරම්පරාවේ ප්‍රොසෙසර වල කේත නාමය Nehalem! මේ කේත නමය තමයි ප්‍රොසෙසරය නිමවීමට යොදාගත් ආකෘතියේ නම!
ඔබ ඔබේ core i ප්‍රොසෙසරයේ පරම්පරාව දන්නේ නැත්නම්,
පළමු පරම්පරාවේ Core i ප්‍රොසෙසර හදුනාගැනීමට තිබෙන ලේසිම ක්‍රමය තමයි එහි මොඩෙල් අංකය'.. මොඩෙල් අංකය කියන්නේ ප්‍රොසෙසරහි නමට දකුණු පසින් ඇති අංකය! මේ අංකය 1000ට වඩා අඩුනම් එම ප්‍රොසෙසරය පළමු පරම්පරාවේ(1st gen) එකක්!
3න් පටන් ගන්නේ නම් තෙවන පරම්පරවේද,
4න් පටන්ගන්නේ නම් හතරවන පරප්මරවේද,
5න් සහ 6න් පටන්ගන්නේ නම් පිලිවෙලින් 5ස් වන සහ 6වන පරම්පරවේද වේ!

[මේ ආකාරයට පරම්පරාව සැලකිය හැක්කේ core i ශ්‍රේණියේ පමණක් බව සලකන්න]
වඩාත් නිරවද්යම විදිය තමයි ඔබේ ප්‍රොසෙසර මොඩෙල් අංකය සර්ච් කල්ලම නිවැරදි පරම්පරාව සොයා ගැනීම!

පළමු පරම්පරාවේ ප්‍රොසෙසර සොකට් LGA 1156 (H1) (intel 5 series chipset-P55)ට සරිලන ලෙස නිමවා ඇති අතර නිමැවුම i3,i5 හි 32nm වන අතර i7 හි 45nm වේ! (nm යනු nanometer ය... nanometer ප්‍රමාණය ආවම වන තරමට චිපය කුඩා වේ! එවිට ප්‍රොසෙසරයේ විදුලි පිරිමැස්ම වැඩිය) මෙම පළමු පරම්පරාවේ ප්‍රොසෙසර සමග intel HD Graphics GPU එකෙහි පළමු සංස්කරණය නිකුත් කෙරිණි!

**මෙම පරම්පරාවේ කටයුතු වැඩි දියුණු කොට 32nm චිපය සහිතව Pentium Dual Core 2n gen,Celeron 2nd generation ලෙස ඩුවල් කෝර් ප්‍රොසෙසර වලද දෙවන පරම්පරාව නිපදවන ලදී!
නිකුත් වූ ප්‍රොසෙසර :
Core i 3,5,7 previous generation
Pentium B9xx (Dual Core 2nd gen processor with Intel HD Graphics)
Celeron B8xx 2nd gen processor with Intel HD Graphics

දෙවන පරම්පරාව (Sandy-Bridge microarchitecture) :

දෙවන පරම්පරාවේ ලෝගෝ වෙනස් වී ඇති අයුරු!

දෙවන පරම්පරාවේ ප්‍රොසෙසර Sandy Bridge නම් ආකෘතිය යටතේ තවත් වැඩිදියුණු කර ඇති අතර මෙහිදී LGA 1155 (H2)නම් වූ වෙනස් සොකට් එකක් භාවිත කර ඇත..මේ නිසා පළමු පරම්පරාවේ ප්‍රොසෙසර් ගත්ත අයට දෙවන පරම්පරාවට අප්ග්‍රේඩ් වන්ට නම්  LGA 1155 සොකට් එක ඇති mother-board එකක් ගන්නම වෙනවා!
LGA 1155 ආවේ intel 6,7 series චිප්සෙට් සහිත මදර්බෝඩ්  සදහායි! (H61,H71...)
ඒ එක්කම දෙවන පරම්පරාවේ සියලුම ප්‍රොසෙසර චිප 32nm ලෙස නිපදවා තිබෙනවා!
එසේම මෙම දෙවන ප්‍රොසෙසර සදහා නවතම intel HD Graphics 2000-3000 GPU එකක් ඇතුලත් කර තිබෙනවා! මෙම GPU එක පළමු පරම්පරාවේ GPU ඒකෙහි නව සංස්කරණයක්!

දෙවන පරම්පරාවේ i3,i5,i7 ප්‍රොසෙසර සංසන්දනය

දෙවන පරම්පරාවේ ප්‍රොසෙසර වල මොඩෙල් අංක 2000 ත් 3000 ත් අතර වේ!
නිකුත් වූ ප්‍රොසෙසර :
Core i 3 2xxx
Core i 5 2xxx
Core i 7 2xxx
Pentium G6xx [2nd gen pentium dual core]
Celeron [2nd gen celeron dual core]

තෙවන පරම්පරාව (Ivy-Bridge microarchitecture) :


දෙවන පරම්පරාවේ ප්‍රොසෙසර වල ලෝගෝ එක තෙවන පරම්පරාවේදීද වෙනසක් වී නැත!

ලෝගෝ එක මෙන්ම ප්‍රොසෙසරද වැඩි වෙනසක් වී නැත! දෙවන පරම්පරාවේ ප්රෝසේසරම 22nm චිප සහිතව මෙහිදී ඉදිරිපත් කර තිබේ! එනම් දෙවන පරම්පරාවට වඩා චිප් තවත් කුඩා වී ඇත! මේ නිසා දෙවන පරම්පරාවට වඩා වැඩියෙන් විදුලිය පිරිමසි!
ප්‍රොසෙසරයට සරිලන සොකට්ටුව පෙර මෙන්ම සොකට් LGA 1155 (H2) ය! මේ නිසා දෙවන පරම්පරාවේ ප්‍රොසෙසර සහ intel 6,7 series chipset මවුපුවරු තිබෙන අයට කිසිදු ගැටලුවකින් තොරව තෙවන පරම්පරාවේ ප්‍රොසෙසරයක් අප්ග්‍රේඩ් කළ හැක!
GPU එක intel HD Graphics 4000 නම් වූ නවතම සංස්කරණයක් ප්‍රොසෙසරය සමග පැමිණේ!
නිකුත් වූ ප්‍රොසෙසර :
Core i 3 3xxx
Core i 5 3xxx
Core i 7 3xxx
Pentium G2xxx 3rd gen
Celeron 3rd gen

හතරවන පරම්පරාව (Haswell microarchitecture) :

දෙවන හා තෙවන පරම්පරාවලින් සහමුලින්ම වෙනස් වූ ලෝගෝ එකක් හතරවන පරම්පරාවේ යොදාගෙන ඇත.

තෙවන පරම්පරාව සමග පැමිණි 22nm චිපයෙහි  ප්‍රමාණයම හතරවැනි පරම්පරාවේ චිපයටත් යොදාගෙන ඇත! චිපයෙහි ප්‍රමාණය 22nm වුවද මෙය තෙවන පරම්පරාවෙන් බොහෝ වෙනස්කම් සහිතව පැමිණි පරම්පරාවකි!
වෙනස්කම් සියල්ල intel අඩවියේ ඇති වීඩියෝ එකෙන් සවිස්තරව නරඹන්න!
ලින්කුව : http://www.intel.com/content/www/us/en/processors/core/4th-gen-core-vs-3rd-gen-core-whats-changed-video.html

මෙම හතරවන පරම්පරාවේදි ප්‍රොසෙසරයට සරිලන සොකට් එක සොකට් LGA 1150 (H3) නම් වූ නව සොකට් එකකි! එනම් මේ සොකට් එක පැමිණෙන්නේ intel 8/9 chipset series (H81,B85,Z87,Z97..) මවුපුවරු වලට පමණි! එනම් කොටින්ම තෙවන/දෙවන පරම්පරාවේ ප්‍රොසෙසර සහ intel 6,7 chipset සහිත මවුපුවරු වලට හතරවන පරම්පරාවේ ප්‍රොසෙසර අප්ග්‍රේඩ් කළ නොහැක!!!!!
මේ ප්‍රොසෙසරය සමග Intel HD Graphics 4600 GPU එක පැමිණේ!! එය තෙවන පරම්පරාවේ GPU ඒකට වඩා කාර්යක්ෂමය!
නිකුත් වූ ප්‍රොසෙසර :
Core i 7 4xxx
Core i 5 4xxx
Core i 7 4xxx
Pentium G3xxx 4th gen
Celeron 4th gen

පස්වන පරම්පරාව (Broadwell microarchitecture) :


පස්වන පරම්පරාවේදි ලෝගෝ එකෙහි වෙනසක් වී නැත. (ලෝගෝ එකෙහි වෙනසක් නැතිවීමට හේතුව හතරවන පරම්පරාවෙන් මෙම පස්වන පරම්පරාවේ ප්‍රොසෙසර වැඩි වෙනසක් දක්වා නැති වීම බව දැන් පැහැදිලිය) 2,3 පරම්පරාවේ මෙන්ම 4,5 පරම්පරාවේ ප්‍රොසෙසර එකම ආකාරයක් ගෙන ඇති නමුත් චිපයේ ප්‍රමාණය පමණක් වෙනස් වී ඇත.

එනම් පස්වන පරම්පරාවේ ප්‍රොසෙසර නිපදවා ඇත්තේ නනොමිටර 14 චිපයෙනි! (14nm)
චිප තවත් කුඩා වී ඇති අතර ප්‍රොසෙසර වල memory bandwith වැඩි දියුණු කර ඇත! නවීන instruction sets සදහා සහය දක්වයි! හතරවැනි පරම්පරාවට වඩා වැඩියෙන් විදුලි බලය ඉතිරි කරයි!
මෙම ප්‍රොසෙසරද නිමවා ඇත්තේ LGA 1150 (H3) සොකට්ටුව සදහා බැවින් intel 8,9 chipset සහිත හතරවන පරම්පරාවේ ප්‍රොසෙසර තිබු අයටද මෙම පස්වන පරම්පරාව සදහා මවුපුවරුව වෙනස් නොකර අප්ග්‍රේඩ් විය හැක!
නිකුත් වී ඇති ප්‍රොසෙසර :
Core i 3 5xxx
Core i 5 5xxx
Core i 7 5xxx
Pentium G4xxx 5th gen
Celeron 5th gen


සයවන පරම්පරාව (Skylake microarchitecture) :


6වන පරම්පරාවේ දීද ලෝගෝ එක වෙනස් වී නොමැත! හතරවන සහ පස්වන පරම්පරාවේ ලෝගෝ එකම යොදාගෙන ඇත!


intel සමගම පවසන්නේ මෙය ඔවුන්ගේ core i ප්‍රොසෙසර පවුලේ අවසාන කඩයිම බවයි! එනම් බොහෝ විට මෙය මෙම ප්‍රොසෙසර පවුලේ අවසන් පරම්පරාව වීමට ඉඩ තිබෙනවා! නමුත් intel සමගම Kaby Lake නමින් මෙම Skylake ප්‍රොසෙසර වලම තවත් සංස්කරණයක් 2016දි එලි දක්වන බවට තොරතුරුද තිබෙනවා! එහිද චිපයෙහි nanometer ගණන පමණක් වෙනස් කෙරෙනු ඇති!
මෙම සයවන පරම්පරාවේ ප්‍රොසෙසර වල චිපය නිමවා ඇත්තේ 10nm ලෙස අතිශයින් කුඩාවටයි! නනොමිටර 10 නිසා මෙම ප්‍රොසෙසර සියල්ල විදුලිය උපරිමෙන් පිරිමසින් අතර නිපදවෙන උෂ්ණත්වය ඉතාම අඩුය! මේ නිසා turbo boost තාක්ෂණයට අමතරව මෙම skylake ප්‍රොසෙසර වල multiplier එක unlock කර පැමිණේ. මෙම ප්‍රොසෙසර සහිත box එකෙහි unlocked ලෙස සදහන් වන්නේ එබැවිනි!

multiplier එක unlock කර පැමිණීම නිසා පරිශීලකයාට ඉතා වැඩි clock speed එකකට මෙම ප්‍රොසෙසර overclock කළ හැක! එයින් ප්‍රොසෙසරයට හානියක් නැත!

කණගාටුවට කරුණ වනුයේ මෙම ප්‍රොසෙසර සදහා අලුත්ම සොකට් LGA 1151 සකසා තිබීමයි! එනම් මෙම 6වන පරම්පරාවේ ප්‍රොසෙසර සදහා intel හි නවතම chipset එක වන intel 100 series chipset සහිත මවුපුවරුවක් මිලදී ගැනීමට සිදුවේ! (Z170...)
එනම් LGA 1151 සොකට් එක සහිත මවුපුවරුවක් අනිවාර්ය වේ!!!

ඉතින් Intel Core(TM) i පවුල පරම්පරා ගණනාවක් පහුකරන් ඇවිත් මෙතනින් බොහෝවිට සදහටම නවතීවි! එහෙමත් නැත්තන් තවත් එක් පරම්පරාවක් පමණක් Kaby Lake microarchitecture එක ඇතිව ඒවි!
ඒ කොහොම උනත් තවත් සුපිරිම ප්‍රොසෙසර පවුලක් එක්ක අපිට කවදත් සුපිරිම දේ ගෙනාපු Intel සමාගම, අපි හමුවට එනවට සැකයක් නෑ! ඒ අපු ගමන් Tech Lokaya අපි ඔබව දැනුවත් කරන්නට සූදානම්!

මිට අමතරව intel සමාගම ඔවුන්ගේ මීලග ප්‍රොසෙසර පවුලෙහි ආකෘතිය CannonLake microarchitecture ලෙස දැනටමත් නම් කර තිබෙනවා! නමුත් පසුව වෙනස් කිරීමට ඉඩ තිබෙනවා!

*Intel,Intel Logo,Intel inside Logo,Celeron,Pentium,Core are the registered trademarks of the Intel Corp.

Share this

Related Posts

Previous
Next Post »