Showing posts with label Games. Show all posts
Showing posts with label Games. Show all posts

GTA V එකේ දැරිවියට සාරියක් අන්දමුද?? GTA V මොඩ් කරමු!!!

9:17 AM 1 Comment


Rockstar සමාගමේ Grand Theft Auto ගේම් මාලාවේ අලුත්ම භාණ්ඩේ තමයි GTA V.
මේ ගේම් එකේ PC වර්ශන් එක රිලීස් වෙන්ඩ ටිකක් පරක්කු උනත් PC වර්ශන් ඒකට විතරක් ලැබෙන වාසි රැසක් තියෙනවා!
ඒ තමයි අපිට මේ PC වර්ශන් එක මොඩ් කරන්න පුළුවන්! ඉතින් දැනටමත් GTA V ප්ලේ කරන,කරපු අය ඉන්නවනම්, මෙන්න ගේම් එක ටිකක් ඔයාට ඕන විදියට හදාගන්න අවස්ථාවක්!
මේ ගේම් එක සල්ලි දීල ගත්ත අයටත්, හොර පාරෙන් crack එකක් දාපු pirated කස්ටියටත් (අපේ ගොයියො ඉතින් මෙහෙමනෙ) මොඩ් කරන්ට පුළුවන්!!




****හැබැයි ඔන්න නොකිව්වයි කියන්නෙපා මෙහෙම මොඩ් කලාට පස්සේ GTA online ප්ලේ කරන්න  බැහැ!!! ඔයාව baan වෙනව!! GTA story mode(offline) ප්ලේ කරන්න විතරයි හැකි වෙන්නේ!
****ඒවගේම මේක කරන්ට ගිහින් ඔයා වරද්දගත්තොත් game එක reinstall කරන්න ඕන තැනට වැඩ සිද්ද වෙයි! ඒනිසා මට ඔයාගේ ගේම් එක ගැන වගකියන්න බෑ! මේක හරියටම කලොත් ගොඩ! එතරම් අමාරු නැහැ! හැබැයි වරද්දගෙන ඔයා මට ඇගිල්ල දික් කරනවානම් මට කරන්න දෙයකුත් නැහැ!




එහෙනම් මොඩ් කරන්න අවශ්‍ය මුලික පරිසරය හදන්න පටන්ගමු! 

මොඩ් කරන්න කලින් අපිට ඕන කරන සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා! එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන! ඒවගේම ඒ සොෆ්ට්වෙයාර් එක සෙටප් කරගන්න විනාඩි කිහිපයකට අන්තර්ජාල සම්බන්ධය ඕන වෙනවා!
අපිට ඕන කරන සොෆ්ට්වෙයාර් එක තමයි OpenIV කියන සොෆ්ට්වෙයාර් එක! මේකෙන් කරන්නේ ගේම් එක ඇතුලෙ තියෙන rpf කියන ෆෝමැට් එකෙන් තියෙන library ෆයිල්ස් open කල්ල දෙන එක! එතකොට අපිට ලේසියෙන්ම ඒ library ෆයිල් ඇතුලෙ තියෙන දේවල් වෙනස් කරන්න පුළුවන්! OpenIV සොෆ්ට්වෙයාර් එකෙන් GTA V, GTA IV,Maxpayne වගේ rokstar ගේම්ස් edit කරන්න පුළුවන්!



i. OpenIV සොෆ්ට්වෙයාර් එක බාගන්න link එක : https://www.gta5-mods.com/tools/openiv/download  (17mb පමණ ෆයිල් එකක් මෙම සෙටප් එක මගින් online download වේ)

ii. දැන් සොෆ්ට්වෙයාර් එක open කරගන්න! මෙතනින් GTA V , windows කියන ඔප්ෂන් එක click කරන්න! ඊට පස්සේ එන window එකෙන් ඔයාගේ GTA V ගේම් එක install කල්ල තියෙන ලොකේෂන් එක සිලෙක්ට් කරන්න!


iii. ගේම් එකේ ලොකේෂන් එකත් දීල ඉවර උනාට පස්සේ ගේම් එකේ ෆයිල්ස් ටික මේ විදියට පෙන්වයි!!


iv. දැන් මේ window එකේ උඩම තියෙන toolbar එකේ Tools>ASI Manager කියන ඔප්ෂන් ඒකට යන්න! එතන ASI Loader,open IV කියන plugin 2ක් පෙන්නයි! ඒ ප්ලගින් දෙකම install කරගන්න! ඒ දෙකම online install වෙයි! කිලෝ බයිට් ගණනක ඉතා කුඩා data ප්‍රමාණයක් වැයවෙයි! ඒ ප්ලගින් install උනානම් මේවගේ දැක්වෙයි!


v. හරි දැන් GTA V mod කරගන්න අවශ්‍ය මුලික පරිසරය අපි හදාගෙන ඉවරයි! OpenIV සොෆ්ට්වෙයාර් එක close නොකර දැන් ඉහත වින්ඩෝ එක විතරක් close කරන්න!


**උඩ තිබුන සේරම උපදෙස් හරියාකාරව කරගත්ත නම් විතරක් ඉස්සරහට යන්න! ඒ උපදෙස් පැහැදිලි නැති බවක් දැනෙනවානම් ඉදිරියට යාමෙන් වලකින එක හොදයි!




1. Story Mode ලෝඩින් ස්ක්‍රීන් එකේ බිකිනි එකක් ඇඳන් ඉන්න ගෑල්ලමයට සාරියක් අන්දන ආකාරය :


ගොඩක් GTA V ප්ලේ කරපු අයට තියෙන ප්‍රශ්ණයක් තමයි ගේම් එක ලෝඩ් වෙන්න පටන්ගත් හැටියේම බිකිනි එකක් ඇදගත්තු දැරිවියක් පෙනී හිටින එක! මේ නිසා PC එක ගෙදර සාලේ එහෙම තියන් ඉන්න අයට GTA V ප්ලේ කිරීම කෙසේවෙතත් ලෝඩ් කරන්නවත් හැකියාව අඩුයි! මේ නිසා Ryhan කියන බංග්ලාදේශ ජාතිකයෙක් මේ ප්‍රශ්නයට පිළිතුරක් හොයාගත්ත! ඒතමයි පොඩි මොඩ් පාරකින් ඒ ළමයට සාරියක් අන්දවන එක! මෙන්න කරන හැටි පියවරෙන් පියවර සරලවම!!



i. මේ link එකෙන් සාරිය ඇදගත්තු ගනු ළමයාගේ png පින්තුරය සහිත rar ෆයිල් එක බාගන්න :

ii. දැන් ඉහත බාගත්ත ෆයිල් එක තාවකාලිකව ඩෙස්ක්ටොප් ඒකට extract කරගන්න! (use Winrar).   extract උනාට පස්සේ beach_fg නමින් png ෆයිල් එකක් ලැබෙයි! ඒක තමයි අපි ගේම් ඒකට replace කරන්න ඕන! (තව text file එකකුත් ලැබෙයි! text file එකේ තියෙන්නේ install කරන විදිහ! දැන් මන් එක සවිස්තරව කියල දෙන නිසා ඒ text file එකෙන් වැඩක් නෑ!)

iii. දැන් OpenIV සොෆ්ට්වෙයාර් එක open කරල GTA V-windows කියන එක click කරල ඔයාගේ GTA V ෆයිල් ෆෝල්ඩර් එක ලබා ගන්න ! දැනටමත් open කරල තියෙයි නම්  පහත ස්ක්රින්ශෝට් එකේ විදියට File/Edit Mode කියන එක click කරන්න! (GTA V එකේ rpf ෆෝමැට් එකෙන් තියෙන ෆයිල් edit කරන්න පුළුවන් මේ මොඩ් එකේ විතරයි)


iv. හරි edit mode එනේබල් කලා නම් දැන් ඔය තියෙන ෆයිල්/ෆෝල්ඩර් ගොඩෙන් මන් මේ කියන path ඒකට යන්න!
"\update\update.rpf\x64\data\cdimages\"
(ඩබල් click කල්ල folder,rpf ෆයිල්ස් open කරගනන් ඔයාට පුළුවන්).


v. මෙතන ඔයාට පෙනෙයි rpf ෆයිල්ස් කීපයක්! අපිට අවශ්‍ය එක "scaleform_frontend.rpf" කියන එක! ඒක open කරන්න!

vi. එකත් open උනාට පස්සේ හම්බවෙයි "loadingscreen_startup.ytd" කියල ෆයිල් එකක්! එකත් ඩබල් click කල්ල open කලාම  png viewer එකක් open වෙයි!  එකේ තියෙන දෙවැනි ඔප්ෂන් එක click කරන්න පහල තියෙන ස්ක්රින්ශෝට් එකේ විදියට!
(මන් දැනට edit කල්ල තියෙන නිසා සාරිය ඇදගෙන ඉන්න එක්කෙනාමයි පෙන්වන්නේ මෙතන.. ඔයාගේ bikini එකකින් සැරසුණු එක්කෙනා පෙන්වාවි)



vii. ඔයාට bikini එක ඇදගත්තු ගැහැණු ළමයාගේ පින්තුරයම පසුව දාගන්න හිතුනොත් දැනට තියෙන පින්තුරය ඔය window එකේ තියෙන EXPORT SELECTED කියන ඔප්ෂන් එක මගින් backup කරගන්න පුළුවන්!
දැන් පහළ ස්ක්රින්ශෝට් එකේ විදියට replace කියන එක click කරල, ඔයා ii වෙනි ස්ටෙප් එකේදී download කරලා extract කරපු සාරිය ඇඳපු ගැහැණු ළමයාගේ beach_fg කියන png ෆයිල් එක සිලෙක්ට් කරගන්න! එක සිලෙක්ට් කරලා open දෙන්න! දැන් ඔයාට සාරිය ඇදපු ගැහැණු ළමයාගේ රුපය ඉහත පරිදි දැකගන්න පුළුවන්!


viii. දැන් මේ උඩින් තියෙන window එකයි OpenIV සොෆ්ට්වෙයාර් එකයි දෙකම close කරලා දාන්න! save කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ මොකද මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපි කරන දේවල් auto save වෙන නිසා! හරි දැන් වැඩේ ඉවරයි! දැන් GTA V සාමාන්‍ය විදියට ප්ලේ කල්ල බලන්න!




OpenIV සොෆ්ට්වෙයාර් එක delete කරන්නෙපා! මොකද ඉස්සරහට ඕන වෙනවා අනිවාර්යෙන්ම!
GTA V ඒකට ලම්බෝගිනි අවෙන්ටේඩර් LP400-4 (Lamborghini Aventador LP400-4) මෝටර් රථය මොඩ් එකක් මගින් add කරන විදියත් සමග Graphics මොඩ් සහ තවත් මොඩ් රැසක් add කරන විදිහ තේරෙන සිංහලෙන්ම නුදුරු අනාගතයේ අපගේ වෙබ් අඩවිය තුලින් බලාපොරොත්තු වන්න!

softwares and resources source : GTA5mods.com

Call OF Duty ගේම් සීරීස් එකේ නෝදන්නා ඉතිහාසය

9:51 AM Add Comment
Call OF Duty ගේම් සීරීස් එකේ නෝදන්නා ඉතිහාසය


2003 - 2015
 ඔන්න යාළුවනේ මං අද ඔයාලට කියන්න යන්නේ Game Play කරන අපි කවුරුත් ආසා Game සීරීස් එකක් ගැන....
 CALL OF DUTY Games අයත් වෙන්නේ පුද්ගල ක්‍රියාදම ක්‍රිඩා ගනයටය. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සමගින් එක් වී ආර්ම්භ වූ මෙය පසුකාලීනව ගෙම් කොන්සෝල් සමග අත්වැල් බැද ගැනුනි. ක්‍රීඩා මාලවෙ පෙර ක්‍රීඩා එනම් Call of Duty, Call of Duty 2, and Call of Duty 3. Beginning with.Call of Duty 4: Modern Warfare නම් වේ.
 මෙම ක්‍රිඩා දෙවන ලෝක යුද සමය මූලික කරගෙන සකස් කර ඇත. නූතන කාලයේදි තිබූ කරුනු අනුව Call of Duty ක්‍රිඩා මාලවේ දෙවන කාණ්ඩයේදී දෙවන ලෝක යුද්දය ඉවත් විය. මෙය Call of Duty Modern Warfare නමින් 2007 දී නිකුත් විය. එතැන් පටන් Modern 2 එය අනුගමනය කරමින් Black Ops, 2010දී නිකුත් විය. 2011 නොවැම්බර් Modern Warfare 3 ක්‍රීඩාවෙන් මේ සීතල යුද්දයන්ගේ අවසානය සිදු වූවත් අධ්‍යක්ෂක මණ්ඩලය මෙය අනගයේ එනම් 2025 වර්ශයේ සිද්දින් අලලා නිර්මනය කිරීමට තීරනය කල අතර 2012 නොවැම්බර් Black Ops 2, 2013 දී Call of Dutrcjy Ghosts සහ 2014 මැයි දී Call of Duty Advanced Warfare ක්‍රියදාම ක්‍රිඩා වෙනත්ම මානයකට රැගෙන යාමට සමත් විය. 2015 අප්‍රේල් 9 දින Treyarch විසින් Call of Duty Black Ops 3 නවතම ක්‍රිඩාව හදුන්වා දෙන ලදී.
 The Call of Duty, Activision සමගම විසින් ප්‍රකාශයට පත් කරන අතර ක්‍රිඩාවන්ගේ අයිතීන් මෙම සමාගම සතුයි.Infinity Ward සහ Treyarch මෙහි මූලික සංවර්ධනය කරනු ලබයි. මෙහි අභ්‍යන්තර ක්‍රියාකාරකම් සදහා එනම් විනොදශ්වදය, ශබධගාර සදහා Entertainment, Spark Unlimited, Amaze Entertainment, n-Space, Aspyr, Rebellion Developments, Ideaworks Game Studio, සහ nStigate Games ස්ටූඩියෝ එන්ජින් බාවිතා කරනු ලබයි.
Call of Duty ක්‍රීඩා මාලාවේ 2015 වන විට දල අදායම ඩොලර් මිලියන 175ක.මෙයින් බිලියන 10ක් එක්සත් ජනපදයෙන් ලාභ ලබා ඇත... ඉතින් යාළුවනේ.. ඔයාලා ආසම ගේම් සීරීස් එකක් වෙන COD GAMES ගැන ගොඩක් දේවල් දැන ගන්න ඇති නේ..

Assassins creed syndicate

9:31 PM Add Comment
ඔන්න අද ගේනවා අපි කව්රුත් දන්න Assassins creed ගේම් Series එකේ 9 වෙනි ප්‍රදාන game එක.
ඒ තමා Assassins creed  syndicate කියන්නේ.
Assassins creed  game එකේ දැනට ප්‍රදාන game 9 හා
උප ප්‍රදාන games 13ක් ඇවිත් තියනවා.
වෙනදා වගේම මේ පාරත් Assassins creed  syndicate  Developer කරන්නේ අපි කව්රුත් දන්න
Ubisoft quebec ආයතනයයි.
 හරි වැඩි කතා නැතිව අපි game එක කොහොමද බලමු.
game එක පටන් ගන්නේ 1868 වික්ටෝරිය රැජින බ්‍රිතාන්‍ය පාලනය කරපු දවස්වල
unity එකට වඩා syndicate නගරය තරමක් විශාලයි ඒ වගේම game එකේ london නගරය  කොටස්
-7කත බෙදල තියනවා ඒ කොටස් 7 තමා  City of london, Westminster, Thestrand, The thames,
Whitechapekl, Southwark, Lambeth යන නම් වලින්
කලින් අපු Assassins creed  වල නැති syndicate එකේ තියන දෙයක් තමයි අශ්ව කරත්ත riverboats
වගේ දේවල් මේකේ තියනවා. game එකේ තියන හැම දෙයක් ගැනම මම කියන්න ගියොත්

game එකේ රහා නැති වෙනවනේ.,
game එක play කරන්න ඉල්ලන System requirements තමා 
64bit operating system එකක්, processor එක core i5-2500k 23.3GHZ or AMDF-8350 @4.0GHZ,
RAM එක අඩුම 6GB වත් තියෙන්න ඕනනේ,  Video card එක අඩුම nvidea geforce GTX690 or 
AMD radeon r9 2970 2gb වත් තියෙන්න ඕනනේ  hard එක 50gb ඕනනේ. එහෙනම් ඕගොල්ලෝ
game එක ගහලම බලන්නකෝ......

Need For Speed Ghost

3:55 AM Add Comment
ඔන්න තවත් අලුත්ම ගේම් එකක් මුලින්ම කියන්න ඕන මෙක මගෙ පෝස්ට් එකක් නෙවෙයි අපෙ වෙනුක සහොදරයගෙ වැඩක්.වැඩ වැඩි නිස මට දන්න කිව්වා. ගොඩක් අය එනකල් බලන් ඉන්න ගේම් එකක් Ghost Games & Electronic Arts තමයි මේකෙ Creators ලා වෙන්නෙ . එතකොට Engine එක Frostbitබිස්කො








මෙක Windows , Xbox One , PS 4 වගේ Platforms වලට එනවා.
Graphics එහෙම ගොඩක් වැඩි වෙයි . මොකද Run & Rivals එහෙම කට්ටිය play කරල එහෙම ඇතිනෙ. ඒ වගේම කට්ටිය හිතන් ඉන්නෙ මේක Underground 3 කියල. නමුත් ඒක එහෙම නෙවෙයි.මේ game එක බොහෝ විට NEED FOR SPEED game series එකේ අලුත්ම series එකක පටන් ගැන්මක් වෙන්න පුලුවන් කියල තමයි ගොඩක් pc games reviewers ලා කියලා තියෙන්නේ. ගේම් එකේ play කරන විදිය ගැන කිව්වොත්, මේකෙ ඔයලට play කරන්න mission වර්ග 5ක් තියනව game එකේ තියන විදියට කිව්වොත් 5 ways to play එකක් තමයි speed ඒකෙ තියෙන්නෙ සාමාන්‍ය විදිහට race යන්න තව එකක් තියනව style කියලා ඒකේ තියෙන්නෙ drifting වගේ car එකෙන් වැඩ කෑලි දාන්න ඊලග විදිය තමයි build ඒකෙ තියෙන්නෙ car එක modify කරන්න modify කරන්න නම් නිකන් බෑ race දිනන්න ඕන race දිනල reputation උපය ගන්න ඕන reputation වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාට game එකේ තියන පිලිගැනිමත් වැඩියි ඊලග විදිය තමයි crew මේකෙදි ඔයාට කරන්න තියෙන්නෙ ඔයගෙ යාලුවො සෙට් එකත් එක්ක එකතු වෙලා තනි team එකක් විදියට race යන්න car වලින් වැඩ දාන්න වගේ දේවල් අන්තිම ක්‍රමය තමයි outlaw මේකෙ තියෙන්නෙ පොලිසියත් එක්ක අල්ලන සෙල්ලම් කරන්න මෙන්න එහෙනම් Requirements මේවා 100%ක් Sure නැහැ වෙනස් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන. නොවැම්බර් 05 2015 ගේම් එක ලොන්ච් කරනවා.






Call Of Duty Black Ops III

1:00 AM Add Comment
අදත් අරගෙන ආවා පරිගණක ක්‍රිඩා ලෝලීන් අතර ජනප්‍රිය වුනු call of duty black ops series එකේ අලුත්ම ගේම් එක call of duty black ops III ගැන.



Developer(s)Treyarch[a]
Publisher(s)Activision[b]
Director(s)Jason Blundell
Writer(s)Craig Houston
Composer(s)Jack Wall[1]
SeriesCall of Duty
EngineIW engine
Platform(s)Microsoft Windows
PlayStation 3
PlayStation 4
Xbox 360
Xbox One
Release date(s)November 6, 2015
Genre(s)First-person shooter
Mode(s)Single-player,multiplayer[c]
මෙහි මූලික අඩිතාලම black Ops III , black Ops II සිදුවීම් සිදුවී වසර 40 ක්, 2065 දී තැබූ හෙලිපෙහෙලි සිදු කිරීමට නියමිතය. ලොව පුරා රටවල් කිහිපයක ගුවන් ප්රහාරක පිරිනැමිය බව උසස් තාක්ෂණික ගුවන් ආරක්ෂක සංවර්ධනය කර ඇත. ඒ නිසා, රටවල් අතර යුද්ධ බොහෝ සතුරු බල සීමාවන් පිටුපසින් සටන් රහසිගත මෙහෙයුම්වලින් සිදු කරනු ලබයි. විද්යාව හා තාක්ෂණය රැඩිකල් සමාජය ප්රචණ්ඩ විරෝධතා "ප්රගතිය" ලෙස විද්යාඥයන් විසින් පාරම්බෑ තක්ශනය තවදුරටත් දියුණුව නතර කිරීමට උත්සාහය සමග, රොබෝ මෙන්ම මානව වර්ගයාගේ අනාගතය දෙකම වෙනස් වී ඇත. රොබෝ තාක්ෂණය යුද හමුදා සටන්වල ​​දී ප්රධාන කාර්යභාරයක් ඉටු ලබන ස්ථානය දක්වා දියුණු කර ඇත. මතකයිනේ advanced warfare ක්‍රිඩවෙ එන super solider තාක්ශනය, නවීන අවි ආයුද ද, පෙර ක්‍රීඩා වල පරිදි සොල්දාදුවන් කණ්ඩායමක් සමග ක්‍රිඩා කිරීමට ඇත. 2015.11.06 x box one, playstaion 4, PC නිල වශයෙන් නිකුත් කිරීමට නියමතයි.

official trailer......





Ubisoft FarCry Primal

9:02 AM Add Comment
පරිඝණක ක්‍රිඩා ලොලීන් අතර ඉමහත් ප්‍රසාදයට පත්වූ ක්‍රිඩවක් වන far cry series ක්‍රිඩා මලාවේ නවතම ගේම් එක far cry primal. මෙය ubisoft සමාගමේ නිර්මාණයක් වන අතර මෙහි පසු ක්‍රිඩා, ක්‍රිඩා ලෝලින්ගේ ඉමහත් ප්‍රසාදයට පත්වූහ.




ගල් යුගයේ රණශුර්යෙක් ලෙසින් ඔබට ක්‍රීඩා කිරීමට ඇති අතර මෙහි ග්‍රැපික් ඉතාම ඉහල අගයක පවතී.
මෙය x box one, playstation4 පැලැට් පෝර්ම් සඳහා 2016.02.23 නිලවශයෙන් නිකුත් කරනු ලැබේ. ඉවසා සිටින්න ගේම් එක රිලීසි වූ විගස ලින්කුවක් ලබා දෙන්නම්. එතෙක් ඔබට ජය.........................




Open World ගේම් වලට ආස අයට ටිකක් පරණ ගේම් එකක්

9:28 AM Add Comment
මේ Game එක මුලින්ම 2011 මැයි 17 වෙනිදා Play Station 3 සහ X box 360 සඳහා රිලීස් කරලා තියෙන්නේ.. පසුව 2011 නොවැම්බර් 8 වෙනිදා PC වලට out වෙලා තියෙනවා..
මේ Game එක play ක‍රන්න තියෙන්නෙ 1947 ලොස් ඇන්ජලීස් වල...අපිට ලැබෙන charachter එක ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ officer කෙනෙක්..
අපිට කෙස් handle කරන්න තමයි තියෙන්නෙ ඒ කිව්වේ අපරාද ගැන හොයන්න.. සාක්ෂි හොයන්න.. ඒ අතරතුරේ අපිට එන බාදක මැඩගෙන game එක play කරන්න තමයි තියෙන්නෙ...
ඒ වගේම මේ game එකේ graphics ගැන කතා කරොත් හොඳ graphics mode එකක් තියෙනවා...
මේකේ system requirements පහතින් තියෙනවා..ඔයාලත් ගහල බලන්නකෝ හොඳද කියල අනිවා හොඳ වෙන්න ඕනි මොකද මේකත් rockstarලගේ game එකක්...
CPU Speed: Intel Dual Core 2.2 GHz /
AMD Dual Core 2.4 GHz
RAM : 2 GB
OS: Windows 7 / Windows Vista Service Pack 1 /
Windows XP Service Pack 3
Video Card: NVIDIA GeForce 8600 GT 512 MB /
ATI Radeon HD 3000 512 MB
Sound Card: Yes
Free Disk Space: 16 GB