Steve Jobs කරළියට

1:16 AM


මේ කියන්න යන්නේ අපි කවුරුත් දන්න Apple සමාගමේ නිර්මාතෘ වන 'Steve Jobs'ගේ ජිවිත කතාව පාදක කරගෙන කෙරුණු අපූරු නිර්මාණයක් ගැන.  පසුගිය නව වෙනිදා තිරගත වුණු Steve Jobs කියන චිත්‍රපටිය ගැනයි මේ සටහන.....

මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Michael Fassbender (Prometheus , X-Men: Days of Future Past, X-Men: First Class),  Kate Winslet (Titanic), Seth Rogen (The Interview) සහ Jeff Daniels (Dumb & Dumbler) යන නළු නිළියන්.. ඉතින් කට්ටියත් සුපිරිම අය නේද.. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Danny Boyle (Slumdog Millionaire) විසින්. තිර රචනය Aaron Sorkin සහ චිත්‍රපටියට මූලික වුණු පොත රචනා කරලා තියෙන්නේ Walter Isaacson විසින්. බලන්නම වටින චිත්‍රපටියක්. හැමෝටම මේ අපූරු මිනිසාගේ ජිවිත කතාව ඇසුරෙන් නිමැවුණු මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා.. මට හොඳටම විශ්වාසයි නිරන්තරයෙන් තාක්ෂණයත් එක්ක රැඳිලා ඉන්න ඔයා මේ චිත්‍රපටියට ගොඩක් කැමති වෙයි. 
Movie Trailer එක පහතින් :) 


 

Share this

Related Posts

Previous
Next Post »