Showing posts with label Phones. Show all posts
Showing posts with label Phones. Show all posts

ලබන වසරේ පැමිණීමට නියමිත Galaxy S7 දුරකතනයේ නවතම තාක්ෂණයක් ?

8:50 AM Add Comment




බොහෝ විට ලබන වසරේ(2016) මාර්තු මාසයේ එලි දැක්වීමට නියමිත Samsung Galaxy S7 දුරකතනයට නව වීදුරුවක් භාවිතා වෙන බවට සැක පලවෙනවා ..කොරියානු වෙබ් අඩවියකට අනුව සැම්සුන්ග් සමාගම නව වීදුරු වර්ගයක් සදහා අයදුම් කොට තිබෙනවා ... මෙම වීදුරු වර්ගය Turtle Glass යනුවෙන් හදුන්වයි ..
පේන විදිහට මේ වීදුරු වර්ගය Corning නම් සමාගම විසින් නිපදවනු ලබන Gorilla Glass එකට වඩා සවිමත් වගෙයි ..



            මෙතෙක් කල් සැම්සුන්ග් සමාගම මෙන්ම වෙලදපොලේ අනෙකුත් සමාගම් වන HTC , LG , Motorola වැනි සමාගම් ඔවුන්ගේ දුරකතන සදහා යොදා ගත්තේ Corning Gorilla Glass ය .. නමුත් මෙනෙන ආකාරයට සැම්සුන්ග් සමාගම මේ වසරේ එහි වෙනස් කමක් කිරීමට නියමිතයි වගෙයි ..

මීට අමතරව අන්තර්ජාලයේ පල වන තවත් දෙයක් වන්නෙ මෙම දුරකතනයේ සවිමත් භාවය ගැන මේ වසරේ ඔවුන් ඉතා වැඩියෙන් සිතන බවයි .. මොකද වීදුරු වර්ගය මෙන්ම පවසන ආකාරයට ඔවුන් අලුත් මැග්නීසියම් මිශ්‍ර ලෝහයක් සම්භන්ධයෙන්ද පර්යේෂන කරන බව ද ආරන්චි මාර්ග පවසනවා ..

ඉතින් අපි සිතනවා ලබන වසරේ පැමිනීමට නියමිත Galaxy S7 දුරකතනය ඉතා පෙරලිකාර අන්දමින් එලිදක්වයි කියලා .. අපි සැවොම බලන් ඉමු ඔවුන් මීලගට අපට තිළින කරන්නෙ කුමක් ද කියා ..ඒ මෙන්ම ඉහත කියපු දේවල් අන්තර්ජාලයේ පල වුනු දේවල් බැවින් .. ඒ පිලිබදව ඔබව දැනුවත් කරන්න මේක ලිවූ බවත් .. මේ ලියා ඇති සෑම දෙයක් ම මේ වෙන තුරුත් අපට තහවුරු වී නැති බවත් මතක් කරනවා .. නමුත් එසේ වේවි යැයි අන්තර්ජාලයේ බොහෝ සෙයින් සැක පළ වෙනවා .. අපි බලන් ඉමු ඉතින් අවසානය වන තෙක් ..


එහෙනම් මන් තවත් අලුත් දෙයක් අරන් එන පොරොන්දුවත් එක්ක මේ පෝස්ට් එකෙන් සමු ගන්නවා .. උදව්වක් උනා නම් කොමෙන්ටුවක් දාගෙන ශෙයාර් කරගෙන යන්න අමතක කරන්නත් එපා ..මොකක් හරි ගැටලුවක් තිබුනොත් ඒත් පහලින් කොමෙන්ටුවක් දාන්න .. 


කර්තෘ අයිතිය - Charana Harshana

[ROOT]COMPUTER එකක් CUSTOM RECOVERY එකක් නැතුව ෆෝන් එකෙන්ම CUSTOM/STOCK ROM එකක් FLASH කරමු!

11:44 PM 1 Comment

හරි.. අද මම කියාදෙන්න යන්නෙ... කොහොමද PC එකක් අල්ලන්නෙවත් නැතුව.. ROM එකක් Flash කරන විදිය..
ෆෝන් එක root කරල තියෙන්න ඕනෙ..
custom recovery එකක් ඕනෙ නෑ.. සෝක් නේද..සමහරු කියයි හයියෝ අපි නම් මේව නයින්ටීන් සිස්ක්ස්ට් පෝ වල නිදහස හම්බුන කාලෙ ඉඳන් දන්නව කියල. කමක් නෑ. මම කියන්නෙ නොදන්න අයට. දැන් අපි බලමු කොහොමද කියල....


මුලින්ම අපි බලමු අපි ගොඩක් අය use කරන samsung ෆෝන් වලට කොහොමද computer එකක් නැතුව stock rom එහෙමත් නැත්තම් custom tar  හරි tar.md5 files හරි flash කර්න්නෙ කියල.

මුලින්ම ෆෝන් එක රූට් කරල තියෙන්න ඕනෙ..
ඊට පස්සෙ මේ link එකෙන් mobile odin pro කියන apk එක download කරල install කරගන්න.
මොකද්ද මේක? මොනවද මේකෙන් තියෙන වාසි?

හරි මේක හැදුවෙ chianfire කියල අපි ගොඩක් අය use කරන superuser applocation එක හදපු කෙනා .
හේතුව හදිස්සියෙ යන එන ගමන් අපිට ආයෙ stock rom එකක් flash කරගන්න ඕනෙ වුනොත් computer එකක් හොය හොය ඉන්න
බැරි නිසා ..

මේකෙ වාසි ?
1. pc එකක් ඕනෙම නෑ ..
2. rom,recovery,boot image වෙන වෙනම හෝ ඔක්කොම එකට flash කරන්න පුලුවන් .
3. මේකෙන් ෆෝන් එකේ bootloader එකට අතක් තියවෙන්නෙ නැති නිසා ෆෝන් එක brick වීමේ හානියක් නෑ .
4. ඔයාල දන්නව ඇති samsung වල 4.3 වල ඉදන් knox කියල security system එකක් එනව .. ඒක නිසා සමහර වෙලවට අපි lollipop තිබ්බ එක්කට kitkat හරි
kitkat තියෙන  එකකට jelly bran හරි දාන්න යද්දි odin එකේ fail වෙනව . එහෙම වෙලවට අපිට මෙකෙන් downgrade කරගන්න පුලුවන්
කිසීම  අවුලක් නැතුව .

එහෙනම් දැන් කොහොමද මේක කරන්නෙ බලමු ... :)

1. මුලින්ම application එක open කරගන්න ..
2. open වෙනකොට ඔයාගෙ model එක support නෑ කියල ආවොත් .. එහෙමම close කරන්න . :P support කරනකල් ..
3. ඔයාට තියෙන්නෙ originak korean model එකක්නම් ඒත් සමහර වෙලාවට මේ මැසේජ් එක එයි ..
උදාහරනෙකට ගත්තොත් ඔයාට තියෙන්නෙ note 2 shv-e250s එකක්නම් මේක open කරද්දි  ෆෝන් එක support නෑ කිව්වොත් ..
* root explorer එකක්  download කරගෙන ..
* ඒකෙන් system>build.prop කියන එක text editor එකෙන් open කරල ..
* ඒකෙ පලවෙනි lines 10යෙ  device model එකට  shv-e250s කියන එක දීල ඇති ..
* ඒක මකල  GT-N7105 කියල දාල save කරල ෆෝන් එක reboot කරල  mobile odin pro open කරන්න !
* දැන් අර මැසේජ් එක් එන්නෙ නෑ ... :)මේක rom එක flash කරගන්න අපි යොදන tතාවකාලික පිලියමක් .

4. දැන් application එක open කරල .. ඒකෙ ඔයාට ඔන tab එක select කරල .. (stock rom එකක්නම්  open files)
කියල ඇති .. ඔයාගෙ ෆෝන් මෙමරි එකේ  තියෙන රොම් එක් select කරන්න...

දැන් EVERROOT option එක යටතේ තියෙන option 3ma tick කරල ..( ඔයාට ෆ්ලෑශ් කරන රොම් එක රූට් වෙන්න ඕනෙ නම් විතරක් .. )
ඊට යටින් තියෙන wipe data/cache කියන option එකත් select කරල ..
FLASH ඔබන්න .!



5. විනාඩි 10k විතර යද්දි ෆෝන් එක ඔයා දීපු stock rom එක සමග on වෙයි ..




---------- RECOVERY එකක්වත් නැතුව CUSTOM ROM එකක් flash කරමු ! -----------------------------

මේක ඕනේම phone එකකට support .. ඔයාගෙ ෆෝන් එකට තම cwm/twrp වගේ recovery එකක් නැත්තම් හෝ හොයාගන්න බැයිනම්
දුක් වෙන්න ඕනෙ නෑ .. මේකෙන් ඒ වැඩේ ඔයාට කලෑකි .. application එකේ නම FLASHFIRE ..මේකත් හදල තියෙන්නෙ මම අර කිව්ව chainfire
ම තමයි .. මේක තාම beta මට්ටමේ තියෙන්නෙ .. හැම ෆෝන් එකකම මේකෙ test කරල නෑ .. ඒත් මේක ඔනේම model එකකට වැඩ කරනව ..

මම උදාහරනෙකට ගන්නම් මගෙ ෆෝන් එක .. මගෙ ෆෝන් එක LG G4. තාම මගෙ ෆෝන් එකට custom recovery එකක් release වෙලා නෑ ..
ඒ කියන්නෙ මට කිසිම flashble zip එකක් flash කරගන්න බෑ .. මම අද පෙන්නනව එහෙම තියාගෙන full custom rom එකක් කොහොමද
මම flash කලේ කියල ..

1.මෙතනින් ගිහින් flashfire latest version එක download කරගන්න ..
2.ඒක open කරගන්න .
3. දැන් මේ වගේ තියෙයි ..

4. ඊට පස්සෙ මෙන්න මේ + ලකුන select කරන්න ..

5. දැන් මේ වගේ තියෙයි ..

6. මට ඔනෙ rom එකක්  flash කරන්න .. ඉතින් මම මෙතනින් flash zip or OTA select කරනව ..
7.ඊට පස්සෙ ඔයාගෙ rom එක select කරගන්න ..
8.ඒට පස්සෙ  ඒකෙ auto mount select කරන්න එපා.
 හරි ලකුන select
කරන්න .

9. දැන් මේ වගේ තියෙයි ..

10. දැන් ආයෙ + ලකුන select කරන්න ..
11. දැන් ඔතන තියෙන WIPE කියන option එකට යන්න ..
12.දැන් internel storage ඇරෙන්න අනික්  හැම එකම තෝරල හරි ලකුන ඔබන්න .

13. දැන් FLASH select කරන්න ..

14. black screen එකක් වැටිල ෆෝන් එක off වෙනව වගේ වෙයි .. බය වෙන්න එපා. මේකට සමහරවිට 20minutes වගේ යන්න පුලුවන්.
හදිස්සි නොවී බලන් ඉන්න .
15. වැඩේ ඉවර වුනාම ෆෝන් එක reboot වෙයි .. ඔයාගෙ අලුත් rom එකත් එක්කම !!

---------- ප්‍රශ්න සහ පිලිතුරු ------

1. මචං mobile odin/flashfire එකට root ඕනෙද ?
ඔව් මචං . :P

2. mobile odin එක samsung වලට විතරද ?
ඔව් ..

3. කොහොමද මචං build.prop එක edit කරන්නෙ ?
මේ video එක බලන් ඉගෙනගන්න .

4.flashfire එකෙන්ම අපේ rom එකේ backup එකක් ගන්න බැයිද ?
පුලුවන් . එකෙ තියෙන backup/restore option එක use කරන්න .

5. mobile odin එකෙන් rom එකක් dදැමීමට පස්සෙ අපේ root නැතිවෙයිද ?
ඒක ඔයාගෙ කැමැත්ත. ඔයාට root ඕනෙ නම් .. mobile odin/flashfire
එකේ everroot කියන එකට tick එකක් දාල stock rom
එක flash කරන්න .. එතකොට ඔයාට දාන රොම් එකත් ඒකෙන්ම රූට් වෙලාමයි flash වෙන්නෙ .

තව ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාන්න .. ඕනෙමනම් share කරන්න . මෙලෝ මගුලක් තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා videos බලන්න ..
ඒත් තේරෙන්නෙ නැත්තම් වැඩේ අත ඇරල දාන්න . :P

How to Use ''Mobile Odin'' in Android Devices (Tutorial)
FlashFire Install ROMs, Kernels, and Flash without a Custom Recovey

ඉස්කෝතුයි .
#DA

LG V10 ගැන සියලු දෑ සින්හලෙන්!!

4:27 AM 5 Comments



අපි තේරෙන සින්හලෙන් කෙලින්ම කතාවට  එමු . හරි. අපි ගොඩක් අය නොදන්න්ව වුනාට LG කියන්නෙ SMARTPHONE FIELD එකේ  සෑහෙන්න අලුත්
දේවල් ගෙනාව සහ ඉතා විශාල ලෙස දුරකතන නිපදවන දකුනු කොරියානු සමාගමක්.
මුලින්ම Dual-core processor එකක් එක්ක phone එකක් ගෙනාවෙ LG ල.. ඒ වගේම curved body එකක් එක්ක ලෝකෙ ඉතා විශාල ලෙස ජනප්‍රිය
වුන වගේම ගොඩක් අය එයාලගෙ TV වලටත් මේ  concept එක copy කරපු Gflex එක .. මුල්ම quad HD display එක .. KNOCK CODE FEATURE එක
වගේ ගොඩාක් දේවල් එයාල ගෙනාව ...
2013 සහ 2014 අවුරුදු වල ලෝකෙ හොඳම smartphone වුනෙත්  මේ  LG ල තමයි ..
මම දන්නෙ නෑ ඔය group වල ඉන්න අපෝ LG නම් ගන්න එපා කියන අය එහෙනම් ඇයි මෙක ගිය අවුරුද්දෙ හොඳම brand එක වුනේ කියල ඇහුවොත්
දෙන්න උත්තරේ දන්නව ඇති කියල ...

හොඳයි .. V10 කියන්නෙ LG එයාලගෙ  පුරුදු  G series එකෙන්  මිදිල නිකුත් කරපු  මුල්ම ෆෝන් එක..මෙච්චර ලොකු scene දාල ගහපු ෆෝන් එකේ
ලොකු scene මොනවද කියල අපි දැන් බලමු ..

පිටින් බැලුවොත් .. මේකෙ body එක හදල තියෙන්නෙ militery grade 316L සුදු  යකඩෙන්.
ඉතින් හිතාගන්න පුලුවන්නෙ මේක කොච්චර ශක්තිමත්ද කියල.
තව මේකෙ බැක් එක.. G4 එකේ එයාල ගෙනාව leather back සංකල්පය  අයින් කරල  මෘදු ,සීරිම් වලට ඔරොත්තු දෙන Dura Guard silicon
වලින් හදල තියෙනව ...
මෙහෙම කලේ අතේ රදවගන්න පහසු වෙන්න කියලයි lg එකේ මහත්තුරු නම් කියන්නෙ ..:P
තව මේක අඩි 48ක් යනකල් සීරීමක්වත් නැතුව බිම වට්ටන්න පුලුවන් කියල MET Laboratories ආයතනය සහතික කරනව ..
ඒක නිසා ඔයාගෙ හොදම යාලුවට තියෙන්නෙ v10 එකක්නම්.. පොලවෙ ගහන්න අමතක කරන්න එපා :P
තව ෆෝන්  එක පිටිපස්සෙ power camera සහ  volume buttons ඔයාලට  බලාගන්න  පුලුවන් ...

දැන් අපි බලමු මේකෙ display එක ..මේකට එන්නෙ අගල් 5.7 ක 2560 x 1,440-pixel ips display එකක්
..කියන විදියටනම් මේක apple ලගෙ retina සහ samsung
ලගෙ අලුත්ම oled display වලට වඩා නිවැරැදි සහ තීව්‍ර වර්න ලබාදෙනව ..
එතකොට මේකෙ ලස්සනම වැඩේ තමයි මේකට අමතරව මේකට උඩින් මේකෙ තව 2.1 inch display එකක් එනව ..දැන් ඔයා හිතයි 5.7 එකක් මදිවට තව එකක්
ඇයි ඕක දීපන් ලමයෙකුට කියල .. :P ඔව්.. මේක හදල තියෙන්නෙ ලමයෙකුට වුනත් ලේසියෙන් වැඩ කරගන්න පුලුවන් වෙන්න..


මේ secondry display එකේ අපිට ඕනෙ shortcuts දාගන්න පුලුවන්.. තව වැඩක් කරන ගමන් යන්නෙ ඔශානි සංදීපගෙ සින්දුවක් නම් අපිට

කරන වැඩේට බාධාවක්  නොවී ඊළඟ සින්දුව දාගන්න පුලුවන්.
display එක off වුනාම wethaer,time,notifications වගේ මේකෙන් බලාගන්න පුලුවන්.
review එකක් වුනාම ඔක්කොම කියන්න එපැයි .. ඒකයි මේකත් කියන්නෙ .. මේක කෙලින්ම samsung ලගෙ edge screen එක copy
කිරීමක් .. තව .. මේ display එක  phone එකේ උඩින් තියෙන නිසා මේක හසුරවන්න ටිකක් අමාරුයි කියල තමයි කියන්නෙ ..

ඊලඟට අපි හැරෙමු කැමරාව පැත්තට .. මෙතන තමයි හොදම වැඩේ වෙන්නෙ..
මේකෙ front camera 2ක් එනව... ඒ මොකෝ ඒ ?? ඒ මේකයි ..
එකක් wide angle lens එකක් සහ අනික normal lens එකක්..
හිතන්න සෙට් එක පාරෙ යනකොට ඔයාලට සුජී ව හම්බෙනව kකියල..:P
ඔයාලට ඔනෙ වෙනව එයත් එක්ක selfie එකක් ගන්න .. ඒත් ලග selfie stick එකක් නැති නිසා එක ෆොටෝ එකේ ඔක්කොටම ඉන්න
බැරි වුනාම අයින් වෙන යාලුව මට මල පනිනව චාමර කියල ඔයාට බනින්න පුලුවන් ...
එ වෙලාවට ඔයාට තියෙන්නෙ v10 එකක්නම් ඔයට පුලුවන් wide angle lens එකෙන් ෆොටෝ එක ගන්න ..
selfie stick එකක උවමනාව අයින් කරන්න තමයි එයාල මේක යොදාගෙන තියෙන්නෙ ..මේක samsung ලගෙ wide selfie option එකට
කෙලින්ම පහර එල්ල කරනව .. මොකද ෆෝන් එක අල්ලන් වටේ අරන් යනවට වඩා මේක ගොඩක් ලේසි නිසා ..


එතකොට back camera එක .. මෙකට එන්නෙ LG G4 එකේ ආව best smartphone camera ලෙස තාමත් උඩින්ම තියෙන sony 1.8f lens

එකමයි ..
පලවෙනි වතාවට ලෝකෙ ආව integreated manual mode option එක එහෙමම මේකට එනව .. තව mobile


cinemagraphy වල
ලොකු වෙනසක් කරන්න VIDEO වලටත් මෙයාල manual mode යොදාගෙන තියෙනව . එ කියන්නෙ අපිට video එකක් කරන ගමන්ම real time iso,framerate,focus,shutter speeed වගේ ඒව හදන්න
පුලුවන්.. තව මේකෙ එන video stablization option එක on කලාම ඔයාට ඇවිදින ගමන් ගන්න video එකක් වුනත් .. පෝඩ්ඩක්වත්
හෙල්ලෙන්නෙ නැතුව ගන්න පුලුවන් ..
තව මේකෙ එනව voice recording වලට mic 3ක්!!! එක නිසා ඔයාට පුලුවන් ඔයාට ඔනෙ පැත්තට voice එක focus කරන්න !!!!

තව දුරටත් ෆෝන් එක ගැන කිව්වොත් .. මේකට LG ල පලවෙනි වතාවට fingerprint scanner එකක් attach කරල තියෙනව ..
තව ..මෙකෙ internel 64gb version එකක් විතරයි එන්නෙ .. තව මදිනම් අපිට upto 2tb micro sd card දාන්න පුලුවන් ..
back cover එක ගලවන්න පුලුවන් වීමත් මෙකෙ එන එක වාසියක් ..

Processor එක ගත්තම මේකට එන්නේ G4 එකට ආව qualcomm hexacore processor එකමයි ..
වෙනස වෙන්නෙ ..මේකෙ 4GB!!!! RAM එකක් එනව .. කට්ටිය කියන විදියට මේකට කිසිම අවුලක් නැතුව note5 එකත් එක්ක තරග කරන්න
පුලුවන් ..

software එක ගත්තොත් මේකට එන්නෙ android 5.1.1 lollipop. දකුනු කොරීයානු LG සමාගම කියන විදියට එයාල
G4(F500) , G3 (F400) සහ v10 වලට andoroid 6.0 finalize කරල ඉවරයි. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කොරියාවෙන් පටන් අරන් ඒට පස්සෙ ඇමරිකාවට
update එක over the air update එකක් විදියට දෙනව කියලයි එයාල කියන්නෙ ..


ඊලඟට අපි එමු battery එකට ..

මේකට එන්නෙ removeble 3000mah battery එකක් .. මගේ පෞද්ගලික මතය මේකට mah 3000k මදි කියන් එක .
හැබැයි users ල කියන විදියට් daily usage eka 4.5-5 hours වගේ තියාගන්න පුලුවන්ලු .. ලොකූවට් නැති වුනාට ඒ ගාන මටනම් ඇති . :)

හැමෝටම අන්තිමට එන ප්‍රශ්නෙ tතමයි...
මේකෙ ගාන කීයක් වෙයිද කියන එක ..නේද .. මම හොයල බලපු විදියට ..
කොරියාවෙ මේක රුපියල් 115000ක් වගේත් europe වල 140000ක් වගෙත් වෙනව ...

එහෙනම් දැනට මේ ඇති ..
විස්තර ඔනෙ නම් යටින් comment කරන්න ..
ආයෙ තව post එකකින් එනකල් මම යන්නම් ..
:)

Related Videos-

LG V10 After 3 Days
LG V10 Extensive Camera settings hands-on

iPhone 6s Plus VS LG V10 Camera Battle!
LG V10 Durability Drop Test!
#DA

කොහොමද Motorola Device එකක් Root කරන්නේ ?? (Example :- Root Motorola Moto G 2’nd Gen)

4:46 PM Add Comment

ගොඩක් අයට ලොකු ගැටළුවක් වන Root කරන්නේ කොහොමද යන්න Motorola පාවිච්චි කරන අයට පහසු වන්නට ක්‍රමයක් මෙයින් ලබාගන්නට පුළුවන ..

Root කරන විධි කිහිපයක් තියෙනවා , එයින් Android App එකක් බාවිතා කර හා පරිගණකය මගින් කරන ක්‍රම මුලික තැනක් ගන්නවා .
දැන් කියන්න යන්නේ පරිගණකය බාවිතා කර ඔබගේ Motorola device එක Root කරන්නේ කොහොමද කියලා .

Step 1. මුලින්ම ඔබගේ Motorola phone එකේ USB Debugging option එක on කරගත යුතු වනවා. එයට මේ පිළිවෙල අනුගමනය කරන්න .
settings > About Phone > tap seven time on Bulid Number (Bulid Number එක උඩ හත් පාරක් Tap කරන්න ) එවිට devoloper option එක on වේ .
ආයෙත් settings වලට ගොස් devoloper option වල  USB Debugging කියන එකට ටික් මාර්ක් 1ක් දාන්න .


මෙම ලින්ක් 1ට  ගොස් ඔබට අවශ්‍ය Motorola device එකට අවශ්‍ය .zip file එක බාගත කර unzip කරගන්න .









Step 3. පසුව ඔබගේ Motorola device එක off කොට bootmenu එක ලබා ගන්න (bootmenu එක සදහා device එක off කොට power key සහ volume අඩුකිරීමේ  key එකවර ඔබාගෙන සිටින්න ) . device එක USB මගින් පරිගණකයට සම්බන්ධ කරන්න .










Step 4. පසුව ඔබ බාගත කල ෆෝල්ඩරය  1 තුළ  “ root-windown” file එකක් ඇත එය double click කරන්න .










එවිට එන වින්ඩෝව enter කරන්න . පසුව ඔබහට enter any key to continue කියා ලැබෙන විට enter කරන්න.  



දැන් ඔබේ Motorola device එක Root වී ඇත ..
ඔබට එය සැකහැර දැනගැනීමට අවශ්‍ය නම් Root Cheker app එක තුලින් දැනගත හැක ..

Get-Root_Checker Here






samsung වලට සොෆ්ට්වෙයා ගහමු!!!

9:43 AM Add Comment

මේකට  මුලින්ම ඕනි
*PC එකක්
*ඔරිජිනල් DATA කේබල් එකක්
 ඔච්චරයි  සොෆ්ට්වෙය ගහන්න තියන ෆෝන් එකත් ඕනි ඈ ;)

හරි එහෙනම් මුලින්ම අපිට මැෂින් එකට ඩ්වයිස් එක ඩිටෙක්ට් කරගන්න USB DRIVERS දාගන්න ඕනි
එක ගන්න මෙන්න මේ ලින්ක් එකෙන් http://developer.samsung.com/technical-doc/view.do?v=T000000117
හරි ඕක ඩව්න්ලෝඩ්  කරලා ඉන්ස්ටෝල් කරගන්න
පස්සේ ෆ්ර්ම්වෙයා එක ගන්න මෙතනින්  මේ තියන සයිට් එකේ ෆ්‍රී රෙජිස්ටර් වෙන්න පුළුවන් එහෙම කරලා ඔයාගේ ෆෝන් එකේ මොඩල් නම්බර් එක ගහල serch කෙරුවහම ෆ්ර්ම්වෙයා ලිස්ට් එක එනවා එන එව්වයෙන් COUNTRY එක තෝරන්න තිබ්බොත් ශ්‍රී ලංකා කියන එකෙන් ගන්න ශ්‍රී ලංකා තිබ්බේ නැත්තන් අපේ රටට ලගම තියන රටක එහෙකින් ෆ්ර්ම්වේය එක ගන්න මේක ඩව්න්ලෝඩ් වෙන්නේ .ZIP ෆිය්ල් එකක් විදියට එක extract කරලා තියාගන්න ෆයිල් ලොකේෂන් එකත් එක්ක (samsung කොරියන් දුරකථන සදහා මෙතනින්  ෆිර්ම්වෙයා බාගත කරගන්න )


දැන් අපිට ඕනි samsung වලටම විතරක් සොෆ්ට්වෙය ගහන්න ගන්න ටුල් එක මේකට කියන්නේ ඔදින් කියල මෙතනින් ගන්න

හරි මුලික වැඩ ටික ඉවරයි දැන් ෆෝන් එක ඔෆ් එකෙ නම් තියන්නේ VOLUME DOWN+HOME +POWER ඔන්න ඔය බටන් තුන ඔබාගෙන ඕන කරන්න ඔන්න ඔය විදියට

 

හරි ඔය පලවෙනි පික් එකේ විදියට ආව නම් volume වැඩි කරන බටන් එක ඔබල දෙවෙනි එකට අරගෙන පිසි එකට කනෙක්ට් කරන්න දැන් ඔදින් ඕපන් කරන්න බලන්න ඔදින් වල ID:COM කියල කොටුවක් නිල් පට වෙලා තියනවද කියල ඒ කියන්නේ USB DRIVERS අරගෙන හරියටම 
හරි  දැන් අර ඔයාගේ පොන් මොඩල් එකට බාගත්ත ෆිර්ම්වෙයා එකේ සිප් ෆයිල් එක extract කෙරුවට පස්සේ එන ටාර් ෆන් එක ඔදින් වල PDA කියන ටැබ් එකට දෙන්න(සැ .යු.-ඔදින් වල නවතම සංස්කරණ වල PDA යන ටැබ් එක වෙනුවට PA කියල ටැබ් එකක් ඇත එයට ලබාදෙන්න ) 
ඔන්න හරි දැන් යට තියන START කියන එක ක්ලික් කරන්න ඔක්කොම ඉවර වෙලා ඔදින් වල පාස් කියල වැටෙයි ඊට පස්සේ පොන් එක ඩිස්කනෙක්ට් කරන්න 
හරි පලවෙනි පාර ඕන වෙන්න ටිකක් වෙලා යයි හදිස්සියෙවත් බුට්ලුප් එකක් ආවොත් රිකවරි මෝඩ් එකෙන් wipe data/wipe cache එකක් දෙන්න අනිවා ඕන වෙනවා ඔච්චරයි :ඩ් 


    -ජෙහාන්- 

LG Optimus L3 (E-400) එකට ඇන්ඩ්‍රොයිඩ් කිට්-කැට් කස්ටම් රොම් එකක් සහ රොම් එක දාන හැටි

2:30 AM 1 Comment


හරි අද මන් ඔය ගොල්ලන්ට ගෙනාවේ LG Optimus L3 (E-400)  එකට මට දැනට හම්බ වෙලා තියෙන සුපිරිම රොම් එක මේ රොම් එක ඉතින් දුප්පත් අපිට ගොඩක් වටිනවා මොකද (E-400) එකේ ඉන්ටනල් මෙමරියට ඇප්ස් දාන්න පුලුවන් මෙගා බයිට් එකසිය තිස් ගානක් වගේ පොඩි ගානක් හැබැයි මේ රොම් එකේ අපිට 1GB වෙනකන් කිසිස්ම අවුලක් නැතිව ඇප්ස් දාන්න පුලුවන් අනික මේ රොම් එකේ මට තාම බග් එකක් හම්බ වෙලා නෑ (පොඩි බග් එකක් තියෙනවා අපිට ඒක ගින්නක් නැතුව හදන්න පුලුවන් හික්ස් ගනන් ගන්න එපා)

මේ රොම් එකේ තියෙන වැඩකෑලි මොනවද කියලා බලමු.

1. 1GB වෙනකං ඇප්ස් දාන්න පුලුවන් වීම.

2. සම්පූර්නයෙන්ම ෆෝන් ක කිට්කැට් වගේම වීම.

3. DSP Sound Manger App එක කලින්ම දාලා තිබීම.

4. ෆෝන් එක ස්පීඩ් වීම.

5. බැටරි ලයිෆ් එක හොඳ වීම.

හරි වැඩි පම්පෝරි ඕනා නෑ වැඩේට අපි දැන් බහිමු...

මුලින්ම අපිට ඕනා කරන දේවල් ටික බලමු 

රොම් එක මෙතනින් ගන්න

හොඳ මෙමරි කාඩ් එකක්

කම්පුටර් එකක් (රූට් කරන්න හොඳේ රොම් එක ගහන්න නම් නෙවේ )

තව LG Optimus L3 (E-400) එකක් ඕනා වෙන මොඩල් නම්බර්ස් තියෙන අය නම් රොම් එක ගහන්න යන්න නම් එපා...


හරි මුලින්ම රොම් එක ගහන්න කලින් අපි ෆෝන් එකට කරන්න ඕනා දේවල් ටිකක් බලමු

ෆෝන් එක මුලින්ම රූට් කර ගන්න (ඒකට කම්පුටර් එකට iRoot සොෆ්ට්වෙයාර් එක දාලා රූට් කර ගන්න.. සොරි වෙන්න ඕනා ඒ ගැන දාන්න බැරි උනාට යූ ටියුබ් එකේ පොඩ්ඩක් බලන්න )

තව ෆෝන් එකට CWM රිකවරිය දාගන්න ඕනා ඒක දාන හැටි මෙතනින් ගිහිල්ලා බලන්න

ෆෝන් එක අනිවා  80% ට වඩා චාර්ජ් කරන් ඉන්න...

දැන් රොම් එක එහෙනම් ගහමු...

1. මුලින්ම අපි අර ඩවුන්ලෝඩ් කරපු රොම් එක මෙමරි කාඩ් එකට දා ගන්න

2. ඔයාගේ ෆෝන් එක මුලින්ම බැටරිය ගලවලා ඕෆ් කරන්න.

3. ෆෝන් එකට බැටරිය ආයේ දාලා මම මේ කියන විදිහට බටන් ටික ඔබල දාන්න HOME + VOLUME       UP + POWER එක ඔබන් ඔන් කරන්න LG logo එකට ආව ගමන් ඔක්කොම බටන් ටික අත් හරින්න.

4. හරි දැන් රිකවරි මුඩ් එකට ඇවිල්ල තියෙන්නෙ එතනදි ටච් එකව් වැඩ්ක කරන්නේ නෑ ආදාල තැනට යන්න තියෙන්නෙ බටන් වලින්
උඩට යන්න ඕනා නම් - Voloume Up
පහලට යන්න ඕනා නම් - Voloume Down
අදාල දේ සිලෙක්ට් කරන්න නම් - Power Key එක

5. wipe data/factory reset කියන එක සිලෙක්ට් කරන්න ඊට පස්සේ එතන තියෙන Yes කියන එක සිලෙක්ට් කරන්න.

6. wipe cache partition කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එතන තියෙන Yes කියන එක සිලෙක්ට් කරන්න.

7. ඊට පස්සේ Advance කියන  සිලෙක්ට් කරලා ඊට පස්සේ wipe dalvik cache ඊට පස්සේ එතන තියෙන Yes කියන එක සිලෙක්ට් කරන්න.

8. දැන් Go Back එක සිලෙක්ට් කරන්න.

9. දැන් Install Zip From SD Card කියන එක සිලෙක්ට් කරන්න.

10. ඊට පස්සෙ උඩම තියෙන choice zip file from sd card එක සිලෙක්ට් කරන්න

11. දැන් Android®KitKatv2_by_Josh.zip කියන එක සිලෙක්ට් කරන්න ඊට පස්සේ එතන තියෙන Yes කියන එක සිලෙක්ට් කරන්න.

12. හරි දැන් රොම් එක පස්සේ එයි අමුතු භාශාවක පොඩි සීන් එකක් එයි එතනදි Next කියන එක ඔබන්න ඊට පස්සේ ආයෙත් අමුතු භාශාවක පොඩි සීන් එකක් එයි එතනදීත් Next කියන එක ඔබන්න.

13. ඊට පස්සේ රොම් එක ඉන්ස්ටෝල් උනාට පස්සේ එයි අමුතු භාශාවක පොඩි සීන් එකක් එයි එතනදි Next කියන එක ඔබන්න ඊට පස්සේ ආයෙත් අමුතු භාශාවක පොඩි සීන් එකක් එයි එතනදීත් Next කියන එක ඔබන්න.

14. හරි රොම් එක ඉන්ස්ටෝල් උනාට පස්සේ ආයෙත් රිකවරි එකට එයි ඊට පස්සේ කරන්න තියෙන්නෙ Go back කියන එක සිලෙක්ට් කරලා පස්සේ Reboot System Now කියන එක සිලෙක්ට් කරන්න.

15. හරි දැන් රොම් එකේ සෙල්ලන් ඔක්කොම ඉවරයි දැන් ෆෝන් එක ඔන් වෙයි හැබැයි පලවෙනි පාර නිසා ටිකක් වෙලා යයි එහෙම කියල බැටරි නම් ගලවන්න යන්න එපා..

ඔන්න දැන් අර මම කිව්ව බග් එක තීයෙයි ඒ කියන්නෙ අර භාශාව අවුල් එකේ තියෙන්නෙ ඉංග්‍රීසියෙන් නෙවෙයි ඒක හදන්න නම්  Language Enabler කියලා ඇප් එකක් තියෙනවා Playstore එකේ ඒක දාගෙන ඒකෙ English කියන එක දීලා වැඩේ ගොඩ දාගන්න.. හරි නෙහ් දැන් ෆෝන් එක හරි...


ඔන්න ඔය තියෙන්නෙ රොම් එක ගැහුවට පස්සේ තියෙන විදිහ















හරි වැඩේ ගොඩ නම් එච්චරයි... මේ ගේමේ සාර්ථකත්වය අසාර්ථකත්වය තියෙන්නෙ ඔයාගේ අතේ.. මම රොම් එක ගහලා බලලා තමයි කියන්නේ.. එහෙනම් පරිස්සමෙන් වැඩේ ගොඩදාගන්න. අදට එහෙනම් මම ගියා තව මොකක් හරි දෙයක් අරන් එන්නම්..

Motorola Pure android දුරකතනය වන Motorola Moto X Style හි පුනරාගමනය

5:48 PM Add Comment
Motorola කිව්වොත් අද ගොඩක් කට්ටිය දන්නේ නැති Brand එකක් බවට පත්වෙලා තියෙනවා . ලංකාවේ Motorola ගැන ගොඩක් ප්‍රසිද්ධ නොවුනත් අදටත් Motorola Phone පාවිච්චි කරන අය, Motorola වලට ආදරය කරන අය ලංකාවේ තාම ඉන්නවා . Motorola සහ Google සම්බන්ධ  වී 2014 අවුරුද්දේ Nexus 6 ස්මාර්ට් දුරකථනය හදුන්වා දුන් අතර එය බෙහෙවින් ජනප්‍රිය වුයේය.



මේ අවුරුද්දෙත් Motorola විසින් ස්මාර්ට් දුරකථන තුනක් එළිදැක්වූ අතර,  ඒ අතරින් Motorola Moto X Style ප්‍රදාන ස්ථානයක් ගනී . එහෙයින් අද මම Moto X  Style පිළිබද ඉදිරිපත් කිරීමට අදහස් විය .


Moto X Style යනු Android 5.1.1 මෙහෙයුම් පද්ධතියෙන් ධාවනය වන සහ Motorola වලට ආවේනික Moto Voice , Moto Assist , Moto Display සහ  Moto Action යන ප්‍රදාන apps වලින් මෙම දුරකථනය සමන්විත වේ .

මෙහි Camera පිළිබදව ගත් විට , පිටුපස Cameraව 21.0 f/2.0 මෙගා pixel අගයෙනුත් සහ දිත්ව Flasher ( Dual CCT flash ) සමග පැමිණෙන අතර Video පටිගත කිරීමේදී 4k උසස් තත්වයකින් පටිගත කිරීමේ හැකියාවක් දක්නට ලැබේ , මෙහි ඉදිරිපස Camera ව 5.0 මෙගා pixel අගයකින් මෙන්ම 87” wide-angle කාච ප්‍රමාණයකින් යුක්ත වේ. මෙහි ඉදිරිපස Flasher යක්ද අඩංගු වේ .

Moto X Style හි බැටරි ධාරිතාවය 3,000 mAh වන අතර  මෙයට Moto turbo Charger උපාංගය නොමිලේ ලබාදෙයි . මෙහි Ram මතකය 3GB වන අතර Memory ධාරිතාව 16/32/64 GB යනුවෙන් ආකාර තුනකින් පැමිණෙන අතර මෙහි බාහිර මතකය 128 GB දක්වා ඉහල දැමිය හැකිය 


 x Style හි තිර ප්‍රමාණය ( Display Size ) අගල් 5.7” පමණ වන අතර  මෙහි  Qualcomm Snapdragon 808 1.8 GHz hexa-core processor යකින් සමන්විත වේ . එමෙන්ම මෙය 4G තාක්ෂණයේ ඉහලම අවස්ථාව වන Universal LTE banding තාක්ෂණය බාවිතා වේ .

මෙහි තනි Nano සිම්පතක් අඩංගු කල හැකි අතර , ද්‍රව ප්‍රතිරෝදී ( Water repellent ) තාක්ෂනය අන්තර්ගතකොට තිබේ ..







මෙහි විශේයෙන් දක්නට ලැබෙන ලක්ෂණය වන්නේ Motorola official වෙබ්අඩවිය මගින් ලබාදෙන Moto Maker option ක්‍රමයයි . මෙහිදී ඔබගේ Motorola දුරකථනය ට ඔබට අවශ්‍ය වර්ණ වලින් දුරකථනය තෝරා දුරකතනයේ මිල සැසදීමටද අවස්ථාව හිමිවේ  




එය ඔබේම කරගන්න 






Inside & Out

ඔයාගෙ HTC එක ඔරිජිනල් එකක්ද ? ඒක මීට කලින් රූට් කරල සෙල්ලම් දාපු පෝන් එකක් ද ? හොයාගන්න විදිහ මන් කියල දෙන්නම් ...

1:29 AM Add Comment
දැන් HTC වලත් Samsung වල වගේ කොපි හෙවත් ක්ලෝන් දුරකතන එනවා .. ඉතින් අපි සැලකිලිමත් විය යුත්තේ අන්න ඒවා ගැනයි ... ඒවා නම් ගන්නවත් හිතන්න එපා ...

HTC දුරකතනයක් ඔරිජිනල් ද කියල බලගන්න පුලුවන් *#*#3424#*#* යන කෝඩ් එක පෝන් එකේ ඩයල් පෑඩ් එකේ ගහලා ....
ඊට අමතරව  HTC Bootloader එක බලලා හදුනගන්නත් පුලුවන් .... මන් කියල දෙන්නම් දැන් කොහොමද බූට් ලෝඩර් එකට යන්නේ කියල ..

1. මුලින්ම පෝන් එකේ සෙටින්ග්ස් වලට යන්න ... ඊට පස්සේ ඒකේ තියන Power වලට යන්න ඒකේ යටම ඇති Fastboot කියල එකක් .. එහෙම එකක් තියනවනම් ඒකට දාල තියන හරිය අයින් කරන්න ... එහෙම  නැත්තම් අව්ලක් නෑ ..

2. දැන් පෝන් එක ඕෆ් කරන්න ....

3. ඊට පස්සෙ පෝන් එකේ volume අඩු කරන එක ඔබාගෙන ඒක ඔබාගෙන ඉන්න ගමන් ම Power එකත්        ඔබාගෙන ඉන්න ස්ක්‍රීන් එකේ මොකක් හරි එනකන්





4. ඊට පස්සෙ ඔය උඩ තියන පොටෝ එකේ හැඩේට එනවානම් ඒක ඔරිජිනල් එකක් ... ඔය තියන වචන , අකුරු ඒ විදිහටම තියෙන්න ඕනේ නෑ ඔය හැඩේට තියනවනම් ඒක ඔරිජිනල්  HTC එකක් ..


5.ඔය ස්ක්‍රීන් එකේ තියෙද්දිම ලේසී අපිට පෝන් එක කලින් රෝට් කරල සෙල්ලම් දාපු එකක් ද කියල හොයා ගන්න .. ඉන්න මන් ඒකත් ඉයල දෙන්නම් ....

 ඔය උඩ *** LOCKED ***    කියලා තියෙන්නේ පෝන් එකේ බූට්ලෝඩර් එක ...  HTC පෝන් එකක් රූට් කරන්න නම් අනිවර්‍යයෙන් ම බූට්ලොඩෙර් එක අන්ලොක් කරන්න ඕනේ .... ඉතින් ඔතන *** LOCKED ***  කියන එක වෙනුවට *** UNLOCKED ***  කියලා තිබුනා කියන්නේ බූට්ලෝඩර් එක ගොඩක් වෙලාවට අන්ලොක් කරල තියනවා කියන එකයි ...හැබැයි  One M සීරියස් එකේ පෝන් වල එනවා Developer Edition කියලා එකක් ඒකේ නම් කොහොමත් එද්දිම bootloader අන්ලොක් කරලා එන්නෙ ... 



   

ඊට යටින් තියනවනෙ ඔය  M7_UL PVT SHIP S-ON RH  එකක් ... එකෙන්  කියවෙන්නේ මේකයි ...
M7 = පෝන් එකේ කෝඩ් නේම් එක
UL = පෝන් එකේ වර්ශන් එක ... UL කියල තියනවා කියන්නෙ ඒක ඒකේ international වර්ශන් එක ...ඒක වර්ශන් එකෙන් වර්ශන් එකට එනස් එන්න පුලුවන් ..
S-On = phone එකේ බූට්ලෝඩර් සිකියුරුටි සිස්ටම් එක ඔන් එකේ තියනවා කියන එක .. ඔතන  S-OFF කියල තිබ්බා කියන්න සිකියුරිටි එක ඕෆ් කරල කියල තියන එකයි .. ඒක S-OFF කියල නම් තියෙන්නෙ ඔයා ඒ පෝන් එක ගන්න නම් ගියේ ඒ පෝන් එක ගන්න එපා ...ඒක S-OFF කියල තියනව කියන්නෙ අනිවර්‍යයෙන් ම පෝ එක රෝට් කරල පිස්සුම නටල තියනවා කියන එක .. ඒක නිස පෝන් එක ගන්න යනවනම් ඒක ගන්න එපා ...සමහර ඒවා එනව ඩිවෙලොපර් එඩිශන් කියල HTC වල .. එව නම් ගොඩක් ඒවා S-OFF කරල එන්නෙ ... මොකද ඒවා විශේශයෙන්ම ඩිවෙලොපර්ස් ලා සදහා හදන එකක් නිසා ..

S-OFF එකක් උනත් අනිත් පෝන් බ්‍රෑන්ඩ්ස් වගේ යූස් කරන්න පුලුවන් .. ඒත් මන් කියන්නෙ නම් ඔය rooting ඒවා මේව සෙල්ලම් දාන්න දන්නෙ නැති කෙනෙක්ට එයා S-ON එකක් ගන්න එක හොදයි ... මොකද HTC පෝන් එකක් S-ON නම් කවදාවත් ඒ පෝන් එක Dead වෙන්නෙ නෑ ...අනික රූට් කරද්දිත් බය වෙන්න ඕනෙ නෑ පෝන් එකේ බූට්ලෝඩර් එකට බලපෑමක් වෙන්නෙ නෑ S-ON එකේ නම් පෝන් එක .. අනිත් ඒවා වගේ "අනේ මගේ පෝන් එක ඩෙඩ් උනා දැන් ඩෙඩ් බූට් රෙපයාර් කරන්න ඕනේ" කිය කිය අඩන්න ඕනෙ නෑ ..


ඔය bootloader unlocked , s off කියල තියන හැම පෝන් එකක් ම යතා තත්වයට ගන්න පුලුවන් ... මන් ඒක කොහොමද කරන්නෙ කියල පෝස්ට් එකක් ඉදිරියේදී දාන්නම් ....

එහෙනම් මන් ගියා ...

ඔයාලට මේක උදව්වක් උනා නම් කොමෙන්ට්යිවක් දාලම යන්න ..
පුලුවන්නම් ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා ..