Showing posts with label tips & tricks. Show all posts
Showing posts with label tips & tricks. Show all posts

ඔයාගේ පෞද්ගලික දත්ත කාටවත් සැක නොවෙන්න Image file එකක හංගමුද..?

4:23 AM 4 Comments







ඔන්න ඉතිං කට්ටියට අද මම කියලා දෙන්න හදන්නේ අපේ පෞද්ගලික දත්තයන් හංගන තවත් විදිහක් ගැන. මේක ඇවිල්ලා ලොක් එකක් වත් මොකුත් නෙවෙයි. කාටවත් සැක නොහිතෙන්න ඔයාගේ Images files ගොඩේම සාමාන්‍ය Image එකක් විදිහට ඔයාගේ ඕන කරන දත්ත Archive කරලා දාන විදිහක්.

උදා :- Photos , videos , music and other

හම්මේ දැක්ක ගමන් මතක් වෙනවා නේද හා දෙන්නම් බැටේ කියලා ;) ඒකට තමා මම මේ කියලා දෙන්න හදන්නේ.


එහෙනම් වැඩේට බහිමු...,


මුලින්ම ඕන වෙන්නේ මෙන්න මේවා..

1. Winrar software එක අනිවාරෙන්ම තියෙන්න ඕන. නැත්නම් මෙතනින් බාගන්න.

2. ඔයා C:/ කියන path එකේ නිකං වෙනම Folder එකක් හදාගන්න කැමති නමක් දාලා.

3. මොකක් හරි ඔයාට කැමති Image එකක් ගන්න. ඕනෑම fomat එකක

උදා :- .gif / .jpg / .png

4. ඔයාට මේ වැඩේ ලේසි වෙන්න ඒ ගත්ත Image එක A කියලා නම් කරගන්න.

5. දැ ඔයාට හංගන්න ඕන කරන Files ටික ඔක්කොම එක Folder එකක් අස්සට දාලා ඒක Right click කරලා Winrar වලින් Add to archive දෙන්න .rar fomat එකෙන්. Archive කරලා ඔයාට ලේසි වෙන්න ඒක මොකක් හරි ලේසි එකකට Rename කරගන්න.. මම නම් කරේ Techlokaya කියලා.

6. දැං මේ ඔයා ගත්ත කැමති A ලෙස හදාගත්ත Image එක හා අර Archive කරගත්ත .rar fomat එකේ files 2ම ඔයාගේ C:/ එකේ අර ඔයා හදාගත්ත Folder එක ඇතුලට දාගන්න.


මම නම් ගත්තේ මේව..







හරි දැං ඔය ටික C:/ එකේ ඔයා හදාගත්ත Folder එකට දාගත්තානේ. මම හදාගත්තේ ඒකත් Techlokaya කියලා.


දැං තමා හොඳම Game එක තියෙන්නේ.


7. Search කරලා හෝ කොහොම හරි Open කරගන්න Cmd එක.







8. දැං මේකේ Type කරන්න., 

cd/ 

කියලා ගහලා Enter ඔබන්න.









8. හරිනේ.. දැං අපි ඇවිල්ලා ඉන්නේ Root directory එකට. ඒ කියන්නේ ඔයාගේ C:/ එකට.








9. දැ ඔතනින් හරියටම අකුරු Simple , Capital වරද්දන්නේ නැතුව අර ඔයා C:/ එකේ හදාගත්ත Folder එකේ නම ගහන්න මේ විදිහට.,

 cd Techlokaya

කියලා ගහලා Enter ඔබන්න. . ඒ කියන්නේ cd කියලා ගහලා Space තියලා අර Folder එකේ නම ගහන්නේ මම ගැහුවේ Techlokaya කියලා  මම හදපු එකේ.







10. දැ මෙන්න මේ ටික මේ විදිහට Type කරන්න cmd වල. මේ විදිහට කිව්වේ මෙතනදි වැදගත් වෙනවා අර ඔයා හදාගත්ත Arcive කරගත්ත file ටිකේ .rar වලට දාපු නම් Image එකට දාපු නම්. මම ඒවා කරේ Image එකට A කියලත් .rar එක Techlokaya කියලත් නිසා මම ඒවා යූස් කරනවා. ඔයා කරනකොට cmd එකේ type කරන්න ඕන ඔයා දාපු නම්. ඔයත් මේ විදිහට දැම්මනම් මේ ටිකම type කරන්න.

තේරෙනව ඇති නේ දැ... ;)

මෙන්න මෙහෙමයි පල්ලෙහා මම දාපු Photo එකේ විදිහට ඒ විධාන ඒ විදිහට type කරන්න ඔයාගේ අර Files 2කේ නම් විතරයි වෙනස් වෙන්නේ.. හොඳේ..

copy /b A.jpg + Techlokaya Sen11.jpg 


Note :- පහත දී ඇති Image එකේ රතුපාට අකුරින් ලියා ඇති දෑ කියවන්න.







හරිනේ.. දැ ඔක්කොම හරි එහෙනම්... ඔයා දැං cmd එක මගින් ඔයාගේ files .jpg එකක් අස්සට copy කරගත්තා..

දැ බලමු අපි කොහොමද මේක බලන්නේ කියලා.. හංගගත්ත වගේ නෙවෙයි නේ බලන්න ගියාම :D
අනික මේක නිකන් Image viewer එකකින් Open කරාම පෙන්නන්නේ අර Image එකමයි. ;) අන්න ඒකනේ රහාස්‍යභාවය කියන්නේ.. :D හැබැයි මේ Image එක අනිත් ඒවා වගේ නෙවෙයි Capacity එකෙන් ගොඩක් වැඩී. මොකද අර ඔයාගේ දත්ත මේක ඇතුලේ හැකිලිලා තියෙන නිසා.


11. Open කරගන්න Winrar එක Search bar එකේ type කරලා.








12. ඔන්න දැං දැක්කනේ අපි හදාගත්ත බඩු තියෙනවා. එහෙනම් බල බලා ඉන්නේ නැතුව ඒක Open කරන්න Winrar හරහා.








කොහොමද වැඩේ.. :D මම හැංගුවේ Thisara Weerasinghe ගේ Pawi pawi කියන සිංදුවේ .mp3 එක. කොහොමද ඒක ඔය image එක ඇතුලේ බැබලි බැබලි තියෙන්නේ..

ඉතිං මේ වගේ ඔයාගෙ ඕනම file එකක් මෙහෙම හැංගුවැහැකි..

එහෙනම් මම ගියා. කියන්න තියෙන්නෙ command type කරනකොට හරියටම කරන්න. ඉස්පිලි , පාපිලි , හිස් තැං බලලා.  නැත්නම් ඉතිං ආය මුල ඉඳන් ගහන්න වෙනවා.. හම්මේ මල ඇනේ ඉතිං.



එහෙනම් අදට මෙච්චරයි. මම ගියා. මොකක් හරි අව්ලක් නම් , වැඩේ කරගත්තානම් මෙතන comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. මොකද අපිට ඒවා ගොඩාක් වටිනවා. :) එහෙනම් Share පාරකුත් දාගෙනම යමු..


Author..,

Senal Evans

YouTube භාවිතය ගැන හරියට ඉගෙනගමු ....

3:25 AM 3 Comments



YouTube කියන්නෙ මොකක්ද කියල කව්රු හරි ඔයාගෙන් ඇහුවොත් ඔයා මොකක්ද එයාට දෙන උත්තරේ ?

*ආයෙ වෙන මොකක්ද ඉතින් ... youtube කියන්නෙ වීඩියෝ බලන්න පුලුවන් සයිට් එකක් .. ඒකේ ගොඩාක් වීඩියෝ තියනවා ..

ඔන්න ඕක තමයි දෙන්න පුලුවන් සරලම උත්තරේ ඕනෙම කෙනෙකුට ..


          ඇත්තටම ඉතින් ඒ උත්තරේ වැරදීමයි කියලත් කාටවත් කියන්න බෑ .. ඒත් youtube ගැන ඊට වඩා පැහදිලි උත්තරයක් දෙන්න පුලුවන් .. දන්නෙ ඇති අයට තමයි ඉතින් මේ මන් මේක ලියන්නෙ ..


ප්‍රධාන වශයෙන් අපිට Youtube එකේ කරන්න පුලුවන් වෙන්නෙ මෙන්න මේවා ...



  1. වීඩියෝ බැලීම (කව්රුත් දන්නව ඉතින් ඒක නම් නේද :ඩී )
  2. වීඩියෝ Upload (අප්ලෝඩ්) කිරීම .. [වීඩියෝ Youtube එකට දැමීම]
  3. දාපු වීඩියෝ වලට කොමෙන්ට් දැමීම 
  4. ලයික් (like) කිරීම [Thumbs Up]
  5. මුදල් සෙවීම ( එච්චර මේක ගැන දැන්ම හිතන්න එපා :ඩී )


               ඔන්න ඕව තමා ඉතින් කරන්නෙ වැඩි වශයෙන් Youtube එකේ ඉන්න කට්ටිය ... ඒත් ඉතින් මේවා ගැන තව දුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍යයි ... මන් එකින් එක විස්තර කරන්නම් 


1.වීඩියෝ බැලීම

මේක ගැන නම් මහා ලොකුවට කියන්න දෙයක් නෑ ..ඕනෙම කෙනෙක් මොකක් හරි වීඩියෝ එකක් බලන්න ඕනෙ උනාම යන්නෙ Youtube එකට ... 

මෙහෙමයි .. ගොඩාක් අය මේකෙ වීඩියෝ බලන්නෙ තමන්ගේ විනෝදාශ්වාදේ සදහා පමනයි ..ඒත් මේ සයිට් එක අපේ දැනුම වර්ධනය කර ගන්න නම් ගොඩාක් වටින දෙයක් .. 

මේක තමන්ගේ හොදට පාවිච්චි කටන්නත් ඒ වගේම නරකට පාවිච්චි කරන්නත් පුලුවන් ..ඒ වගේම තමයි බලනන කෙනාටත් ... 

හරියට බැලුවොත් ඔයාට එක එක දේවල් ඉගෙන ගන්න ඇත්තටම ඔය කෝස් පස්සෙ අර ඩිග්‍රි මේ ඩිග්‍රි පස්සෙ යන්න ඕනෙ නෑ .. ( සහතිකේ වටිනව නම් යන්න ඕනෙ ඈ :පී )

ඔයාට මොනවද ඉගෙන ගන්න දැන ගන්න ඕනෙ .. ඒ හැම දෙයක් ම වගේ Youtube එකේ තියනවා ..ඕනෙ දෙයක් ගිහින් හොයල බලල ඉගෙන ගන්න ..

මට ඕනෙ දේවල් ඉගෙන ගන්නත් මට Youtube ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා ...


2.වීඩියෝ Upload (අප්ලෝඩ්) කිරීම

ඔයාට පුලුවන් ඔයාගෙ වීඩියෝත් මේකට දාන්න ... ඕනෙ එකක් දාන්න පුලුවන් .. ඒක ඔයාගෙ උවමනාව මත තමා සිද්ද වෙන්නෙ .. මේක කරන්න අම් ඔයාට Youtube එකවුන්ට් එකක් ඕනෙ වෙනවා .. එකවුන්ට් එකක් ඔයාට තියන එක ගොඩාක් වැදගත් වෙනවා .. වීඩියෝ දාන්නම විතරක් නෙමෙයි .. වීඩියෝ බලද්දිත් ඔයාට ගොඩාක් වටිනවා එකවුන්ට් එකක් තිබීම .. ඒකේ වාසි මන් පහලින් කියන්නම් පෝස්ට් ක මෙහෙම්මම කියවගෙන එන්නකෝ ...

ඔයා දාන වීඩියෝ ඒක මත ඒක බලන ප්‍රමාණය තීරනය වෙනවා ... 
ඔයාට පුලුවන් ඔයා දන්නෙ නැති දෙයක් වීඩියො එකක් මාර්ගයෙන් දාන්න යූටියුබ් එකට .. ඒක දන්න අය එතකොට ඔයාට ඒක ඇන කියල දෙයි ... තමන්ට ඉගෙන ගන්න විතරක් නෙමෙයි එතකොට තමන්ට කියල දෙන්නත් මේක ප්‍රයෝජනවත් එනව කියල දැන් ඔයාට තේරෙනව ඇති










3.දාපු වීඩියෝ වලට කොමෙන්ට් දැමීම 

මේක නම් ඔයාට ඉතින් තනිකරම ෆේස්බුක් වල වගේ යූස් කරන්න පුලුවන් .. තමන් දන්න දේ ඒ දාන්න , දන්නෙ නැති දෙයක් අහගන්න , කැමැත්ත ප්‍රකාශ කරන්න වගෙ දේවල් වලට ..


4.ලයික් (like) කිරීම [Thumbs Up]

මේක නම් වීඩියෝ එක දාපු කෙනාට .. ඔයා ලයික් එකක් දැම්මොත් ඒ වීඩියෝ එකේ රේටින්ග්ස් වැඩි වෙලා ඒක අනිත් ය අතරෙ ප්ර්සිද්ද වීම වැඩි වෙනවා .. ඒකෙන් ඒ වීඩියෝ එක බලන ප්‍රමානෙ වැඩි වෙනවා .. ඒ වීඩියෝ එකට එයා ads එහෙම දාල තියනව නම් ඒකට සල්ල් ලැබෙනවා බලන කට්ටිය අනුව ..(බලන කෙනාට නම් ලැබෙන දෙයක් නෑ ඉතින් )





5.මුදල් සෙවීම 

ඔව් .. යූටියුබ් එකෙන් සල්ලි හම්බ කරන්න පුලුවන් ...ඔයා දාන වීඩියෝ එකට ads දා ගත්තොත් ඔයාටත් ඒකෙන් ගානක් හම්බ කරන්න පුලුවන් .. සල්ලි ගාන තීරනය වෙන්නෙ ඉතින් වීඩියෝ එක බලන ප්‍රමානෙ අනුවයි .. add එක ක්ලික් කරන ප්‍රමානෙ අනුවයි .. ඉතින් ඔයා හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනෙ ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් දාන්න .. ඒ වගේම ඒක වටේම පබ්ලිශ් කරන්නත් ..ෆේස්බුක් එහෙම නම් තමන්ගෙ වීඩියෝ එකේ වීව්ස් ගාන වැඩි කරගන්න ගොඩක් වටිනව .. මොකද තම්ගෙ වීඩියෝ එකේ ලින්ක් එක ඒකෙ වටේම පෝස්ට් කරන්න පුලුවන්නෙ ඉතින් ...පහල තියෙන්නෙ ඒ යූටියුබ් ඇඩ්ඩ් වලට උදාහරණ ,,






* Youtube එකවුන්ට් එකක් (චැනල් එකක් ) හදමු ...හරි ප්‍රයෝජනයක් ගමු ..


මන් කිව්වනෙ උඩදි එකවුන්ට් එකක් තියන එක ගොඩක් වාසී කියල .. ඉතින් ඒ වාසි ඔයාට දැන් මේක බැලුවම ඉබේම තේරුම් යයි .


හරිම ලේසී මේ වැඩේ ... ඔයාට Gmail එකවුන්ට් එකක් තියනව න ඒ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගහල ලොග් වෙන්න යූ ටියුබ් එකට ..හරි දැන් ඔයාට යූටියුබ් එකවුන්ට් එකක් තියනවා .. ඒක මේ පහල තියන විදිහට වැටෙයි ඔයා ලොග් උනාම ..






ඔය පොටෝ එකේ අංක දාල තියන ටික මන් වර්ග කරල දෙන්නම් ...

  1. home එක .. ඒ කියන්නෙ ප්‍රදාන මෙනුව .. ඔය ඉන්නෙත් ඒ පේජ් එකේ තමයි 
  2. ඒක ඔයාගෙ ප්‍රොෆයිල් එක .. ඒ කියන්නෙ ඔයාගෙ චැනල් එක ..
  3. ඒකෙන් කියන්නෙ ඔයා Subscribe කරල තියන තවත් Youtube චැනල් වල දාල තියන වීඩියෝ ...subscribe කියන එක එච්චර ලොකුවට හිතන්න එපා .. ඒකෙ තේරුම හරියට ෆේස්බුක් එකේ යාලුවෙක්ව ෆ්රෙන්ඩ් කෙනෙක් කරගත්ත වගේ ..ඔය පහල තියන පොටෝ එකේ වගේ තමයි ..මන් නිල් පටින් කොටු කරල ඇති 
     
  4. මේකෙන් කියන්නෙ ඔයා කලින් බලපු වීඩියෝ ටික.. 
  5. එකෙන් කියන්නෙ ඔයා පස්සෙ බලන්නම් ඉයල තෝරපු වීඩියෝස් 
  6. කියන්නෙ ඔයා ඔයාගෙ ප්‍රියතම වීඩියෝ ලෙස තෝරපුවා 
  7. ඔයා ලයික් කරපු වීඩියෝ 
  8. ඔයා සබ්ස්ක්‍රයිබ් කරපු වීඩියෝ චැනල්ස් 
  9. වීඩියෝ එකක් උප්ලෝඩ් කරන්න ඕනෙ නම් ඒක කරන්න ඔබන්න ඕනෙ බටන් එක
  10. ඔයාගෙ ගූගල් එකවුන්ට් එකෙ නොටිෆිකේශන් එන තැන 
  11. ඔයාගෙ ප්‍රොෆයිල් එක ..ලොග් අවුට් එහෙම වෙන තැන ..
  12. මෙතන තමයි ඔය ඔක්කොටෝම අදාල වීඩියෝ වැටෙන්නෙ .. ඔයා අලන ඊඩියෝ ටයිප් එක අනුව ලුත් වීඩියෝ ත් මෙතනට එනවා ..හරියට ෆේස්බුක් එකේ වගේම තමයි 




හර් .. ඉතින් එකවුන්ට් එකක් තියෙන එකෙන් වෙන වාසිය වෙන්නේ හිස්ටරි කියල එකක් තියන නිසා ඔයා කලින් බලපු වීඩියෝ ඉතා පහසුවෙන් හොයා ගන්න පුලුවන් ..ඔයා කැමතිම යූටියුබ් චැනල් සබ්ස්ක්‍රයිබ් කරොත් ඔයාට ඒගොල්ලො දාන වීඩියෝ හොයන්න ඕනෙ නෑ ඔයාගෙ සබ්ක්‍රිප්ශන් එකේ තියනවා ඒවා දාපු දිනේ පිලිවෙලට ඉදල ..තව ඔයා ලයික් කරපු , පස්සෙ බලන්න දාපු , ආසම ඒව විදිහට තෝරපු වීඩියෝ ආයෙ බලන්න එහෙම ගොඩ වටිනවා ..තව ඔයාට වීඩියෝ දාන්න පුලුවන් යූටියුබ් එකට ..හරියට කලොත් කීයක් හරි හොයා ගන්නත් පුලුවන් ..

බලන්න යූටියුබ් එකවුන්ට් එකක් තියන එකෙන් කොච්චර උදව්වක් වෙනවද ඔයාට .. මේක හරියට පාවිච්චි කලොත් ඔයා ෆේස්බුක් එනවා වගේ මේකටත් හමදාම ඇවිල්ල අලුත් දේවල් බලල යන්න ගනී .. මට අම් පුරුද්දට ගිහින් දැන් ඒක ... (ඩේට නම් කැපෙනව ඈ වීඩියෝ බලද්දි .. ) 


ඉතින් ඔන්න ඔහොම් තමයි ඕක වෙන්නෙ.. මේක ගැන හරියට දන්න අය හිටියත් මේක ගැන හරියට නොදන්න අය ඊට වඩා වැඩි නිසයි මට මේක දාන්න හිතුනෙ .. මන් හිතනව ඔයාලට මේ පොස්ස්ට් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල ..

එහෙනම් මන් තවත් අලුත් දෙයක් අරන් එන පොරොන්දුවත් එක්ක මේ පෝස්ට් එකෙන් සමු ගන්නවා .. උදව්වක් උනා නම් කොමෙන්ටුවක් දාගෙන ශෙයාර් කරගෙන යන්න අමතක කරන්නත් එපා ..මොකක් හරි ගැටලුවක් තිබුනොත් ඒත් පහලින් කොමෙන්ටුවක් දාන්න .. 


කර්තෘ අයිතිය - Charana Harshana






Microsoft Windows OS වල Usser log in password එක Bypass කරමු.

12:02 AM Add Comment






කොහොමද ඉතිං ඕගොල්ලන්ට...?


ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ ටිකක් බරපතල සෙල්ලමක් ගැන :D ඒ මොකද්ද දන්නවද.? දැනට ලෝකයේ වැඩියෙන්ම භාවිතාවන අපේ බිල් ගේට්ස් මහතාගේ Windows OS එකේ Usser log in password එක Bypass කරන විදිහ.

කියද්දිත් ආසයි නෙහ්..? :D අහල පහල එකාගේ කම්පියුටරේට ගේමක් දෙන්න ඕන , නැත්නම් ඔයාගේ ගෙදර තියෙන ඔයාට Exam නිසා හෝ වෙන හේතුවක් මත  password දාලා ලොක් කරපු කම්පියුටරේ lock එක ඇරලා ඇතුලට යන්න තිබ්බනම් , නැත්නම් තරහා කාරයෙක්ට් හොඳ ගේමක් දෙන්න කියලා වගේ දේවල් හිතෙනවා ඇති.

ඇත්තටම මම මේක කියලා දෙන්න යන්නේ එහෙව් දෙයක් නම් කරන්න නෙවෙයි..
කරන , නොකරන එක ඕගොල්ලන්ගෙ අතේ තමා තියෙන්නෙ.. මම මේක් කියලා දෙන්නේ නම් හදිස්සි අවස්ථාවකදී ප්‍රයෝජනයක් ගන්නයි , තමන්ගේ අධ්‍යාපනික දැණුම සඳහා පමණයි. මොකද මමත් මගේ PC එක අවුරුද්දක් යූස් නොකර තිබිලා මට මම දාපු Password එකවත් මතක නැතුව හෙන කට්ටක් කෑවේ.

අනික., මම මේ කියලා දෙන දෙයින් වෙන හානි සහ වෙන කිසිම දේකට මම වගකියන්නේ නෑ.


 ✦   හරි එහෙනම් අපි වැඩේට බහිමු..


Bypass කරන්න නම් ඉතින් Internet එකේ search කරාම නානාප්‍රකාර විදි තියෙනවා. Windows CD එකක් දාලා file 2ක් rename කරලා command වලිං හෙන පිස්සුවක් කෙලලා විදිහකුත් තියෙනවා. මම කියන්න යන්නේ ඊට වඩා ලේසිම ක්‍රමයක්. මේකෙන් කිසිදු කරදරයක් නැතුව වැඩේ කරහැකි.

මේ වැඩේදී ඔයා password එක bypass කරන්න ඕන කම්පියුටරේට අමතරව මේ tools ටික හදාගන්නත් කම්පියුටරයක් තියෙන්න ඕන. ඒක මහ දෙයක් නෙවෙයි සහ වැඩි වෙලාවක් යන්නේ නෑ ඒ ටික හදන්න.


✦    මොනවද මේ වැඩේට ඕන කරන Tools..?

මෙන්න මෙතනින් ඒක බාගත කරගන්න එහෙනම්.


මේ Tool එකෙන් අපිට අපේ කම්පියුටර් එක දෙවිදිහකට password bypass කරහැකි. මොකද මේ Tool එක විදි 2න් තියෙනවා..,

1. CD , DVD boot
2. USB boot

ඉතිං මම කියලා දෙන්නම් මුලින්ම USB boot එක ගැන...
USB boot කියපු ගමං මතක් වෙයි Pen drive එකක් හෝ වෙනත් Portable hard drive එකක්.. අනිවාරෙන්ම ඒ මොකක් හරි තියෙන්න ඕනමයි.

නමුත් මේ වැඩේදී ඔයාගේ ඒ Drive එක අනිවාරෙන් Fomat කරන්න සිද්ද වෙනවා මේ Files ටික දාන්න..

✦    එහෙනම්..,

1. පියවර :- ඔයාගේ Pen එක හෝ ඒ Drive එක Fomat කරගන්න.

2. පියවර :- අර බාගත්ත Folders ඇතුලේ Kon-boot USB කියන Folder එක ඇතුලේ ඇති USB Install by techlokaya කියලා batch file එකක්.. අන්න ඒක Run කරන්න.









එතකොට මෙහෙම එයි ඒක OK දෙන්න..,








පස්සේ මෙහෙම එයි ඒක RUN කරන්න..,







හරි එහෙනම් ඒ වැඩේ ඉවරයි..








3.පියවර :- එහෙනම් ඔයා Pen drive එක හෝ ඒ files දාපු portable drive එක ගලවලා අර password එක  bypass කරන්න ඕන කම්පියුටරේට ගහලා සාමාන්‍ය විදිහට OS එකක් ගහද්දි අපිට තෝරන්න එන Boot මෙනූ එකට යන්න.

එතනදි මෙහෙම  එකක් ඇති.. අන්න ඒක දීලා ටිකක් වෙලා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා..









:(අයියෝ... ඒකෙන් පස්සෙත් අර Log in තැනටම නේද ආවෙ..









සැලෙන්න එපා. ඔහොම්මම Key board එකේ අපි ආසම Button එක වෙන Enter ඔබන්න..

කොහොමද වැඩේ... ගොඩ නේද ඉතිං.. ඔයාට ඕන්නම් දැං ගිහිල්ලා Password එක Change කරන්නත් පුළුවන්. නැත්නම් ඔහොම්මම තියලා Usser ට නොදැනෙන්න ඕකෙ තියෙන දත්ත අරන් දන්නේ නෑ වගේ ඉන්නත් පුළුවන්.. ;)


✦    එහෙනම් බලමු CD එකකින් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා.


CD එකකින් කරත් මේ හරුපෙම තමයි.. ඔයාට ඕන කරන්නේ අර මම බාගන්න දීපු files වල Kon-boot CD කියන එක ඇතුලේ තියෙන .img file එක CD , DVD ඕන එකකට ගහලා අර කලින් වගේ boot කරන තැන Menu එකේ Boot from CD , DVD දෙන්න විතරයි..



එහෙනම් අදට මම ගියා.මොකක් හරි අව්ලක් නම් Comment එකක් දාල යන්න. වැඩේ ගොඩ ගියානම් ඒත් Comment එකක් දාගෙන යන්න. අනිත් අයටත් බලන්න Share පාරකුත් දාගෙනම යන්නකෝ එහෙනම් :) ආය මේ වගේ ප්‍රයෝජනවත් Post එකක් දානකම් රැඳී ඉන්න අප සමගම..


Author..,

Senal Evans

Notepad එක භාවිතයෙන් Folder එකක් lock කරමු ...

10:37 AM 7 Comments


මන් අද කියල දෙන්න හදන්නෙ ඔයාලගෙ පෞද්ගලික දේවල් කොහොමද කිසිම ඇප්ලිකේශන් එකක් භාවිතා නොකර පාස්වර්ඩ් එකක් දාල ලොක් කරන්නෙ කියල ...




1.මුලින්ම ඔයා ඔයාට කැමති තැනකින් නෝට්පෑඩ් එකක් ඕපන් කරගන්න ..

2. ඊට පස්සෙ මන් මේ පහල දාල තියන කෝඩ් එක ඒ නෝට් පෑඩ් එකට කොපි පේස්ට් කරන්න




3.ඊට පස්සෙ ඔය උඩ කෝඩ් එකේ YOUR PASSWORD HERE තැනට ඔයා ලොක් කරන එකට දාන්න ඕනෙ පාස්වර්ඩ් එක ටයිප් කරන්න ..

4.ඊට පස්සෙ ඔයා නෝට් පෑඩ් ෆයිල් එක සේව් කරගන්න ඕනෙ .. ඒක සේව් කරද්දි සේව් කරන්න ඕනෙ නම අහන තැනට  කැමති නමක් දාල ඒකට එහා පැත්තෙන් .bat කියලත් ටයිප් කරන්න ... ෆයිල් ටයිප් එකට All Files තෝරන්න ..

5. ඊට පස්සෙ සේව් කරන්න .... 


6.දන් අපි ඔන්න ලොකර් එක හදා ගත්ත ... දැන් ඒ සේව් උන බැට් ෆයිල් එක ඔයා ඇප්ප් හන්ගන්න ඕනෙ තැනකට ගෙනියන්න .. ගෙනියල ඒ ෆ්යිල් එක ඩබල් ක්ලික් කරන්න .. කරාම එතන Locker කියල ෆෝල්ඩර් එකක් හැදෙයි ..

7.හරි .. අපිට ලොක් කරල හන්ගන්න ඕනෙ ෆයිල්ස් දැන් ඒකට තමයි දාන්න ඕනෙ .. ඉතින් ඔයාට ඕනෙ ෆයිල් ටික ඒකට දාල ඒ ෆොල්ඩර් එක ක්ලෝස් කරන්න .. දැන් ආයෙ අර ඔයා හදා ගත්ත .bat ෆයිල් එක ඕපන් කරඅන්න ... ඊට පස්සෙ අහයි are you sure you want to lock the folder කියල ...

8.ඊට පස්සෙ ලොක් කරන්න එතන Y අකුර ගහල enter බටන් එක ඔබන්න ...

9.හුටා ලොකර් ෆෝල්ඩර් එක නැතුව ගියා නේද .. :D බය වෙන්න එපා .. දැන් ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ තියන ඒව කාටවත් පේන්නෙ නැ ..

10.ඔයාට එ ෆයිල් එක බලන්න ඕනෙ නම් ආයෙ අර .බට් ෆයිල් එක ඔපන් කරගන්න .. ඊට පස්සෙ ඒකෙ අහයි "enter password for unlock folder" කියල .. ඔයාට ඒ ෆෝල්ඩර් එක බලන්න ඕනෙ නම් ඔයා අර මුලින් .bat ෆයිල් එක හදද්දි ටයිප් කරපු පාස්වර්ඩ් එක ගහල එන්ටෙර් කරන්න .. ඊට පස්සෙ ඒ ෆෝල්ඩෙර් ක එයි ..

11. දැන් ඉතින් වැඩේ ඉවරයි .. ඔයාට ආයෙඑ අ ඔක් කරන්න ඕනෙ නම් කලින් විදිහට කරන්න .. ඒකට් තව ෆයිල් දාන්න ඕනෙ නම් ඒත් කලින් කියපු විදිහටම කරන්න ...


මන් හිතනව මේ දාපු එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියල .. . මේක ඔයාට උදව්වක් උනා නම් කොමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා ..මොකක් හරි ගැටලුවක් උනා නම් ඒකත් කොමෙන්ටුවක් මගින් දාන්න ... යන ගමන් ශෙයාර් පාරකුත් දාගෙන යන්න ..

එහෙනම් තවත් හොද පෝස්ටුවකින් මන් ආයෙ හමුවෙන්නම් .. එතකන් දිගටම අපිත් එක්ක ඉන්න ..




කර්තෘ අයිතිය - Charana Harshana