HTC Re පුංචි උනාට වැඩ ලොකුයි ...

12:13 AM




HTC සමාගම විසින් පසුගිය අව්රුද්දේ සැප්තැම්බර් මාසයේ හදුන්වලා දීපු එකක් තමයි HTC Re Camera කියන්නෙ ....

මෙය ඉතාමත් පුදුම සහගත කැමරාවක් ... මේ කැමරාවෙ අඩංගු වෙන්නේ 16MP කැමරාවක් ..

මෙම කැමරාවට පුළුවන් View Finder ( ඩිස්ප්ලේ එකක් , ඒ කිව්වෙ අපි පොටෝ හරි වීඩියෝ හරි කරද්දි අපි වීඩියෝ කරන එක පෙන්නන ) එකක් නැතුව උනත් පොටෝ හරි වීඩියෝ හරි කරන්න .එතකොට ඔයගොල්ලොන්ට ප්‍රශ්නයක් එනව ඇති කොහොමද මේකෙ වීඩියෝ වෙන දේවල් අපි බලා ගන්නෙ කියල් නේද? ඇත්තටම මේකට රූප පේන එකක් ඕනෙම ඈ මොකද අපේ ඇසේ පරසයට පේන ප්‍රමානෙම මේ කැමරාවෙත් පේනවා ... ඉතින් හරි ලේසි එක .. කෙටියෙන් කිව්වොත් මේකෙ Ultra Wide-Angle Lens එකක් තමා තියෙන්නෙ , ඉතින් තව මොන View Finders ද .. ලොල් ...ඕනෙ නම් පෝන් එකකට කනෙක්ට් කරගන්නත් පුලුවන් ...එතකොට අපි පොටෝ හරි වීඩියෝ හරි කරන එක පෝන් එකේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා .ඒ කියන්නෙ කැමරාවෙ View Finder එක පෝන් එක විදිහට ..

මේ කැමරාවට මෙමරි කාඩ් ගහන්න පුලුවන් හැකියාව තියනවා .. ඒ වගේම එය උපරිම 128GB දක්වා වෙනකන් ගහන්නත් පුලුවන් ...පෝන් එකක් සමග කනෙක්ට් කරල නොමැති විට ගන්න පොටෝස් වීඩියෝස් ඔක්කොම සේව් වෙන්නෙ කැමරාවෙ මෙමරි කාඩ් එකට ... ඒත් අප් පෝන් එක සමග කනෙක්ට් වෙලා ඉන්නකොට අපිට ඕනෙ නම් පුලුවන් පෝන් එකට ගන්න පොටෝ සේව් වෙන්න හදන්න ...තව පුලුවන් පෝන් එකත් එක්ක කනෙක්ට් වෙලා ඉන්නෙ නැති වෙලාවෙ කැමරාවෙ මෙමරි එකට වේව් උන පොටෝ පෝන් එකත් එක්ක කනෙක්ට් උන වෙලාවට ඔටෝම කැමරාවෙ මෙමරි කාඩ් එකෙ තියන පොටො පෝන් එකට යන්න හදන්නත් ඕනෙ නම් .... ඒ වගේම මේ කැමරාව පෝන් කට කනෙක්ට් වෙන්නෙ WIFI හා Bluetooth තාක්ෂනය ඔස්සේය .....

තව මේ කැමරාවෙන් Live (සජීවී) YouTube වීඩියෝස් කරන්නත් පුලුවන් .. තව
Time Lapse වීඩියෝ කරන්නත් පුලුවන් .... තව Slow Motion වීඩියෝ කරන්නත් පුලුවන් ..

මේ කැමරාව ඔන් කරන්න ඕෆ් කරන බටන් එකක් නෑ .. අපි අතට අරගෙන පොටෝ ගන්න බටන් එක උඩින් අත තිබ්බම ඉබේම තමයි කැමරාව ඔන් වෙන්නෙ ... අපි අත ගත්තම ඉබේම කැමරව ඕෆ් වෙනවා ... ඒක නම් මාර ලේසි වැඩේ නේද ?

විශෙශම දේ තමයි මේ කැමරාව Water and Dust Proof වීම.. ඉතින් ඒක නිසා අපිට මේකෙන් වතුර යට උනත් පොටෝ ගන්න පුලුවන් ...

මේකෙ හැඩය ගැන කතා කරනව නම් මට මුලින්ම මතක් වෙන්නෙ S LON බට කෑල්ලක් ... ලොල් .. හැබයි ඒකේ ලොකු වටිනා කමක් තියනව ... ඒක එහෙම හදල තියෙන්නෙම ඒක පරිහරනය කරන කෙනාගේ පහසුව සදහාම තමයි .. ඒකට හොදම උදාහරන බලාගන්න පුලුවන් පහල තියන පොටෝ වලින්,




















මේ කැමරාව අපේ රටේ මුදලින් රුපියල් 25 000.00 /= පමණ වෙනවා ...

වැඩි විස්තර සදහා මෙතනින් ගිහින් බලන්න




වීඩියෝ මෙතැනින් බලන්න 
























Share this

Related Posts

Previous
Next Post »