හරි අද මන් ඔය ගොල්ලන්ට ගෙනාවේ LG Optimus L3 (E-400) එකට මට දැනට හම්බ වෙලා තියෙන සුපිරිම රොම් එක මේ රොම් එක ඉතින් දුප්පත් අපිට ගොඩක් වටිනවා මොකද (E-400) එකේ ඉන්ටනල් මෙමරියට ඇප්ස් දාන්න පුලුවන් මෙගා බයිට් එකසිය තිස් ගානක් වගේ පොඩි ගානක් හැබැයි මේ රොම් එකේ අපිට 1GB වෙනකන් කිසිස්ම අවුලක් නැතිව ඇප්ස් දාන්න පුලුවන් අනික මේ රොම් එකේ මට තාම බග් එකක් හම්බ වෙලා නෑ (පොඩි බග් එකක් තියෙනවා අපිට ඒක ගින්නක් නැතුව හදන්න පුලුවන් හික්ස් ගනන් ගන්න එපා)
මේ රොම් එකේ තියෙන වැඩකෑලි මොනවද කියලා බලමු.
1. 1GB වෙනකං ඇප්ස් දාන්න පුලුවන් වීම.
2. සම්පූර්නයෙන්ම ෆෝන් ක කිට්කැට් වගේම වීම.
3. DSP Sound Manger App එක කලින්ම දාලා තිබීම.
4. ෆෝන් එක ස්පීඩ් වීම.
5. බැටරි ලයිෆ් එක හොඳ වීම.
හරි වැඩි පම්පෝරි ඕනා නෑ වැඩේට අපි දැන් බහිමු...
මුලින්ම අපිට ඕනා කරන දේවල් ටික බලමු
රොම් එක මෙතනින් ගන්න
හොඳ මෙමරි කාඩ් එකක්
කම්පුටර් එකක් (රූට් කරන්න හොඳේ රොම් එක ගහන්න නම් නෙවේ )
තව LG Optimus L3 (E-400) එකක් ඕනා වෙන මොඩල් නම්බර්ස් තියෙන අය නම් රොම් එක ගහන්න යන්න නම් එපා...
හරි මුලින්ම රොම් එක ගහන්න කලින් අපි ෆෝන් එකට කරන්න ඕනා දේවල් ටිකක් බලමු
ෆෝන් එක මුලින්ම රූට් කර ගන්න (ඒකට කම්පුටර් එකට iRoot සොෆ්ට්වෙයාර් එක දාලා රූට් කර ගන්න.. සොරි වෙන්න ඕනා ඒ ගැන දාන්න බැරි උනාට යූ ටියුබ් එකේ පොඩ්ඩක් බලන්න )
තව ෆෝන් එකට CWM රිකවරිය දාගන්න ඕනා ඒක දාන හැටි මෙතනින් ගිහිල්ලා බලන්න
ෆෝන් එක අනිවා 80% ට වඩා චාර්ජ් කරන් ඉන්න...
දැන් රොම් එක එහෙනම් ගහමු...
1. මුලින්ම අපි අර ඩවුන්ලෝඩ් කරපු රොම් එක මෙමරි කාඩ් එකට දා ගන්න
2. ඔයාගේ ෆෝන් එක මුලින්ම බැටරිය ගලවලා ඕෆ් කරන්න.
3. ෆෝන් එකට බැටරිය ආයේ දාලා මම මේ කියන විදිහට බටන් ටික ඔබල දාන්න HOME + VOLUME UP + POWER එක ඔබන් ඔන් කරන්න LG logo එකට ආව ගමන් ඔක්කොම බටන් ටික අත් හරින්න.
4. හරි දැන් රිකවරි මුඩ් එකට ඇවිල්ල තියෙන්නෙ එතනදි ටච් එකව් වැඩ්ක කරන්නේ නෑ ආදාල තැනට යන්න තියෙන්නෙ බටන් වලින්
උඩට යන්න ඕනා නම් - Voloume Up
පහලට යන්න ඕනා නම් - Voloume Down
අදාල දේ සිලෙක්ට් කරන්න නම් - Power Key එක
5. wipe data/factory reset කියන එක සිලෙක්ට් කරන්න ඊට පස්සේ එතන තියෙන Yes කියන එක සිලෙක්ට් කරන්න.
6. wipe cache partition කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එතන තියෙන Yes කියන එක සිලෙක්ට් කරන්න.
7. ඊට පස්සේ Advance කියන සිලෙක්ට් කරලා ඊට පස්සේ wipe dalvik cache ඊට පස්සේ එතන තියෙන Yes කියන එක සිලෙක්ට් කරන්න.
8. දැන් Go Back එක සිලෙක්ට් කරන්න.
9. දැන් Install Zip From SD Card කියන එක සිලෙක්ට් කරන්න.
10. ඊට පස්සෙ උඩම තියෙන choice zip file from sd card එක සිලෙක්ට් කරන්න
11. දැන් Android®KitKatv2_by_Josh.zip කියන එක සිලෙක්ට් කරන්න ඊට පස්සේ එතන තියෙන Yes කියන එක සිලෙක්ට් කරන්න.
12. හරි දැන් රොම් එක පස්සේ එයි අමුතු භාශාවක පොඩි සීන් එකක් එයි එතනදි Next කියන එක ඔබන්න ඊට පස්සේ ආයෙත් අමුතු භාශාවක පොඩි සීන් එකක් එයි එතනදීත් Next කියන එක ඔබන්න.
13. ඊට පස්සේ රොම් එක ඉන්ස්ටෝල් උනාට පස්සේ එයි අමුතු භාශාවක පොඩි සීන් එකක් එයි එතනදි Next කියන එක ඔබන්න ඊට පස්සේ ආයෙත් අමුතු භාශාවක පොඩි සීන් එකක් එයි එතනදීත් Next කියන එක ඔබන්න.
14. හරි රොම් එක ඉන්ස්ටෝල් උනාට පස්සේ ආයෙත් රිකවරි එකට එයි ඊට පස්සේ කරන්න තියෙන්නෙ Go back කියන එක සිලෙක්ට් කරලා පස්සේ Reboot System Now කියන එක සිලෙක්ට් කරන්න.
15. හරි දැන් රොම් එකේ සෙල්ලන් ඔක්කොම ඉවරයි දැන් ෆෝන් එක ඔන් වෙයි හැබැයි පලවෙනි පාර නිසා ටිකක් වෙලා යයි එහෙම කියල බැටරි නම් ගලවන්න යන්න එපා..
ඔන්න දැන් අර මම කිව්ව බග් එක තීයෙයි ඒ කියන්නෙ අර භාශාව අවුල් එකේ තියෙන්නෙ ඉංග්රීසියෙන් නෙවෙයි ඒක හදන්න නම් Language Enabler කියලා ඇප් එකක් තියෙනවා Playstore එකේ ඒක දාගෙන ඒකෙ English කියන එක දීලා වැඩේ ගොඩ දාගන්න.. හරි නෙහ් දැන් ෆෝන් එක හරි...
ඔන්න ඔය තියෙන්නෙ රොම් එක ගැහුවට පස්සේ තියෙන විදිහ
හරි වැඩේ ගොඩ නම් එච්චරයි... මේ ගේමේ සාර්ථකත්වය අසාර්ථකත්වය තියෙන්නෙ ඔයාගේ අතේ.. මම රොම් එක ගහලා බලලා තමයි කියන්නේ.. එහෙනම් පරිස්සමෙන් වැඩේ ගොඩදාගන්න. අදට එහෙනම් මම ගියා තව මොකක් හරි දෙයක් අරන් එන්නම්..
1 comments:
Write commentsMchn meka sdmerge ekak da.?
ReplyEmoticonEmoticon