Moto 360 හි දෙවැන්නා Moto 360 2’nd Generation

7:55 AM
Motorola වෙතින් මෙම වසරේදී හදුන්වා දෙන Moto 360 smart ඔරලෝසුවේ දෙවන පරම්පරාව වන Moto 360 2’nd genaration මෙම මස (සැප්තැම්බර්) 2 වනදා සිට විකිණීමට ආරම්බ කර ඇත. පසුගිය අවුරුද්දේ Smart ඔරලෝසු අතර පළමු ස්ථානය දිනාගත් Moto 360 පළමු ඔරලෝසුව මෙන් මෙම ඔරලෝසුවත් මෙවර පළමු ස්ථානය දිනාගනී යන්න විචාරකයන්ගේ අදහසයි .


Moto 360 2’nd gen කාණ්ඩ තුනක් යටතේ පැමිණෙන අතර ඒවා 42mm වර්ගය පිරිමින්ටද 46mm වර්ගය පිරිමින්ට සහ ගැහැණු අයට සහ Sport වර්ගයකින් පැමිණේ . මෙහි පිරිමි වර්ගයට 22mm ප්‍රමාණයේ band එකකින් සහ ගැහැණු අයට 16mm ප්‍රමාණයේ band එකකින් පැමිණේ.


මෙම Moto 360 ඔරලෝසුව ලෝහ සහ ලෙදර් යන වර්ග දෙකෙන්ම මිලදීගත හැකි අතර මෙහි වර්ණ ගත් කල රත්‍රන් , රිදී වලින් ලෝහ වර්ගය පැමිණෙන අතර ලෙදර් වර්ගයේ වර්ණ රැසක් පැමිණේ. Motorola විසින් සපයන Moto Maker option ක්‍රමය Moto 360 වලට ප්‍රථම වතාවට ලබාදී ඇත .


මෙම 42mm හා 46mm වර්ග දෙකේම 1.37 හා 1.56 අරයන් වලින් LCD තිර ප්‍රමාණ වලින් පැමිණේ. මෙහි  විහේදන බලය (Resolution) 360 x 360 ප්‍රමාණයක් වේ. Motorola සමාගම මෙම ඔරලෝසුවේ තිරය සම්බන්දව වැඩි අවදානයක් යොමුකර ඇති බව පෙනේ . මෙම වර්ෂයේ (2015) දැනට පැමිණ තිබෙන smart ඔරලෝසු වලට වඩා ඉහල     (display to body ratio)  අගය 71.7% ඉහල අගයක් ගනී.


 Moto 360 2’nd gen හි GPU අගය Adreno 305කින්ද Ram මතකය 512MB අගයකින් හා 4GB අබ්‍යන්තර මතක ධාරිතාවයකින් පැමිණේ. මෙයට Bluetooth ,wi-fi සහ GPS තාක්ෂණ අන්තර්ගත කොට තිබේ.
මෙහි battery ධාරිතාව 400mAh සහ 300mAh අගයන් දෙකකින් පැමිණේ. Moto 360 2’nd  හි මිල ගණන් ඇමරිකන් ඩොලර් ($)299.99 ත් ($)429.99 පමණ වන බව සදහන් වේ.       




Moto 360 Sport



 Moto 360 Men & Women





Share this

Related Posts

Previous
Next Post »