ඔයාගේ පෞද්ගලික දත්ත කාටවත් සැක නොවෙන්න Image file එකක හංගමුද..?

4:23 AM







ඔන්න ඉතිං කට්ටියට අද මම කියලා දෙන්න හදන්නේ අපේ පෞද්ගලික දත්තයන් හංගන තවත් විදිහක් ගැන. මේක ඇවිල්ලා ලොක් එකක් වත් මොකුත් නෙවෙයි. කාටවත් සැක නොහිතෙන්න ඔයාගේ Images files ගොඩේම සාමාන්‍ය Image එකක් විදිහට ඔයාගේ ඕන කරන දත්ත Archive කරලා දාන විදිහක්.

උදා :- Photos , videos , music and other

හම්මේ දැක්ක ගමන් මතක් වෙනවා නේද හා දෙන්නම් බැටේ කියලා ;) ඒකට තමා මම මේ කියලා දෙන්න හදන්නේ.


එහෙනම් වැඩේට බහිමු...,


මුලින්ම ඕන වෙන්නේ මෙන්න මේවා..

1. Winrar software එක අනිවාරෙන්ම තියෙන්න ඕන. නැත්නම් මෙතනින් බාගන්න.

2. ඔයා C:/ කියන path එකේ නිකං වෙනම Folder එකක් හදාගන්න කැමති නමක් දාලා.

3. මොකක් හරි ඔයාට කැමති Image එකක් ගන්න. ඕනෑම fomat එකක

උදා :- .gif / .jpg / .png

4. ඔයාට මේ වැඩේ ලේසි වෙන්න ඒ ගත්ත Image එක A කියලා නම් කරගන්න.

5. දැ ඔයාට හංගන්න ඕන කරන Files ටික ඔක්කොම එක Folder එකක් අස්සට දාලා ඒක Right click කරලා Winrar වලින් Add to archive දෙන්න .rar fomat එකෙන්. Archive කරලා ඔයාට ලේසි වෙන්න ඒක මොකක් හරි ලේසි එකකට Rename කරගන්න.. මම නම් කරේ Techlokaya කියලා.

6. දැං මේ ඔයා ගත්ත කැමති A ලෙස හදාගත්ත Image එක හා අර Archive කරගත්ත .rar fomat එකේ files 2ම ඔයාගේ C:/ එකේ අර ඔයා හදාගත්ත Folder එක ඇතුලට දාගන්න.


මම නම් ගත්තේ මේව..







හරි දැං ඔය ටික C:/ එකේ ඔයා හදාගත්ත Folder එකට දාගත්තානේ. මම හදාගත්තේ ඒකත් Techlokaya කියලා.


දැං තමා හොඳම Game එක තියෙන්නේ.


7. Search කරලා හෝ කොහොම හරි Open කරගන්න Cmd එක.







8. දැං මේකේ Type කරන්න., 

cd/ 

කියලා ගහලා Enter ඔබන්න.









8. හරිනේ.. දැං අපි ඇවිල්ලා ඉන්නේ Root directory එකට. ඒ කියන්නේ ඔයාගේ C:/ එකට.








9. දැ ඔතනින් හරියටම අකුරු Simple , Capital වරද්දන්නේ නැතුව අර ඔයා C:/ එකේ හදාගත්ත Folder එකේ නම ගහන්න මේ විදිහට.,

 cd Techlokaya

කියලා ගහලා Enter ඔබන්න. . ඒ කියන්නේ cd කියලා ගහලා Space තියලා අර Folder එකේ නම ගහන්නේ මම ගැහුවේ Techlokaya කියලා  මම හදපු එකේ.







10. දැ මෙන්න මේ ටික මේ විදිහට Type කරන්න cmd වල. මේ විදිහට කිව්වේ මෙතනදි වැදගත් වෙනවා අර ඔයා හදාගත්ත Arcive කරගත්ත file ටිකේ .rar වලට දාපු නම් Image එකට දාපු නම්. මම ඒවා කරේ Image එකට A කියලත් .rar එක Techlokaya කියලත් නිසා මම ඒවා යූස් කරනවා. ඔයා කරනකොට cmd එකේ type කරන්න ඕන ඔයා දාපු නම්. ඔයත් මේ විදිහට දැම්මනම් මේ ටිකම type කරන්න.

තේරෙනව ඇති නේ දැ... ;)

මෙන්න මෙහෙමයි පල්ලෙහා මම දාපු Photo එකේ විදිහට ඒ විධාන ඒ විදිහට type කරන්න ඔයාගේ අර Files 2කේ නම් විතරයි වෙනස් වෙන්නේ.. හොඳේ..

copy /b A.jpg + Techlokaya Sen11.jpg 


Note :- පහත දී ඇති Image එකේ රතුපාට අකුරින් ලියා ඇති දෑ කියවන්න.







හරිනේ.. දැ ඔක්කොම හරි එහෙනම්... ඔයා දැං cmd එක මගින් ඔයාගේ files .jpg එකක් අස්සට copy කරගත්තා..

දැ බලමු අපි කොහොමද මේක බලන්නේ කියලා.. හංගගත්ත වගේ නෙවෙයි නේ බලන්න ගියාම :D
අනික මේක නිකන් Image viewer එකකින් Open කරාම පෙන්නන්නේ අර Image එකමයි. ;) අන්න ඒකනේ රහාස්‍යභාවය කියන්නේ.. :D හැබැයි මේ Image එක අනිත් ඒවා වගේ නෙවෙයි Capacity එකෙන් ගොඩක් වැඩී. මොකද අර ඔයාගේ දත්ත මේක ඇතුලේ හැකිලිලා තියෙන නිසා.


11. Open කරගන්න Winrar එක Search bar එකේ type කරලා.








12. ඔන්න දැං දැක්කනේ අපි හදාගත්ත බඩු තියෙනවා. එහෙනම් බල බලා ඉන්නේ නැතුව ඒක Open කරන්න Winrar හරහා.








කොහොමද වැඩේ.. :D මම හැංගුවේ Thisara Weerasinghe ගේ Pawi pawi කියන සිංදුවේ .mp3 එක. කොහොමද ඒක ඔය image එක ඇතුලේ බැබලි බැබලි තියෙන්නේ..

ඉතිං මේ වගේ ඔයාගෙ ඕනම file එකක් මෙහෙම හැංගුවැහැකි..

එහෙනම් මම ගියා. කියන්න තියෙන්නෙ command type කරනකොට හරියටම කරන්න. ඉස්පිලි , පාපිලි , හිස් තැං බලලා.  නැත්නම් ඉතිං ආය මුල ඉඳන් ගහන්න වෙනවා.. හම්මේ මල ඇනේ ඉතිං.



එහෙනම් අදට මෙච්චරයි. මම ගියා. මොකක් හරි අව්ලක් නම් , වැඩේ කරගත්තානම් මෙතන comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. මොකද අපිට ඒවා ගොඩාක් වටිනවා. :) එහෙනම් Share පාරකුත් දාගෙනම යමු..


Author..,

Senal Evans

Share this

Related Posts

Previous
Next Post »