SONY සමාගමේ නවතම Xperia Z5 Series එක ගැන සියල්ල දැනගන්න

8:36 AM




SONY යනු අප Smartphone ලෝකයේ ම පමනක් නොව අප එදිනෙදා භාවිතයට ගන්නා තාක්ෂණික උපකරණ රැසක් නිපදවන ජපානයේ විශාල බහු ජාතික සමාගමක් වන අතර මෙම සමාගමේ ජංගම දුරකතන ගැනත් අප අමුතුවෙන් පැහැදිලි කර යුතු කරුනක් නොවන බව ඔබ දන්නවා.
ඉතිං මම අද කියන්න යන්නේ මෙම සමාගමේ Flagship devices series එක වෙන Xperia Z series එකේ 2015 දී සාර්ථකව නිපදවූ Xperia Z5 දුරකතන පෙල ගැනයි..








2015 වසරේ මුල් කාලයේ Sony සමාගමට තම පාරිභෝගිකයා වැඩිය මවිතයට පත් කිරීමට නොහැකි උවත් ඔව්න් එය දැං ඉතාමත් සාර්ථකව කර තිබෙනවා..
සුපුරුදු පරිදී සෑම වසරකම පාහේ සැප්තැම්බර් මාසයේ යුරෝපයේ රටවල් එක්ව පැවැත්වෙන IFA සමුළුවේදී තමයි මෙම නවතම දුරකතන පෙල ලෝකයට හඳුන්වා දුන්නේ.

✦ ඉතිං අපි දැන් බලමු මේ නවතම Xperia Z5 series එකේ අලුතින් හඳුන්වාදුන්නු , වැඩිදියුනු කල දේවල් මොනවද කියලා.


Xperia Z5 ජංගම දුරකතන එකක් නොව පව්ලක්ම ඇති නිසා ඒවා නම් කෙරෙන්නේ මේ ආකාරයෙන්...,

◆    Xperia Z5 Compact
◆    Xperia Z5
◆    Xperia Z5 Premium

Z5 series එකේ ජංගම දුරකතන සියල්ලම සුපුරුදු පරිදී Sony සමාගමේ OminiBalance design එකට ම සාදා ඇති අතර මේ ආකාරයෙන් ජංගම දුරකතන ත්‍රිත්වයක් හඳුන්වාදුන්නා..

Z5 Compact යනු මෙම පව්ලෙහි බාලයා , Z5 යනු මද්දුමයා හා Z5 Premium යනු පව්ලේ වැඩිමලා ය :D






✦ ඉතිං මෙම ජංගම දුරකතන ත්‍රිත්වයම ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ Chipset නිපදවන්නෙක් වන Qualcomm සමාගමේ Snapgragon 810 (v2.1) , 64BIT , Octacore Processor එකකින් තමා පණ ගැන්වෙන්නේ. මෙහිදී Qualcomm සමාගම විසින් මුල් කාලයේ නිකුත්කල 810 චීපයේ සීමාව ඉක්මවා රත්වීම , ක්‍රියා කිරීමේදි ඉක්මනින් හැකිලීම වැනි දෝෂ තිබූ නිසා එහි ඇති එම දෝෂ සාදා  නැවත නිකුත් කරන ලද සංස්කරනය සමඟ Duel pipe cooling system එකක් සහා Thermal paste එකක්ද Sony සමාගම විසින් භාවිතා කර ඇත.





✦ Google සමාගමේ  Android Smartphone මෙහෙයුම් පද්දතියේ  Lollipop හී 5.1.1 සංස්කරණ වල Sony Xperia Ui සමඟ තමා මේ දුරකතන ත්‍රිත්වයම ඇතුලත් කර ඇත්තේ. නමුත් ඉදිරියේදී නව සංස්කරණ වලට යාවත්කාලීන වේ.


✦   මෙගාපික්සල් 23ක Resolution එකක් සමඟින් Sony සමාගමේ නවතම Exmor RS වර්ගයේ Image Sensor එකක් සහ Sony G lens වර්ගයේ Camera lens එකක් සතු වේ , Hybrid AutoFocus යනුවෙන්  මෙහි ඇති සුවිශේෂම ලක්ශනය වන්නේ ඕනෑම වස්තුවක් තප්පර 0.03 දී නාභිගතකර ගැනීමට හැකිවීමයි , අපි සමාන්‍ය ජීවිතයේදී ඇසිපිය හෙලන වේගේ ට සමානව මෙය විසින් ඕනෑම වස්තුවක් නාභිගත කරගැනීමේ හැකියාවක් ඇත , අනෙක අපි Photo එකක් ගන්නා විට අප නාභිගත කරන වස්තුව දුර ඇත්නම් මෙහි ඇති Zooming module එක මගින් එය 5 වාරයක් Zoom කලත් හොඳ සුපැහැදිලි , තියුණු Photo ගැනීමට හැකියාවක්ද මේවා සතු වේ. Videos වලදී පවා ඇති ගැස්සීම් , පැද්දීම් වලින් තොර හොඳ video Stabilization එකක් මෙය සතු වේ.මෙම දුරකතන වලටත් Dedicated camera button එකක් සතු බැවින් ඕනෑම අවස්ථාවකදී ක්ෂෙනිකව Camera ව විවෘත කර ගැනීමේ හැකියාව හා Focus , Capture කිරීමේ හැකියාවන් ද මෙය සතු වේ., මෙගාපික්සල 5න් යුත් Sony Exmor R , HDR , FHD ඉදිරිපස කැමරාවකින් ද යුක්ත වේ.  2015 DxOmark යන Camera competition එකේදී පවා අනෙකුත් දුරකතන සමඟ සංසන්දනය කර පසු සෑම අතින්ම පාහේ හොඳම Camera ව හිමි ජංගම දුරකතන පෙලත් මෙය වී අවසන්.






✦ ඒ අතර මෙම දුරකතන වලට නවතම පරම්පරාවේ Fingerprint Sensor ද ඇතුලත් කර තිබේ.











✦ මෙම දුරකතන පෙල සමඟ ඇති තවත් විශේෂතා නම්, කලින් පැමිණි දුරකතන වල මෙන්ම තවත් වැඩිදියුණු කල Sonund engine එකකුත් ද තිබීමයි. කලින් පැමිණි Digital Noise Cancellation තාක්ෂණය සමඟ High Resolution Audio system එක මගින් ඔබට ඉතාමත් තියුනු , කනට පහසු , හොඳම තත්වෙ Sound වලින් අත්දැකීමක් ලබාගත හැකියි.








✦   ඔබ සියළුදෙනා දන්නා Sony Playstation වල 4 නි සංස්කරණයේ හි Remote play එකක් ද මේවා සමඟ පැමිණෙන නිසා ඔබ කැමතිම Games ඔබට පහසුවෙන්ම මෙම Joystick එක මගින් පාලනය කිරීමට හැකිවේ.









✦ මෙහි ඇති Display techlonogy එක ගැන කතාකරනවිට Sony සමාගම විසින් මෙම දුරකතන ත්‍රිත්වයටම යොදාගෙන ඇත්තේ IPS LCD Display ය. එම Display වල ඇති Colours තවත් තියුනු කර පෙන්වන්නට Sony සමාගමේ ම  තාක්ෂණයක් වල Triluminous යොදාගෙන ඇති අතර Zoom කලවිට අපට හොඳින් තොරතුරු බලාගැනීමට හැකිවෙන්නට X-Reality engine එක යොදාගෙන ඇත. මෙමනිසා අපිට ඕනෑම ජායාරූපක් , වීඩියෝවක් හොඳ පැහැදිලි දසුනින් බලාගත හැකි වේ.








✦   තවද Sony සමාගම විසින් ඔව්න්ගේ බොහෝ දුරකතන මාදිලිවලට ඇතුලත් කරන නවතම  IP (65-68) Certification එක සුපුරුදු පරිදී මෙයට ඇතුලත්කර ඇති බැවින් ජලයෙන් හා දුහුවිලි වලින් බයකින් , සැකයකින් තොරව ආරක්ෂිතයි.









✦   ඔබ දන්නවා ඇති Sony සමාගම විසින් මෙම දුරකතන වලට සාමාන්‍යයෙන් ඔව්න් දවස් දෙකක බැටරි ආයු කාලයක් තිබෙනවායැයි පවසනවා , ඔබ එදිනෙදා කරන කාර්යයන් කර සාමාන්‍ය විදිහට භාවිත කරහොත් අනිවාර්යයෙන් ඔබට ඔබගේ බැටරි ආයු කාලය තියාගත හැකියි.














✦   අපි හැමෝම දන්නවා මෙම මුළුවේදී වැඩි දෙනෙක් ගේ අවදානය දිනාගත්තේ Xperia Z5 Premium දුරකතනයි. එනම් '' ලොව ප්‍රථම වරට 4K UHD (3840X2160) විභේදන තිරයක් ස්මාර්ට් ජංගම දුරකතනයකට '' දැමීමමෙන්. එම තිරය අඟල් 5.5න් යුක්තය.

මෙම ජංගම දුරකතනයේ තිරයේ අඟලකට 806 වැනි ඉතාමත් විශාල පික්සල ප්‍රමාණයක් ඇති බැවින් ඉතාමත් තියුනු දර්ශන බලාගැනීමේ හැකියාවක් මෙයට පවතිනවා.





මෙම ජංගම දුරකතන සියල්ලම Metal frame එකකින් හා Glass back (Temperd , Oleophobic coarting) එකක් හා Strach resistent glass එකකින් සමන්විතයි.


Sony සමාගෙමෙන් මෙම නවතම Xperia Z5 දුරකතන පෙල ඉහත දක්වා ඇති පාට වලින් ඔබට ලබාගත හැකි වේ..

Xperia Z5 Compact :- Matte colour type එකට හුරු පාට වලින්ද..
Xperia Z5 :- Gloss colour type එකට හුරු පාට වලින්ද..
Xperia Z5 Premium :- Chrome colour type එකට හුරු පාට වලින්ද..

ලබාගත හැකියි..


ඉහත කී දුරකතන වලින් දැනටමත් Xperia Z5 හා Z5 Compact යන දුරකතන වෙළඳපලට නිකුත්කර ඇති අතර Z5 Premium දුරකතනය මේ නොවැම්බර් මාසයේ නිකුත්වීමට ඇත..

කෙසේවෙතත් මෙම කිසිම ජංගම දුරකතනයක් අඩු මිලකට නම් ගත නොහැකියි.


ඔබට මෙම ජංගම දුරකතන ත්‍රිත්වය පිලිබඳ වැඩි දුර Specifications දැනගන්න අවශ්‍ය නම් පිවිසෙන්න පහත දක්වා ඇති link වෙතට.

◆   Xperia Z5


Sony සමාගමෙන් මෙය නිකුත් කල දවසේම කල පුන්චි හඳුන්වාදීමේ වීඩියෝවක් පහතින් බලන්න.




කොහොම නමුත් අද වන විට ලෝකයේ ඉතාමත් තරඟකාරී වෙලඳපලක් තිබෙන මෙම ජංගම දුරකතන  සමාගම් අතරින් තවත් එක් සුපිරි ජංගම දුරකතන නිපදවන්නෙක් පමණයි මේ. තවත් ඉදිරියේදී අනෙකුත් සමාගම් වලින් නිකුත් කරන , නිකුත් කර ජංගම දුරකතන ගැන දැනගන්න අප සමඟම රැදී සිටින්න.



Posted by author.,

Senal Evans

#SE

Share this

Related Posts

Previous
Next Post »