Showing posts with label Motorola. Show all posts
Showing posts with label Motorola. Show all posts

කොහොමද Motorola Device එකක් Root කරන්නේ ?? (Example :- Root Motorola Moto G 2’nd Gen)

4:46 PM Add Comment

ගොඩක් අයට ලොකු ගැටළුවක් වන Root කරන්නේ කොහොමද යන්න Motorola පාවිච්චි කරන අයට පහසු වන්නට ක්‍රමයක් මෙයින් ලබාගන්නට පුළුවන ..

Root කරන විධි කිහිපයක් තියෙනවා , එයින් Android App එකක් බාවිතා කර හා පරිගණකය මගින් කරන ක්‍රම මුලික තැනක් ගන්නවා .
දැන් කියන්න යන්නේ පරිගණකය බාවිතා කර ඔබගේ Motorola device එක Root කරන්නේ කොහොමද කියලා .

Step 1. මුලින්ම ඔබගේ Motorola phone එකේ USB Debugging option එක on කරගත යුතු වනවා. එයට මේ පිළිවෙල අනුගමනය කරන්න .
settings > About Phone > tap seven time on Bulid Number (Bulid Number එක උඩ හත් පාරක් Tap කරන්න ) එවිට devoloper option එක on වේ .
ආයෙත් settings වලට ගොස් devoloper option වල  USB Debugging කියන එකට ටික් මාර්ක් 1ක් දාන්න .


මෙම ලින්ක් 1ට  ගොස් ඔබට අවශ්‍ය Motorola device එකට අවශ්‍ය .zip file එක බාගත කර unzip කරගන්න .









Step 3. පසුව ඔබගේ Motorola device එක off කොට bootmenu එක ලබා ගන්න (bootmenu එක සදහා device එක off කොට power key සහ volume අඩුකිරීමේ  key එකවර ඔබාගෙන සිටින්න ) . device එක USB මගින් පරිගණකයට සම්බන්ධ කරන්න .










Step 4. පසුව ඔබ බාගත කල ෆෝල්ඩරය  1 තුළ  “ root-windown” file එකක් ඇත එය double click කරන්න .










එවිට එන වින්ඩෝව enter කරන්න . පසුව ඔබහට enter any key to continue කියා ලැබෙන විට enter කරන්න.  



දැන් ඔබේ Motorola device එක Root වී ඇත ..
ඔබට එය සැකහැර දැනගැනීමට අවශ්‍ය නම් Root Cheker app එක තුලින් දැනගත හැක ..

Get-Root_Checker Here






Moto 360 හි දෙවැන්නා Moto 360 2’nd Generation

7:55 AM Add Comment
Motorola වෙතින් මෙම වසරේදී හදුන්වා දෙන Moto 360 smart ඔරලෝසුවේ දෙවන පරම්පරාව වන Moto 360 2’nd genaration මෙම මස (සැප්තැම්බර්) 2 වනදා සිට විකිණීමට ආරම්බ කර ඇත. පසුගිය අවුරුද්දේ Smart ඔරලෝසු අතර පළමු ස්ථානය දිනාගත් Moto 360 පළමු ඔරලෝසුව මෙන් මෙම ඔරලෝසුවත් මෙවර පළමු ස්ථානය දිනාගනී යන්න විචාරකයන්ගේ අදහසයි .


Moto 360 2’nd gen කාණ්ඩ තුනක් යටතේ පැමිණෙන අතර ඒවා 42mm වර්ගය පිරිමින්ටද 46mm වර්ගය පිරිමින්ට සහ ගැහැණු අයට සහ Sport වර්ගයකින් පැමිණේ . මෙහි පිරිමි වර්ගයට 22mm ප්‍රමාණයේ band එකකින් සහ ගැහැණු අයට 16mm ප්‍රමාණයේ band එකකින් පැමිණේ.


මෙම Moto 360 ඔරලෝසුව ලෝහ සහ ලෙදර් යන වර්ග දෙකෙන්ම මිලදීගත හැකි අතර මෙහි වර්ණ ගත් කල රත්‍රන් , රිදී වලින් ලෝහ වර්ගය පැමිණෙන අතර ලෙදර් වර්ගයේ වර්ණ රැසක් පැමිණේ. Motorola විසින් සපයන Moto Maker option ක්‍රමය Moto 360 වලට ප්‍රථම වතාවට ලබාදී ඇත .


මෙම 42mm හා 46mm වර්ග දෙකේම 1.37 හා 1.56 අරයන් වලින් LCD තිර ප්‍රමාණ වලින් පැමිණේ. මෙහි  විහේදන බලය (Resolution) 360 x 360 ප්‍රමාණයක් වේ. Motorola සමාගම මෙම ඔරලෝසුවේ තිරය සම්බන්දව වැඩි අවදානයක් යොමුකර ඇති බව පෙනේ . මෙම වර්ෂයේ (2015) දැනට පැමිණ තිබෙන smart ඔරලෝසු වලට වඩා ඉහල     (display to body ratio)  අගය 71.7% ඉහල අගයක් ගනී.


 Moto 360 2’nd gen හි GPU අගය Adreno 305කින්ද Ram මතකය 512MB අගයකින් හා 4GB අබ්‍යන්තර මතක ධාරිතාවයකින් පැමිණේ. මෙයට Bluetooth ,wi-fi සහ GPS තාක්ෂණ අන්තර්ගත කොට තිබේ.
මෙහි battery ධාරිතාව 400mAh සහ 300mAh අගයන් දෙකකින් පැමිණේ. Moto 360 2’nd  හි මිල ගණන් ඇමරිකන් ඩොලර් ($)299.99 ත් ($)429.99 පමණ වන බව සදහන් වේ.       




Moto 360 Sport



 Moto 360 Men & Women





Motorola Pure android දුරකතනය වන Motorola Moto X Style හි පුනරාගමනය

5:48 PM Add Comment
Motorola කිව්වොත් අද ගොඩක් කට්ටිය දන්නේ නැති Brand එකක් බවට පත්වෙලා තියෙනවා . ලංකාවේ Motorola ගැන ගොඩක් ප්‍රසිද්ධ නොවුනත් අදටත් Motorola Phone පාවිච්චි කරන අය, Motorola වලට ආදරය කරන අය ලංකාවේ තාම ඉන්නවා . Motorola සහ Google සම්බන්ධ  වී 2014 අවුරුද්දේ Nexus 6 ස්මාර්ට් දුරකථනය හදුන්වා දුන් අතර එය බෙහෙවින් ජනප්‍රිය වුයේය.



මේ අවුරුද්දෙත් Motorola විසින් ස්මාර්ට් දුරකථන තුනක් එළිදැක්වූ අතර,  ඒ අතරින් Motorola Moto X Style ප්‍රදාන ස්ථානයක් ගනී . එහෙයින් අද මම Moto X  Style පිළිබද ඉදිරිපත් කිරීමට අදහස් විය .


Moto X Style යනු Android 5.1.1 මෙහෙයුම් පද්ධතියෙන් ධාවනය වන සහ Motorola වලට ආවේනික Moto Voice , Moto Assist , Moto Display සහ  Moto Action යන ප්‍රදාන apps වලින් මෙම දුරකථනය සමන්විත වේ .

මෙහි Camera පිළිබදව ගත් විට , පිටුපස Cameraව 21.0 f/2.0 මෙගා pixel අගයෙනුත් සහ දිත්ව Flasher ( Dual CCT flash ) සමග පැමිණෙන අතර Video පටිගත කිරීමේදී 4k උසස් තත්වයකින් පටිගත කිරීමේ හැකියාවක් දක්නට ලැබේ , මෙහි ඉදිරිපස Camera ව 5.0 මෙගා pixel අගයකින් මෙන්ම 87” wide-angle කාච ප්‍රමාණයකින් යුක්ත වේ. මෙහි ඉදිරිපස Flasher යක්ද අඩංගු වේ .

Moto X Style හි බැටරි ධාරිතාවය 3,000 mAh වන අතර  මෙයට Moto turbo Charger උපාංගය නොමිලේ ලබාදෙයි . මෙහි Ram මතකය 3GB වන අතර Memory ධාරිතාව 16/32/64 GB යනුවෙන් ආකාර තුනකින් පැමිණෙන අතර මෙහි බාහිර මතකය 128 GB දක්වා ඉහල දැමිය හැකිය 


 x Style හි තිර ප්‍රමාණය ( Display Size ) අගල් 5.7” පමණ වන අතර  මෙහි  Qualcomm Snapdragon 808 1.8 GHz hexa-core processor යකින් සමන්විත වේ . එමෙන්ම මෙය 4G තාක්ෂණයේ ඉහලම අවස්ථාව වන Universal LTE banding තාක්ෂණය බාවිතා වේ .

මෙහි තනි Nano සිම්පතක් අඩංගු කල හැකි අතර , ද්‍රව ප්‍රතිරෝදී ( Water repellent ) තාක්ෂනය අන්තර්ගතකොට තිබේ ..







මෙහි විශේයෙන් දක්නට ලැබෙන ලක්ෂණය වන්නේ Motorola official වෙබ්අඩවිය මගින් ලබාදෙන Moto Maker option ක්‍රමයයි . මෙහිදී ඔබගේ Motorola දුරකථනය ට ඔබට අවශ්‍ය වර්ණ වලින් දුරකථනය තෝරා දුරකතනයේ මිල සැසදීමටද අවස්ථාව හිමිවේ  




එය ඔබේම කරගන්න 






Inside & Out