YouTube භාවිතය ගැන හරියට ඉගෙනගමු ....

3:25 AM



YouTube කියන්නෙ මොකක්ද කියල කව්රු හරි ඔයාගෙන් ඇහුවොත් ඔයා මොකක්ද එයාට දෙන උත්තරේ ?

*ආයෙ වෙන මොකක්ද ඉතින් ... youtube කියන්නෙ වීඩියෝ බලන්න පුලුවන් සයිට් එකක් .. ඒකේ ගොඩාක් වීඩියෝ තියනවා ..

ඔන්න ඕක තමයි දෙන්න පුලුවන් සරලම උත්තරේ ඕනෙම කෙනෙකුට ..


          ඇත්තටම ඉතින් ඒ උත්තරේ වැරදීමයි කියලත් කාටවත් කියන්න බෑ .. ඒත් youtube ගැන ඊට වඩා පැහදිලි උත්තරයක් දෙන්න පුලුවන් .. දන්නෙ ඇති අයට තමයි ඉතින් මේ මන් මේක ලියන්නෙ ..


ප්‍රධාන වශයෙන් අපිට Youtube එකේ කරන්න පුලුවන් වෙන්නෙ මෙන්න මේවා ...



  1. වීඩියෝ බැලීම (කව්රුත් දන්නව ඉතින් ඒක නම් නේද :ඩී )
  2. වීඩියෝ Upload (අප්ලෝඩ්) කිරීම .. [වීඩියෝ Youtube එකට දැමීම]
  3. දාපු වීඩියෝ වලට කොමෙන්ට් දැමීම 
  4. ලයික් (like) කිරීම [Thumbs Up]
  5. මුදල් සෙවීම ( එච්චර මේක ගැන දැන්ම හිතන්න එපා :ඩී )


               ඔන්න ඕව තමා ඉතින් කරන්නෙ වැඩි වශයෙන් Youtube එකේ ඉන්න කට්ටිය ... ඒත් ඉතින් මේවා ගැන තව දුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍යයි ... මන් එකින් එක විස්තර කරන්නම් 


1.වීඩියෝ බැලීම

මේක ගැන නම් මහා ලොකුවට කියන්න දෙයක් නෑ ..ඕනෙම කෙනෙක් මොකක් හරි වීඩියෝ එකක් බලන්න ඕනෙ උනාම යන්නෙ Youtube එකට ... 

මෙහෙමයි .. ගොඩාක් අය මේකෙ වීඩියෝ බලන්නෙ තමන්ගේ විනෝදාශ්වාදේ සදහා පමනයි ..ඒත් මේ සයිට් එක අපේ දැනුම වර්ධනය කර ගන්න නම් ගොඩාක් වටින දෙයක් .. 

මේක තමන්ගේ හොදට පාවිච්චි කටන්නත් ඒ වගේම නරකට පාවිච්චි කරන්නත් පුලුවන් ..ඒ වගේම තමයි බලනන කෙනාටත් ... 

හරියට බැලුවොත් ඔයාට එක එක දේවල් ඉගෙන ගන්න ඇත්තටම ඔය කෝස් පස්සෙ අර ඩිග්‍රි මේ ඩිග්‍රි පස්සෙ යන්න ඕනෙ නෑ .. ( සහතිකේ වටිනව නම් යන්න ඕනෙ ඈ :පී )

ඔයාට මොනවද ඉගෙන ගන්න දැන ගන්න ඕනෙ .. ඒ හැම දෙයක් ම වගේ Youtube එකේ තියනවා ..ඕනෙ දෙයක් ගිහින් හොයල බලල ඉගෙන ගන්න ..

මට ඕනෙ දේවල් ඉගෙන ගන්නත් මට Youtube ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා ...


2.වීඩියෝ Upload (අප්ලෝඩ්) කිරීම

ඔයාට පුලුවන් ඔයාගෙ වීඩියෝත් මේකට දාන්න ... ඕනෙ එකක් දාන්න පුලුවන් .. ඒක ඔයාගෙ උවමනාව මත තමා සිද්ද වෙන්නෙ .. මේක කරන්න අම් ඔයාට Youtube එකවුන්ට් එකක් ඕනෙ වෙනවා .. එකවුන්ට් එකක් ඔයාට තියන එක ගොඩාක් වැදගත් වෙනවා .. වීඩියෝ දාන්නම විතරක් නෙමෙයි .. වීඩියෝ බලද්දිත් ඔයාට ගොඩාක් වටිනවා එකවුන්ට් එකක් තිබීම .. ඒකේ වාසි මන් පහලින් කියන්නම් පෝස්ට් ක මෙහෙම්මම කියවගෙන එන්නකෝ ...

ඔයා දාන වීඩියෝ ඒක මත ඒක බලන ප්‍රමාණය තීරනය වෙනවා ... 
ඔයාට පුලුවන් ඔයා දන්නෙ නැති දෙයක් වීඩියො එකක් මාර්ගයෙන් දාන්න යූටියුබ් එකට .. ඒක දන්න අය එතකොට ඔයාට ඒක ඇන කියල දෙයි ... තමන්ට ඉගෙන ගන්න විතරක් නෙමෙයි එතකොට තමන්ට කියල දෙන්නත් මේක ප්‍රයෝජනවත් එනව කියල දැන් ඔයාට තේරෙනව ඇති










3.දාපු වීඩියෝ වලට කොමෙන්ට් දැමීම 

මේක නම් ඔයාට ඉතින් තනිකරම ෆේස්බුක් වල වගේ යූස් කරන්න පුලුවන් .. තමන් දන්න දේ ඒ දාන්න , දන්නෙ නැති දෙයක් අහගන්න , කැමැත්ත ප්‍රකාශ කරන්න වගෙ දේවල් වලට ..


4.ලයික් (like) කිරීම [Thumbs Up]

මේක නම් වීඩියෝ එක දාපු කෙනාට .. ඔයා ලයික් එකක් දැම්මොත් ඒ වීඩියෝ එකේ රේටින්ග්ස් වැඩි වෙලා ඒක අනිත් ය අතරෙ ප්ර්සිද්ද වීම වැඩි වෙනවා .. ඒකෙන් ඒ වීඩියෝ එක බලන ප්‍රමානෙ වැඩි වෙනවා .. ඒ වීඩියෝ එකට එයා ads එහෙම දාල තියනව නම් ඒකට සල්ල් ලැබෙනවා බලන කට්ටිය අනුව ..(බලන කෙනාට නම් ලැබෙන දෙයක් නෑ ඉතින් )





5.මුදල් සෙවීම 

ඔව් .. යූටියුබ් එකෙන් සල්ලි හම්බ කරන්න පුලුවන් ...ඔයා දාන වීඩියෝ එකට ads දා ගත්තොත් ඔයාටත් ඒකෙන් ගානක් හම්බ කරන්න පුලුවන් .. සල්ලි ගාන තීරනය වෙන්නෙ ඉතින් වීඩියෝ එක බලන ප්‍රමානෙ අනුවයි .. add එක ක්ලික් කරන ප්‍රමානෙ අනුවයි .. ඉතින් ඔයා හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනෙ ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් දාන්න .. ඒ වගේම ඒක වටේම පබ්ලිශ් කරන්නත් ..ෆේස්බුක් එහෙම නම් තමන්ගෙ වීඩියෝ එකේ වීව්ස් ගාන වැඩි කරගන්න ගොඩක් වටිනව .. මොකද තම්ගෙ වීඩියෝ එකේ ලින්ක් එක ඒකෙ වටේම පෝස්ට් කරන්න පුලුවන්නෙ ඉතින් ...පහල තියෙන්නෙ ඒ යූටියුබ් ඇඩ්ඩ් වලට උදාහරණ ,,






* Youtube එකවුන්ට් එකක් (චැනල් එකක් ) හදමු ...හරි ප්‍රයෝජනයක් ගමු ..


මන් කිව්වනෙ උඩදි එකවුන්ට් එකක් තියන එක ගොඩක් වාසී කියල .. ඉතින් ඒ වාසි ඔයාට දැන් මේක බැලුවම ඉබේම තේරුම් යයි .


හරිම ලේසී මේ වැඩේ ... ඔයාට Gmail එකවුන්ට් එකක් තියනව න ඒ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගහල ලොග් වෙන්න යූ ටියුබ් එකට ..හරි දැන් ඔයාට යූටියුබ් එකවුන්ට් එකක් තියනවා .. ඒක මේ පහල තියන විදිහට වැටෙයි ඔයා ලොග් උනාම ..






ඔය පොටෝ එකේ අංක දාල තියන ටික මන් වර්ග කරල දෙන්නම් ...

  1. home එක .. ඒ කියන්නෙ ප්‍රදාන මෙනුව .. ඔය ඉන්නෙත් ඒ පේජ් එකේ තමයි 
  2. ඒක ඔයාගෙ ප්‍රොෆයිල් එක .. ඒ කියන්නෙ ඔයාගෙ චැනල් එක ..
  3. ඒකෙන් කියන්නෙ ඔයා Subscribe කරල තියන තවත් Youtube චැනල් වල දාල තියන වීඩියෝ ...subscribe කියන එක එච්චර ලොකුවට හිතන්න එපා .. ඒකෙ තේරුම හරියට ෆේස්බුක් එකේ යාලුවෙක්ව ෆ්රෙන්ඩ් කෙනෙක් කරගත්ත වගේ ..ඔය පහල තියන පොටෝ එකේ වගේ තමයි ..මන් නිල් පටින් කොටු කරල ඇති 
     
  4. මේකෙන් කියන්නෙ ඔයා කලින් බලපු වීඩියෝ ටික.. 
  5. එකෙන් කියන්නෙ ඔයා පස්සෙ බලන්නම් ඉයල තෝරපු වීඩියෝස් 
  6. කියන්නෙ ඔයා ඔයාගෙ ප්‍රියතම වීඩියෝ ලෙස තෝරපුවා 
  7. ඔයා ලයික් කරපු වීඩියෝ 
  8. ඔයා සබ්ස්ක්‍රයිබ් කරපු වීඩියෝ චැනල්ස් 
  9. වීඩියෝ එකක් උප්ලෝඩ් කරන්න ඕනෙ නම් ඒක කරන්න ඔබන්න ඕනෙ බටන් එක
  10. ඔයාගෙ ගූගල් එකවුන්ට් එකෙ නොටිෆිකේශන් එන තැන 
  11. ඔයාගෙ ප්‍රොෆයිල් එක ..ලොග් අවුට් එහෙම වෙන තැන ..
  12. මෙතන තමයි ඔය ඔක්කොටෝම අදාල වීඩියෝ වැටෙන්නෙ .. ඔයා අලන ඊඩියෝ ටයිප් එක අනුව ලුත් වීඩියෝ ත් මෙතනට එනවා ..හරියට ෆේස්බුක් එකේ වගේම තමයි 




හර් .. ඉතින් එකවුන්ට් එකක් තියෙන එකෙන් වෙන වාසිය වෙන්නේ හිස්ටරි කියල එකක් තියන නිසා ඔයා කලින් බලපු වීඩියෝ ඉතා පහසුවෙන් හොයා ගන්න පුලුවන් ..ඔයා කැමතිම යූටියුබ් චැනල් සබ්ස්ක්‍රයිබ් කරොත් ඔයාට ඒගොල්ලො දාන වීඩියෝ හොයන්න ඕනෙ නෑ ඔයාගෙ සබ්ක්‍රිප්ශන් එකේ තියනවා ඒවා දාපු දිනේ පිලිවෙලට ඉදල ..තව ඔයා ලයික් කරපු , පස්සෙ බලන්න දාපු , ආසම ඒව විදිහට තෝරපු වීඩියෝ ආයෙ බලන්න එහෙම ගොඩ වටිනවා ..තව ඔයාට වීඩියෝ දාන්න පුලුවන් යූටියුබ් එකට ..හරියට කලොත් කීයක් හරි හොයා ගන්නත් පුලුවන් ..

බලන්න යූටියුබ් එකවුන්ට් එකක් තියන එකෙන් කොච්චර උදව්වක් වෙනවද ඔයාට .. මේක හරියට පාවිච්චි කලොත් ඔයා ෆේස්බුක් එනවා වගේ මේකටත් හමදාම ඇවිල්ල අලුත් දේවල් බලල යන්න ගනී .. මට අම් පුරුද්දට ගිහින් දැන් ඒක ... (ඩේට නම් කැපෙනව ඈ වීඩියෝ බලද්දි .. ) 


ඉතින් ඔන්න ඔහොම් තමයි ඕක වෙන්නෙ.. මේක ගැන හරියට දන්න අය හිටියත් මේක ගැන හරියට නොදන්න අය ඊට වඩා වැඩි නිසයි මට මේක දාන්න හිතුනෙ .. මන් හිතනව ඔයාලට මේ පොස්ස්ට් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල ..

එහෙනම් මන් තවත් අලුත් දෙයක් අරන් එන පොරොන්දුවත් එක්ක මේ පෝස්ට් එකෙන් සමු ගන්නවා .. උදව්වක් උනා නම් කොමෙන්ටුවක් දාගෙන ශෙයාර් කරගෙන යන්න අමතක කරන්නත් එපා ..මොකක් හරි ගැටලුවක් තිබුනොත් ඒත් පහලින් කොමෙන්ටුවක් දාන්න .. 


කර්තෘ අයිතිය - Charana Harshana






Share this

Related Posts

Previous
Next Post »

3 comments

Write comments
October 13, 2015 at 8:19 AM delete

youtube eken salli hamba karana widiha danna plz

Reply
avatar
May 5, 2020 at 9:35 AM delete

ස්ල්ලි හ්ම් බ කරන හැටි දාන්නකෝ කොහොමද වොයාගෙ සයිට් එක සබ් කරන්නෙ

Reply
avatar