SONY Xperia වලට Firmware(Stock Rom) ගහමු

11:38 AM





ඔන්න ඉතිං SONY Xperia users ලාට මේක ගොඩක් වැදගත් වෙයි.

අද කියන්න යන්නේ SONY Xperia users ලාට ගොඩක් වැදගත් වෙන දෙයක්.
ඒ තමයි කොහොමද අපි අපේ Xperia Device එකට් Firmware එක නොහොත් Stock Rom එක ඇතුලත් කරන්නේ කියලා.
ගොඩක් වෙලාවට මේක ඕන වෙන්නේ ඔය එක එක දේවල් කරලා Bootloop / Soft brick උන අයට තමා. මොකද ඉතිං හේතුවක් නැතුව Firmware එක Flash කරන්න ඕන නහැනේ.

හරි එහෙනම් මේක කරන්නේ මෙහෙමයි.

(1) මුලින්ම මේ Flashtool එක Download කරගන්න ඕන.





(2) දැන් මේක Install කරගෙන ඉන්න.. Install කරනකොට තියෙන Default path එකම තියන්න..වෙනතැන් වලට දාන්න එපා !.

(3) Install උනාට පස්සේ C:\Flashtool\drivers වලට ගිහින් Drivers Setup එක Install කරන්න..

(4) දැං ඒකෙ Flashmode Drivers එකයි Fastboot Drivers එකයි මුලින් Tick කරලා ඉන්න..මොකද ඒවා තමා අත්‍යවශ්‍ය දෙක..

(5) ඊට පස්සේ අනිවාර්යෙන් ම ඔයාලගේ Xperia එකේ Codename එක හරි Model name එක හරි මෙතනින් තෝරලා Install කරන්න...




(6) Install කරනකොට මෙහෙම එකක් අවොත් "Install this driver software anyway" Click කරන්න...


(7) ඊට පස්සේ Driver Setup එක Finish කරලා Flastool Open කරන්න.



මේ වැඩේදී Phone එකේ Battery එක 60% හෝ ඊට වැඩි වෙලා තියෙන්න ඕන



(8) දැන් කිසිම දෙයක් කරන්න කලින් 4න් එක එක පාරක් Flashmode එකෙන් Connect කරලා ඉන්න..




Flashmode සඳහා Vol - ඔබාගෙන USB Connect කරන්න..



දැන් "Device Connected in Flashmode" කියල අවොත් හරි.. දැන් ගලවන්න..




එහෙම කරන්න කියල කිවව හේතුව තමා ගොඩක් PC වල 4න් එක මුල් පාර Connect කරනකොට තමා Driver එක Install වෙන්නේ...ඉතින් Flash කරන්න හදන වෙලාවේ ඒක උනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා..




(9) හරි දැන් ඔයාලගේ 4න් එකට ගැලපෙන Stock Rom එක ඒ කියන්නේ FTF (Flashtool Firmware) එක Download කරලා C:\Flashtool\firmwares වලට දාන්න..

((ftf එක තෝරනකොට එක තියෙන path එක Browse කරලා දුන්නත් කමක් නෑ..හැබැයි Flashtool තියෙන්නේ C එකේ කියල මතක තියාගන්න.. මොකද ftf එක Extract වෙලා තමා 4න් එකට වදින්නේ.Extract වෙනකොට Size එක වැඩිවෙනවා කියල ඔයාල දන්නවනේ... ඒ හින්ද අවමයෙන් C එකේ 5GB වත් Free තියෙන්න ඕනේ...))

(10) හරි දැන් Flashtool Open කරලා අකුණ වගේ Icon එකක් තියෙන "flash device" ඒක Click කරන්න..
(11) ඊට පස්සේ එන පොඩි මෙනු එකෙන් Default Select වෙලා තියෙන "flashmode" ඒක Ok කරන්න..






හරි දැන් ඔයාල C:\Flashtool\firmwares වල දාපු ftf එක වම් පැත්තේ list එකේ පෙන්නනවා ඇති..






එහෙම නැති උනොත් පහල රූපේ කළු පාටින් රවුම් කරල තියන එකෙන් ගිහින් මං කලින් කිව්වා වගේ path එක Browse කරල දෙන්න..





හරි දැන් ftf එක තෝරලා ඉවර නම් දකුණු පැත්තේ තියෙන tick වලින් "Misc" යටතේ තියෙන "No Final verification" එක කැමති නම් click කරන්න එතකොට flash වෙන අන්තිම ටිකේදි verify කරන්නේ නැතුවම finish වෙනවා...

'Wipe' වලයි 'Exclude' වලයි තියෙන tick අයින් කරන්නත් එපා අලුතෙන් දාන්න යන්නත් එපා !!!

(12) හරි දැන් "Flash" Click කරන්න..

ඊට පස්සේ ටිකක් වෙලා ඉදල Phone එක Connect කරන්න කියලා Window එකක් එයි..





(13) දැන් කලින් වගේ 4න් ඒක Off කරලා ටිකක් වෙලා ඉදල Vol - ඔබාගෙන PC එකට Connect කරන්න...

හරි දැන් Software එක වදිනවා ඇති... Power Loss වෙන්නේ නැති වෙන්නත් USB Cable එක ගැලවෙන්නෙත් නැති වෙන්න වග බලා ගන්න...

ඉවර වුනාම Cable එක ගලවල Phone එක On කරන්න.

Note :- Phone එක On වෙන්න ටිකක් වෙලා යයි මොකද OS එක මේ Flash වෙච්ච අලුතම 1st boot එක ගන්න් නිසා system එක analyst වෙන නිසා. හදිස්සි නොවී බලාගෙන ඉන්න.

එහෙනම් මොනවා හරි නොතේරෙන තැනක් එහෙම හියෙනවනම් හෝ අව්ලක් නම් Comment එකක් දාගෙන යන්න.

මේ ඵලකල Post එකේ පින්තූර සහ අයිතිය xperiasinhalen blog එකේ Ashantha Piyumal සහෝදරයා සතු බවත් මා විසින් එය යම් ගෙන යම් වෙනස්කම් කර ඵලකරන ලද්දකි. මේ සඳහා ඔහුගෙන් අපට් යම් සහයෝගයක්ද ලැබුනි.

ස්තූතියි,,


Author..,

Senal Evans

Share this

Related Posts

Previous
Next Post »

1 comments:

Write comments