මොකද්ද මේ අලුත් පරිගනක වල SSD කියන්නේ ?

10:39 AM
මොකද්ද මේ අලුත් පරිගනක වල SSD කියන්නේ ?



ඇත්තට්ම මම මේ වෙනකන් බ්ලොග් එකට දැම්මේ ෆෝන් ගැන දේවල් විතරයි.ඉතින් අද පොඩ්ඩක් වෙනස්ක් පැත්තකට යන්න හිතුනා,අද මම කතා කරනේ SSD එහෙමත් නැත්නම් Solid Stae Drive ගැනයි

ඇත්තටම මොකද්ද මේ SSD  කියන්නේ ? මෙන්න මෙහෙමයි වැඩේ,සමහර විට මේක කියවන ඔයා මේ ගැන දන්නවත් ඇති.ඒත් නොදන්න අයත් ඉන්නවා ඉතින් ඒ අයටයි මේ

ඔයාලා ඔනේම කෙනෙක් දන්න්වනේ පරිගනකය තුල ස්තීර මතකය ඒ කියන්නේ Hard Disk එක ඒහමත් නැත්නම් මොලේ කියමුකෝ.මේකට තමයි අපි පරිගනකය තුලට ඇතුලත් කරන සියලුම දේවල් (ඒ කියන්නේ සිංදු,ෆිල්ම්,ෆොටෝස්,වින්ඩොව්ස් ඇප්ලිකේශන්) ස්තිරව මතක තියාගන්නේ මේ හාර්ඩ් ඩිස්ක් එක තමයි..මේ වෙනකොට 1TB 2TB වගේ ලොකු පරිමානයිකින් යුක්ත කාරයක්ශම තාවයෙන් වැඩි හාර්ඩ් ඩිස්ක් වෙලදපොලේ තියෙනවා.

ඒත් මම කියිවොත් ඒටත් වඩා කර්‍යක්ශමතාවෙන් වැඩි,කල්පැවැත්මෙන් වැඩි හාර්ඩ් ඩිස්ක් නොවෙන වෙනත් එකක් තියෙනවා කියල? "ඈ මොකද්ද බං ඒ ?" ඔව් ඔයාල අනිවර්යෙන්ම ඕක නිකන්ම අහනවා.
ඔව් එහෙම එව්වා තියෙනවා එව්වට තමයි SSD කියන්නේ

දැන් බලමු SSD කියන්නේ මොකද්ද?

 දැන් අලුත් පරමපරාවේ පරිගනක උපාංගත් එක්ක ඔය  හාර්ඩ් ඩිස්ක් කියන්නේ යල් පැනපු බඩුවක් :D ඉතින් ඔය හාර්ඩ් ඩිස්ක් කියන එව්ව වෙනුවට දැන් අලුතෙන්ම එන්නේ SSD මේවාගේ තියේන විශේශත්වේ තමයි හාර්ඩ් ඩිස්ක් එකකට වඩා ඉතාම ඉහල කාරයික්ශම තාවයක් තියෙන එක ඒ වගේම කල් පැවත්මෙන් හාර්ඩ් ඩිස්ක් එකක් එක්ක බලනකොට ගොඩක් ඉහල මට්ටමක තියෙන හාර්ඩ් ඩිස්ක් එකකට සාපෙක්ශව විදුලිය පරිබෝජනය ඉතාමත් අඩු සුපිරි බඩු කෑල්ලක්.
 හර්ඩ් ඩිස්ක් වලට ඇතුලේ තියෙන්නෙ තැටි ඉතින් ඒ තැටි කැරකෙන්න මෝටර් තියෙනවා.ඒත් මේ අලුතින් එන SSD එකේ එහෙම තැටිවත් මෝටර් වත් නැහැ.

එහෙනම් මොකද්ද තියෙන්නේ ?



SSD වල තියෙන්නේ නිකන්ම පරිපතයක් විතරයි ඒ නිසා විදුලි පරිබෝජනයේන් 90% විතර හාර්ඩ් ඩිස්ක් එකකට වඩා අඩුයි.ඒ වගේම ඔයාල දන්න්වා අපිට යූ.පී.ඇස් එකක් නැත්නම් අපි පරගනකයේ වැඩ කරනකොට එක පාරටම විදුලිය විසංදි වුනොත් ඒ දේ ප්‍රදන විදයටම අපේ පරිගනකයේ හාර්ඩ් ඩිස්ක් එකට බලපානවා..(අනිත් එව්වටත් බලපානවා ඈ)

 ඇයි එහෙම වෙන්නෙ ?

   එහෙම වෙන්නෙ හාර්ඩ් ඩිස්ක් වල තියෙන තැටි(මේවගේ තමා මතකය ගබඩා වෙන්නෙ)  රිඩ් කරන හෙඩ් තියෙනවා.අපි පරිගනකයේ වැඩ කරනකොට ඒව්වා වේගෙන් කැරකෙනවා ඉතින් එක පාරටම විදුලිය බින්දවැටීමක් වුනොත් අර රීඩ් හෙඩ් එක ටක් ගාලා තැටියේ වැදිලා තමයි නවතින්නේ
එහෙම උනාම මොකෝ වෙන්නේ ?


 එහෙම උනාම තමා හාර්ඩ් ඩිස්ක් එකේ Bad sectors ඇති වෙන්නෙ

 "ඉතිං මොනවද ඒ Bad sectors කියන්නේ?"

  බෑඩ් සෙක්ටර්ස් කියන්නේ අර විදුලිය විසංදි උනාම ටක් ගාලා රීඩ් හෙඩ් එක වැදුනම ඇති වෙන ඩැමේජ් එකයි
  ඉතින් ඔහොම වෙන්න වෙන්න හාර්ඩ් එකේ ආයු කාල අඩු වෙලා පිච්චිලා යනවා,එහෙමත් නැත්නම් වින්ඩොස් දාන්න බැරි තත්වෙට එනවා (දැන් ඔයාගව මෙහෙම හාර්ඩ් තියෙනවන්ම් විසි කරන්න එහෙම හදන්න එපා,වැඩ කරන ඒත් වින්ඩොස් දාන්න බැරි එව්වා තියෙනවනම් එව්වා ස්ලේව් ඩ්වයිස් එකක් විදිහට යුස් කරන්න පුලුවන් ගොඩක් වෙලවට,ඒ නිසා ස්ලේව් දාගන්න එහෙම එව්වා තියෙනවනම් :) වැඩක් ගන්න පුලුවන් කම තියෙද්දි මොන එහෙකට විසි කරන්නද ? නේහ් ?

 හැබයි මේ SSD වල එහෙම තැටි,හෙඩ් නැති නිසා විදුලිය විසංදි වුනාට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ.එ නිසා හාර්ඩ් ඩිස්ක් එකකට වඩා කල් පැවත්මෙන් වැඩී.ඒ වගේම හාර්ඩ් ඩිස්ක් එකක්ට වඩා අපි දෙන කමාන්ඩ්ස් ඉක්මනින් ඉටුකරන්න පුලුවන් හැකියාවක් ඒ SSD වලට තියෙනවා ඒ වගේම ශබ්දයක් නම් නැති තරම්,හේතුව තමයි මෙයාගේ තැටි,හෙඩ් නොමැති වීම.අපි සෙන්ට්‍රල් ප්‍රොසෙස් යුනිට් (CPU) එහෙමත් නැති නම් ප්‍රොසෙසර් එක, මේන්න මේයාගේ හරහා තමයි අපි අපිට පරිගනකය තුල කරන්න ඔනේ දේවල් දන්වන්නේ ඉතිං හාර්ඩ් ඩිස්ක් එකකට මේ දේවල් Hard disk එකෙන් දැනුම් දුන්නම එයා පොඩි වෙලවක් ගන්නවා ඒක ඇනලයිස් කරගන්න,මේක මෙන්න එහෙම තාර්කිකව ඔප්පු කරන්න පුලුවන් ,ඔයා ටිකක් ලොකු ඇප්ලිකේශන් එකක් ඔපන් කරලා බලන්න ඒක ඕපන් වෙනකොට හාර්ඩ් ඩිස්ක් එකේ සද්දේ වෙනස් වෙනවා අපි නොමලි වැඩ කරනවට ඇහෙන සද්දේට වඩා , ඉතිං SSD ව්ල මේ තැටි,හෙඩ් නැති නිසා අපි ප්‍රොසාට අපේ වැඩේ දනුම් දුන්න ගමන් පොල්ලෙං ගැහුවා වගේ SSD එක පටස් ගාලා සද්ද නැතුව වැඩේ ඉක්මනින් කරලා දෙනව




ඔන්න දැන් ඔයාට හිතෙනවා ශාහ්හ් එහෙනම් රැම් එකයි ප්‍රොසෙර් එකයි අප්ඩෙට් කරන්න ඔනේ නෑ මාත් ගහනවා SSD එකක්..

 ඒත් ඒක 50% විතර වැරදී හේතුව තමයි පනිවිඩේ යවන කෙනා(ප්‍රොසා,රැම්) ස්පීඩ් නැත්නම් පනිවිඩය ලබාගන්න කෙනාට ඒක ලැබෙන්න පරක්කු වෙනවා.ඒ නිසා අනිවර්යෙන් SSD එකයි රැම් එකයි ප්‍රොසායි කියන මේ තුන් දෙනාම එකම මට්ටමෙන් ඉන්න ඔනේ

  ඒ වගේම ඔයා ගේමර් කෙනෙක් නම් හිතනවා ඇති SSD එකක් ගහත්තොත් මට හොද FPS මට්ටමකින් ගේම් ප්ලේ කරන්න පුලුවන්.

      මේ කතාවත් 25% විතර වැරදී ,මොකද හේතුව තමයි ගේමින්ග් වලට වැදගත්ම දේ තමයි Ram,Vga,Prossecer  මෙන්න මේ අයියලා තුන් දෙනා,හැබැයි SSD එකෙනුත් තල්ලුවක් දෙන්න පුලුවන්.ඉතින් ඔයා ගේම් ප්ලේ කරන කෙනෙක්නම් ඒ තුන් දෙනාව අප්ඩෙට් කරගන්න


 එතකොට කෝමද SSD එකකින් කොම්පුටර් එකේ ස්පීඩ් එක වැඩි කරගන්නේ ?

       මෙන්න මෙහෙමයි වැඩි කරගන්නේ..     ඔයාට 1TB හාර්ඩ් එකක් ගන්න ගානට SSD 1TB එකක් ගන්න බෑ.සල්ලි තියෙනවනම් කමක් නෑ ඉතිං :D ඔයාට කරන්න තියෙන හොන්දම වැඩේ තමයි 128GB වගේ SSD එකක් අරන් අන්න ඒකට ඔයාගේ සිස්ටම් එක ඒ කියනේ මෙහෙයුම් පද්දතිය දාගන්න එකයි.. හාර්ඩ් ඩිස්ක් එක තියෙද්දි ඔන් වෙන්න 2minute ගියානම් SSD එකක් දැම්මම 1minute වලින් ඔන් වෙනවා.ඒ වගේම වැඩ වලිදි ඉතාමත් කාරයක්ශමව වැඩ කරල දෙනවා.දාලම බලන්න එහෙනම්



එහෙනම් ඉතිං මම යනවා..ආයෙත් පොස්ටුවකින් හමු වෙමු

තනියම කියවලා යන්න එපා..යාලුවන්ටත් දැනගන්න ශේයර් කරන්න ඔයාලගේ ෆේස්බුක් G+ වලින් එහෙම
වරදක් අඩුපාඩුවක් දැක්කනම් ඒකත් කියලම යන්න.. ඒ වගේම තැන්කූ කියලවත් කොමෙන්ටුවකින් පොඩි දිරිමත් කිරීමක් කරන්න.. මේක කරන එකෙන් අපිට ලැබෙන එකම දේ ඒක විතරයි.


Author
Thisara subash (All rights reserved ඈ )

                                  ..................බුදු සරනයි දෙවි පිහිටයි ඒනම් !! ................

Share this

Related Posts

Previous
Next Post »