Motorola Pure android දුරකතනය වන Motorola Moto X Style හි පුනරාගමනය

5:48 PM
Motorola කිව්වොත් අද ගොඩක් කට්ටිය දන්නේ නැති Brand එකක් බවට පත්වෙලා තියෙනවා . ලංකාවේ Motorola ගැන ගොඩක් ප්‍රසිද්ධ නොවුනත් අදටත් Motorola Phone පාවිච්චි කරන අය, Motorola වලට ආදරය කරන අය ලංකාවේ තාම ඉන්නවා . Motorola සහ Google සම්බන්ධ  වී 2014 අවුරුද්දේ Nexus 6 ස්මාර්ට් දුරකථනය හදුන්වා දුන් අතර එය බෙහෙවින් ජනප්‍රිය වුයේය.



මේ අවුරුද්දෙත් Motorola විසින් ස්මාර්ට් දුරකථන තුනක් එළිදැක්වූ අතර,  ඒ අතරින් Motorola Moto X Style ප්‍රදාන ස්ථානයක් ගනී . එහෙයින් අද මම Moto X  Style පිළිබද ඉදිරිපත් කිරීමට අදහස් විය .


Moto X Style යනු Android 5.1.1 මෙහෙයුම් පද්ධතියෙන් ධාවනය වන සහ Motorola වලට ආවේනික Moto Voice , Moto Assist , Moto Display සහ  Moto Action යන ප්‍රදාන apps වලින් මෙම දුරකථනය සමන්විත වේ .

මෙහි Camera පිළිබදව ගත් විට , පිටුපස Cameraව 21.0 f/2.0 මෙගා pixel අගයෙනුත් සහ දිත්ව Flasher ( Dual CCT flash ) සමග පැමිණෙන අතර Video පටිගත කිරීමේදී 4k උසස් තත්වයකින් පටිගත කිරීමේ හැකියාවක් දක්නට ලැබේ , මෙහි ඉදිරිපස Camera ව 5.0 මෙගා pixel අගයකින් මෙන්ම 87” wide-angle කාච ප්‍රමාණයකින් යුක්ත වේ. මෙහි ඉදිරිපස Flasher යක්ද අඩංගු වේ .

Moto X Style හි බැටරි ධාරිතාවය 3,000 mAh වන අතර  මෙයට Moto turbo Charger උපාංගය නොමිලේ ලබාදෙයි . මෙහි Ram මතකය 3GB වන අතර Memory ධාරිතාව 16/32/64 GB යනුවෙන් ආකාර තුනකින් පැමිණෙන අතර මෙහි බාහිර මතකය 128 GB දක්වා ඉහල දැමිය හැකිය 


 x Style හි තිර ප්‍රමාණය ( Display Size ) අගල් 5.7” පමණ වන අතර  මෙහි  Qualcomm Snapdragon 808 1.8 GHz hexa-core processor යකින් සමන්විත වේ . එමෙන්ම මෙය 4G තාක්ෂණයේ ඉහලම අවස්ථාව වන Universal LTE banding තාක්ෂණය බාවිතා වේ .

මෙහි තනි Nano සිම්පතක් අඩංගු කල හැකි අතර , ද්‍රව ප්‍රතිරෝදී ( Water repellent ) තාක්ෂනය අන්තර්ගතකොට තිබේ ..







මෙහි විශේයෙන් දක්නට ලැබෙන ලක්ෂණය වන්නේ Motorola official වෙබ්අඩවිය මගින් ලබාදෙන Moto Maker option ක්‍රමයයි . මෙහිදී ඔබගේ Motorola දුරකථනය ට ඔබට අවශ්‍ය වර්ණ වලින් දුරකථනය තෝරා දුරකතනයේ මිල සැසදීමටද අවස්ථාව හිමිවේ  




එය ඔබේම කරගන්න 






Inside & Out

Share this

Related Posts

Previous
Next Post »