සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන්ස් මිලදී ගැනීමේදී සැලකිව යුතු කරුණු

12:14 AM
අද මන් කියල දෙන්න යන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන්ස් ගන්න අයට ගොඩක් වටින දෙයක්..
ගොඩක් අය බලන්නෙ නැතුව අරන් අනාගන්නවනේ ඒකමයි මේක දැම්මේ

මුලුන්ම  කියන්න ඕනි අපිට ගොඩක් දේවල් පොඩි වෙලාවකින් බලාන්න ඕනිනෙ?

ඒකට තමා මේ කෝඩ් තියෙන්නෙ

සෝනි- *#*#7378423#*#*
සැම්සුන්- *#0*#
එච්ටීසී- *#*#3424#*#*
එල්ජී- 3845#*ModelNumber#
මයික්රෝමැක්ස්- *#*#3646633#*#*

ඔය කෝඩ් එකෙන් ගොඩක් දේවල් බලාගන්න පුලුවන්..ඔක්කොම බලන්න
ඇපල් වලටනම් කෝඩ් නෑ..පහලින් දාන්නම් ඇපල් චෙක් අරගන්න විදිහ..ඔය මන් දුන්න කෝඩ් එක තමන් ගන්න යන බ්‍රෑන්ඩ් එක බලල ඩයල් පෑඩ් එකේ ගහල බලන්න
එතකොට මේ වගෙ මෙනූ එකක් එයි එක එක ජාති වල වෙනයි..

ඔකේ ඩිස්ප්ලෙ/ටච් ඒවගෙ ඒවට වැඩි අවධානයක් යොමුකරානම් හොදයි ..ඩිප්ලේ එකේ කලර් පැච් තියෙනවද බලන්න..ටච් එක හැම් තැනම් වැඩද බලන්න

ඕකෙන් චෙක් කරගන්න බැරි දේවලුත් තියෙනවා ඒව මේ විදිහට චෙක් කරන්න

ෆෝන් එකට සිම් එකක් දාල 3g වැඩද බලන්න..කෝල් එකක් අරන් බලන්න..
ගොඩක් කට්ටිය බැට්‍රි පර්සන්ටේජ් හයිඩ් කරල තමා ගෙන්නෙ ගෙනාපු ගමන් හයිඩ් කරලනම් ඒක පෙන්නන හදන්න්  සැම්සුන් වලනම් settings>>Display>>Show Battery Percentage
ඉන්ටනෙට් ගියාම එහෙම අසාමාන්‍ය විදිහට බහිනවනම් ගන්න එපා..මෙමරි කාඩ් එකක් තියෙනවනම් ඒකත් දාල බලන්න...
ෆෝන් එක එක පාරක් ඕෆ් කරල ඔන් කරලත් බලන්න් බැට්‍රිය ගොඩක් බැහැලද කියල..

අන්තිමට බලන්න ලග පාත කඩයක් එහෙම තියෙනවනම් ගිහිල්ල යූඑස්බී පෝට් එක වැඩද කියල..චාජර් එක ගහල..පවර් බෑන්ක් එකක් තියෙනවානම් ඒකට ගහල බලන්න
ඕකොම ඔකේනම් ගන්න තමා තියෙන්නෙ..සැම්සුන් ෆෝන්ස් වලනම් සිල්වල්යින් එක එනව සිල්වල්යින් එකත් හොදට බලන්න ගොඩක් ගිහිල්ලනම් මාක්ට් එක  අඩුයි..

ඇපල් චෙක් කරගන්නන විදිහ තම මේ>>

*අතට ගත්ත ගමන් හව්සින් එක බලන්න හොදට
*හෝම් බට්න් එක තදයිද බලන්න ඔබද්දී
*වොලියුම් අප් ඩව්න් වැඩද බලන්න
*සයිලන්ට් බට්න් එක වැඩද බලන්න
*ප්වර් බට්න් තදයිද බලන්න
*ඊලගට තමා වැදගත්ම දේ තියෙන්නෙ මේ දවස්වල ගොඩක් අය නොදැනඅරන් අමාරුවේ වැටෙනවා **icloud Lock** කියල දෙන ඒවනම් ගන්න එපා !!
අයික්ලව්ඩ් ලොක් කඩන්න ලොකු ගානක් යනව 20-000 වගේ..අයි ක්ලව්ඩ් ලොක් කියන්නෙ ගොඩක් උස්සපු/නැති උන ෆෝන්ස්..

අයික්ලව්ඩ් එකවුන්ට් එකක් ඇඩ් කරලනම් ඩිවයිස් එකට රීසෙට් කරන්න කලින් මෙතනට ගිහිල්ල Sign-Out කරල දෙන්න  කියන්න..ඔය  දාල තියෙන ස්ක්‍රීන්ශොට් එකේ වගෙ හිස්තැනක් තියෙන්වනම් විතරක් ගන්න
අයි ෆෝන් වලනම් ඩිස්ප්ලේ එහෙම බලාගන්න කෝඩ් එකක් නෑ..ඒකට කරන්න තියෙන්නෙ එක දෙයයි වයිට් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන තැනකට යන්න (සෙටින්ග්ස් ,ෆොටෝස්) ගිහිල්ල බ්‍රයිට්නස් අඩ වැඩි කරල බලන්න

මිනිහ ෆොන් එක රීසෙට් කරලනම් ගෙනාවෙ සින්දු දාල බලන්න බෑනේ? එහෙනම් සෙටින්ග්ස් ගිහිල්ල රින්ග්ටෝන් එකක් ප්ලේ කරල බලන්න
අයිෆෝන් අත් කලින් කිව්ව වගේ සිම් එකක් දාල නෙට් ගිහිල්ල බලන්න..කැම් එකෙන් ෆොටෝස් ගහල බලන්න..ෆ්ලෑශර් එක වැඩද බලන්න අනිවා..
අනිව බලන්න ඔරිජිනල් ඇසසරිස් ද තියෙන්නෙ කියල ඔරිජිනල්ද බලාගන්නෙ හැම එකක්ම පොඩියට ඉමි එකක් ගහල තියෙනවා..චාජරේනම් ඇඩප්ටර් එකෙ යූඑස්බී පෝට් එකේ ඇති..ඔරිජිනල්ද බලන්න කිව්වෙ ගොඩක් අය බාල චාජ්ර් දාල හෙනව..එවයින් ෆෝන් එකටත් හොද නෑ.
ඔරිජිනල් චාජරයක් ගොඩක් ගනන් අනික :3

ඔන්න ඔහොමයි සෙකන්ඩ් හෑන්ඩ් ගනිද්දි බලන්න ඕනි..සේම් ඉමි බොක්ස් එක එහෙම නැත්තන් අනිවා අයිඩී කොපියක් ඉල්ලගන්න..අපි දන්නෙ නෑනෙ ඌ කව්ද කියල..

ඔන්න එහෙනම් අපි කැපුනා!! :ඩී :වී

Share this

Related Posts

Previous
Next Post »