කර්නල් එකක් කියන්නෙ මොක්ද්ද ??

11:49 PM
හරි .. ආයෙත් ආවෙ Android ගැන දැනගන්න ආස අයට ගොඩක් දෙනා අහල තියෙන ඒත් වැඩියෙ නොදන්න දෙයක් කියල දෙන්න ...
ඒ පාර මේ යකා මොන හරුපයක් ගැන කියනවද  කියල නේද කල්පනා කරන්නෙ .. මෙකයි ප්‍රස්නෙ...
මම ඔයගෙන් අහුවොත් .. KERNEL එකක් කියන්නෙ මොක්ද්ද කියල ???
කී දෙනෙක්ට පුළුවන්ද මට ඒක ගැන කියන්න ..මම අද ඔබතුමාලට ඔබතුමීලට ඒ ගැන කෙටියෙන් සරලව පැහැදිලි කරන්නයි යන්නෙ ...
දන්න අයට දිගටම පල්ලේහාට යාගෙන යාගෙන යන්න පුලුවන්.:P

මෙතන ඉන්න කට්ටිය තමන්ගෙ ෆෝන් වලට හෝ ගාල ROM දානව ඇති .. දාල ඇති .. නිකමට ROM එක ZIP ෆයිල් එකක් හරි
TAR ෆයිල් එකක් හරි නම් double click කරල බලන්නකො .. ඔයාලට පෙනෙයි BOOT.IMG කියල එකක් බැබලි බැබලි .. :P
අන්න ඒක තමයි මේක ...:D ඉතින් දැන් ඔයාල මගෙන් අහයි මෙහෙම ..

----KERNEL එකකින් වෙන්නෙ මොකක්ද??---
කියල ..හරි.. තේරෙන සින්හලෙන් i will tell you..:P
kernel එක කියන්නෙ හරියට අපේ ගෙදර අම්ම වගේ ... අපි තත්තගෙන් අහන්න බය දේවල් අම්මට කිව්වම එයා ඒක තාත්තට කියල කරල දෙනව..හා නැද්ද? :P
අන්න ඒ වගේ .. APPLICATION එකක් ෆෝන් එකේ HARDWARE වලට බලපෑමක් කරන්න යනවනම් ..APPLICATION එක ඒක කියන්නෙ KERNEL එකට .. එයා තමයි ඇල් වතුරට
උල් පිහියෙන් ඇන්න වගේ වැඩේ කරල දෙන්නෙ ..:P
kernel එක නැත්තම් අපිට power button එක ඔබල ෆෝන් එක ඔන් කරගන්න බෑ .Brightness අඩු වැඩි කරන්න බෑ ..සද්දෙ අඩු වැඩි කරන්න බෑ ..ෆොටෝ  එකක් ගන්න බෑ ..
කොටින්ම ඔය හැම එකම කරන්න අපිට Permission දෙන්නෙ Kernel එක ...තව input output device එක්ක අපිට ගනුදෙනු කරන්න පුලුවන් මේ kernel එක නිසා තමයි..
නැත්තම් අපි headset එක connect කලාට OS එක දන්නෙ නෑ මේ මොන මගුලක්ද ගැහුවෙ කියල ..:D තව kernel එකක් boot වෙද්දි එයා තමයි තීරනේ කරන්නෙ system,modem,tz වගේ
partitions ෆෝන් එකේ කොතෙන්ට කොතෙන්ටද දාන්න ඕනෙ කියල .. ඔයාල ෆෝන් එක ඔන් කරද්දි වැටෙන splash screen එකේදි .. (samsung galaxy siii i9300..LG first logo)
එකේ වගේ ..kernel එක කරන්නෙ ඒ වැඩේ ..

---දැන් ඕක කිව්ව කියල අපිට ගානක්වත් නෑනෙ,අපේ ෆෝන් සෝයි එකට වැඩනෙ ---
කියලත් ඔයාල කියයි ... :P මේකනෙ ..ෆෝන් එක හදන ඈයො ඒක හදද්දි ඔයාලගෙ අතට එවන්නෙ ඒකෙ original processor speed එකෙන්ම නෙවෙයි..
පෝඩ්ඩක් විතර underclock ..ඒ කියන්නෙ .. නියමිත වේගයට වඩා අඩු වේගයකින් ප්‍රොසෙසරය පන ගැන්වෙන්න හදල.. ඇයි...බැට්රි ආයු කාලය වැඩි වෙන්න.. යම් තාක් දුරකට
ඒක බලපානව ..ඔයත් මම වගේ කෙනෙක් නම් .. ඔයාට් ඔනෙ වෙනව ෆෝන් එකෙන් උපරිම ඵල නෙලාගන්න.. ඒ කියන්නෙ දූ...වගෙන ගිහින් වත්ත පිටිපස්සෙ අඹ ගහට ෆෝන් එකෙන් ගහන්න කියල නෙවෙයි ..;)
ඵල නෙලාගන්නෙ මෙහෙමයි ..


---CUSTOM KERNEL---
මේ වගෙ වෙලාවට තමයි අපිට මේව වැදගත් වෙන්නෙ .. stock kernel එකින් කරන්න බැරි custom kernel එකකින් කරන්න පුලුවන් වැඩ ටිකක් මම කියන්නම් ...
මේක kernel එකින් එකට වෙනස් වෙනව ...

1.ෆෝන් එක OVERCLOCK කරන්න ..(ෆෝන් එකේ speed එක 1.7 quad core නම් අපිට support කරන kernel එකක් මගින් මේක 2.0ghz වගේ වෙනකල් වැඩි
කර ගත්තැකි .)
2.speaker volume යම් තාක් දුරකට වැඩි කරගත්තකි ..
3.GPU එක වැඩි කරගත්තැකි ..
4. බැට්‍රිය ඉතුරු කරගත්තැකි .. (ඕනෙ වෙලාවට overclock කරල backlight එක off වුනාම underclock වෙන්න හදනව .. simple plan එකක් )
5. double tap to wake.. set speed for each core වගේ kernel එක support නම් ..කරගත්තැකි ..
වැඩේ නරක නෑනේ නෙහ් ...


kernel එකක මේ වැඩ ටික control කරන්න අපිට app එකක් ඕනෙ .. ගොඩක් kernel අපි cwm එකෙන් flash කලාම ඒකත් එක්කම app එකක් එනව ..
ඒකෙන් අපිට මේ kernel එකෙන් කරන වැඩ ටික බලාගත්තැකි ..නැත්තම් playstore එකේ kernel control apps තියෙනව ..:)

--එතකොට ආවාසි?---
1. වැරදි kernel එකක් flash කලොත් ෆෝන් එක අර ඉස්සෙල්ල කිව්ව splash screen එකෙන් එහාට යන්නෙ නැති වෙයි.. මොකද system එක තියෙන්න් මොන partition
එකේද කියල එයා පැටලිලා හින්ද ..
2. brick වෙයි ..
3.bluetooth wifi speaker වගේ ඒව වැඩ කරන්නෙ නැතුව යයි ..

මේ ටික තමයි kernel එකක් ගැන සරලව කිව්වොත් ... තමන්ගෙ device එකට , android version එකට ගැලපෙන custom kernel එකක් හොයල දාගත්තොත්
සෑහෙන වැඩක් කරගන්න පුලුවන්..


මම යටින් custom kernels කීපයක් දාන්නම් .. කියවල බලල ..හොඳට තේරුම් අරන් හොඳනම් flash කරල බලන්න .. නොදන්න දේයක් නම් නොකර ඉන්න එක හොඳයි මොකද මම මේ kernel try කරල නෑ ..
ඒක තියෙන්නෙ ඔයාලගෙ අතේ ..
එහෙනම් අදට ටටා බායි චෙරියෝ විස්කෝතුයි..



S2-APOLO KERNEL -GTI9100-SHWM250-4.1.2 TO 5.X.X-http://forum.xda-developers.com/galaxy-s2/development-derivatives/kernel-t2291756

S3-ARTER97 KERNEL FOR I9300 M440 E210SKL KITKAT -http://forum.xda-developers.com/galaxy-s3/development/arter97-kernel-galaxy-s3-t2749849

S4-IMPERIUM KERNEL I9500 LOLLIPOP-http://forum.xda-developers.com/galaxy-s4/i9505-develop/kernel-imperium-ll-kernel-v1-0-t3058867

LG GPRO KERNEL 4.1.2 ONLY-http://forum.xda-developers.com/showthread.php?t=2363330

LG G PRO KERNEL AOSP LOLLIPOP-http://forum.xda-developers.com/optimus-g-pro/orig-development/kernel-wildkernel-build-1-featurlicous-t3069629

LG GPRO2 D838 F350SKL MLKERNEL LOLLIPOP-http://forum.xda-developers.com/lg-g-pro-2/development/kernel-mlkernel-v0-1-t3144412

තවත් පෝස්ට් එකකින් ඉක්මනින් හමුවෙමු ..

#DA

Share this

Related Posts

Previous
Next Post »