Showing posts with label apple. Show all posts
Showing posts with label apple. Show all posts

Apple ID එකක් Free හදාගමු

4:58 AM Add Comment


★  මුලින්ම Email address දෙකක් තියෙන්න ඕන. මොකද ID එකට දෙන්න එකයි Optional Rescue Email (ඔයාට බැරිවෙලාවත් Apple ID එකෙයි ඒකට දීපු Primary Email එකෙයි Password අමතක උනොත් මේක වැදගත් වෙනවා ආය Account එක Recover කරගන්න)
★  එහෙනං ඔයා භාවිත කරන OS එකට අනුව Google කරලා iTunes Software එක PC එකට දාගන්න.
★  දැං ඒ Install කරගත්ත iTunes Software එක Open කරගන්න.


Note :- කිසිම විදිහකින් Android OS එකේ අපි දනවා වගේ Account එක Create කරන්න යන්න එපා.. මම දැං කියලා දෙන්නම් පිලිවෙලට ඒක කරන විදිහ.


(1) iTunes Open කරගත්තම මෙන්න  මෙහෙම එයි.. එතකොට ඒකෙන් Apps කියන එක තෝරන්න.







(2) දැං එතනිං මෙන්න මේක.







(3) දැං මෙහෙම යටට යටට යනකොට Free Apps ටික හම්බවෙයි එතනිං ඔයා කැමති එකක් ගන්න..







(4) දැං ඒ Open කරගත්ත App එකේ මෙන්න මේක දෙන්න.







(5) දුන්නයින් පස්සෙ මෙහෙම එයි..ඒවා හරි ආකාරයට ඔයාගේ නිවැරදි තොරතුරු දාලා පුරවන්න.
මේකේ Password එක දානකොට වැදගත් වෙනවා Password එකේ Eng Capital අකුරක් සහ අංක ඇතුලත් කරන්න. මම එහෙම Password එකකට උදාහරණයක් දෙන්නම්.

Eg :- Tech12345

ඔය වගේ වෙන්න ඕන.







(6) දැං මෙතන Payment Methord එක NONE දෙන්න. මොකද් අපි Free හදන නිසා.







(7) දැං මෙතනිං ඔයාගේ ,  මුල හා අග නම දෙන්න / ඔයා ඉන්න පලාත / ඉන්න ගම , නගරය / එම පැත්තට අදාල Postal Code එක (මේක දන්නේ නැත්නම් Google කරන්න ඔයාගේ පැත්තේ නම ගහල අගට Postal Code කියලා එතකොට එයි මේ වගේ එකක්) / ඔයාගේ Mobile No. එක හෙමත් දීලා ඔක්කොම කරයින් පස්සෙ Create Apple ID දෙන්න එහෙම දීලා මතක එතුව අර ඔයා දීපු Email දෙකට LOG වෙලා මතක ඇතුව මේ ID එක Verify කරන්න එවෙලේම.පස්සට කල් නොදා..







එහෙනං වැඩේ හරි.. Free Apple ID එකක් හැදුවා එහෙනම්.  මොනවා හරි මේ සම්භන්දව ගැටළු තියෙනවනම් Comment කරන් යන්න. 


Thank You.


Author..,

Senal Evans

මොකද්ද මේ Apple iCloud කියන්නේ..?

11:40 PM 1 Comment



ඔන්න මම දැං කියන්න යන්නේ Apple සමාගම විසින් Apple devices වලට දෙන ලොකු සේවාවක් ගැන හැඳින්වීමක් කරන්නයි.
ඒ තමයි Apple iCloud ගැන. මේ ගැන හරියට නොදන්නා හෝ එහෙන් මෙහෙන් හොයන බලන අයට නම් ඉතින් iCloud කිව්ව ගමන් කෙලින්ම මතක් වෙන්නේ iCloud locked කියන එකනේ. හරි ඒකත් හරි.. ඒත් මම කියන්න කැමතියි iCloud කියන්නේ Lock එකක්ම නෙවෙයි. iCloud lock කියන්නේ මේ සේවාවේ එක දෙයක් විතරයි.
හරි මම දැං කියලා දෙන්නම් Apple iCloud services හැම එකක්ම සහ මේක ගැන හැඳින්වීමක්.

ඕගොල්ලන්ගේ Apple devices (iOS) වල නම් Settings -> iCloud ගියාම මෙන්න මෙහෙම එකක් දකිනව ඇතිනේ.










ඉතිං මෙන්න මේ iCloud කියන service එක මුලින්ම Apple ලා ආරම්භ කරේ 2011 - ඔක්තෝබර් - 12 දිනයේදී.
අපිට් මෙ iCloud කියන Service එක මෙන්න මේ විදිහට නම් කරන්න පුළුවන්.

✦   Internet එකේ දිස්වෙන වෙනම servers වලින් යම් කිසි මුදලක් ගෙවා හෝ නොමිලේ ගන්න දත්ත ගබඩාවක් (Cloud Storage , අපිට මේ iCloud දත්ත ගබඩාව හම්බවෙන්නෙ Apple ලාගේ servers වලින්)

මේකට තවත් උදාහරණයක් විදිහට :- Google Drive / Dropbox වගේ ගන්න පුලුවන්.

✦   Mobile / Tablets හා වෙනත් පරිගනක භාවිතයෙන් එකම තැනකින් සේවාවන් ලබාගන්න සංදිස්ථානයක් විදිහටත් හදුන්වන්න පුළුවන්.

ඒ වගේම මෙම සේවාව නිතරම ඔබගේ Apple device එක සමග සම්භන්ධවී නිතර නිතර ඔබ සක්‍රීය කර ඇති සේවාවන් වල සම්පූර්ණ Backup එකක් මේ Savers වලට Upload කරගන්නවා.. 

මෙම iCloud සේවාව iOS 5 සිට පසු සංස්කරණ වල හා OS X 10.7 හා පසු සංස්කරණ වලට සහය දක්වයි.

දැං අපි බලමූ මේ iCloud Service එකේ තියෙන Services ටිකක් හා ඒවගෙන් වෙන්නේ මොනවාද කියලා.



◆   Mail




iCloud Mail කියන්නේ අනිත් සාමාන්‍ය Email services වගේම Apple සමාගමෙනුත් අපට දෙන සේවවක්..  හැබැයි මේ සේවාව ලබාගන්න නම් අනිවාරෙන්ම ඔබට Apple Device එකකින් iCloud වෙත Log විය යුතුමයි.. එසේ ලොග් වීමට නම් ඔබට සාමාන්‍ය Apple ID එකක් තිබිය යුතුමයි.

උදා :- xxxxxxx@gmail.com / xxxxxxx@yahoo.com

වැනි.. එවිට ඔබට එම උපකරණයට ඇතුලත් කර ඇති Apple ID එක සම්පූර්ණ iCloud ID එකක් බවට පත්කරගත හැකියි..
උදා :- xxxxxx@iCloud.com


◆   Contacts




Contacts කියන්නේ අපි අපේ සාමාන්‍ය Contacts book එකට Add කරලා තියෙන අපේ අවශ්‍ය කරන අංක මෙම Savers වලට Upload වීමයි.. මෙය ඉතාමත් වටින සේවාවන් අතරින් එකකි. මංද ඔබගේ දුරකතනය හදිස්සියේ හෝ නැති උවහොත් හෝ විකුණා දැමීමට සිදු උවහොත් ඔබට ඔබගේ පරන දුරකතනයේ තිබූ අංක www.icloud.com වෙත පිවිස නැවත බලාගත හැකි අතර නැතහොත් ඔබ නැවත Apple Device එකක් ගත් කලෙක මෙය Restore කර හැක.


◆    Calender





මෙමගින්  සිදුවන්නෙ ඔබේ උපකරණය මගින් ඔබට වැදගත්වන හෝ අන් අයෙකුගේ වැදගත් දිනයක් නම් කල විට එය අනෙකුත් Apple devices භාවිත කරන අයටද දැනගැනීම පිණිස Share කිරීමට හැකිවීමයි..


◆    Reminders





Reminders යනු නැවත මතක් කිරීම ලෙස අප සැවොම දන්න කරුණකි.. ඔබ එදිනෙදා කරන වැඩපල ඒවා කරන්න තිබෙන වේලාවන් , දවස් , කෙරිමට යෙදී ඇති වැඩේ ගැන මෙහි සටහන් කොට එම දිනයට මේ උපකරණය මගින් නැවත එය මතක් කර දීම සිදුකරයි.


◆    Safari





සරලවම කිව්වහොත් Safari යනු Apple උපාංග වෙත පැමිනෙන Web Browser එකයි.  ඔබගේ උපකරනයේත් iCloud settings වල මෙම සේවාව සක්‍රීය කර තිබුනහොත් ඔබ Safari browser එකෙන් යන සෑම පිටුවකම Chache හා Cookies මේ වෙත Save වේ..


◆    Notes





Notes යනු ඔබ ඔබගේ උපකරණය මගින් ඔබට අවශ්‍ය කරන තොරතුරු ලියා හෝ වෙනත් තැන් මගින් අරන් Save කරගන්නා දත්ත නැවත කියවීමට / වෙනස් කිරීමට ඇති හැකියාවයි. නමුත් මෙම Save කරගන්න දත්ත iCloud වෙත Sync වීමට නම් අනිවාරෙන්ම xxxxxxxx@iCloud.com යන සම්පූර්ණ iCloud ID එකක් ඔබ සතු විය යුතුයි. එවිට උබ සෑම වෙලේම මෙම Note මත ලියන දත්ත iCloud වලට Upload වේ.


◆    Keychain





Keychain මගින් සිදුවන්නේ ඔබ ඔබගේ උපාංගය මගින් අන්තර්ජාලය හෝ අන්තර්ජාලය ආදාරයෙන් භාවිත කරන Apps වෙත ඔබ ඇතුලත් කරන රහස්‍ය කේත හා දත්ත Save කරගැනීමයි.. මෙම සේවාව නිසා හදිස්සියෙවත් ඔබ ඔබගේ iCloud ID එකෙන් වෙන ඔබගේ උපාංගයකට Log උවහොත් එහි ඔබ මෙතෙක් ඇතුලත් කරපු රහස්‍ය කේත හා දත්ත නැවත ඇතුලත් කිරීමට දෙයක් නැත..

උදා :- Facebook / Yahoo / Gmail

වැනි Apps වලට ඇතුලත් කරන දත්ත..


◆    Photos





මෙම සේවාම සක්‍රීය කර තිබුනහොත් ඔබ ඔබගේ උපාංගයට ඇතුලත් කරන Photos සහ Videos iCloud Savers වලට Backup වීම සිදුවේ. 


◆    Find My iPhone / iPad / iPod / iMac





මෙන්න මේක තමයි අපි හැමෝම දන්න iCloud lock එකට මුල් වෙන කාරනේ.. මේ සේවාව සක්‍රීය කරලා තිබ්බොත් අපිට පුළුවන් අපේ Apple Device එක අපිට Remote control හසුරවන්න.
අපි www.icloud.com වෙත ගිහින් අපේ ID දීලා Log උනාම අපිට පේනවා අපේ ID එකට iCloud log වෙලා තියෙන Devices list එක. අන්න ඒකක් Click කරාම අපිට් මෙන්න මෙහෙම Options 3ක් එනවා. මේ Options 3න ඔයාගේ Device එක සොරකම් කරපු කෙන හෝ නැති උන අවස්තාවක එය අහුලගත්ත කෙනා Internet data Traffic on කරපු සැනින් ක්‍රියාත්මක වෙනවා.

1. Play Sound :- මේකෙන් වෙනේ අපි ඒ තෝරගත්ත Device එක කොහේ තිබ්බත් එක දිගට නොනවත්වා ශබ්දයක් නිකුත් කිරීමයි. 

2. Lost Mode :- මෙන්න මේක තමයි ඔය කියන iCloud lock එක.. මේකෙන් වෙන්නේ අපගේ Devices කවුරු හරි හොරකම් කරහොත් හෝ නැති උවහොත් මෙම Lost Mode Option එක Click කරපු ගමන් ඔයාගේ iCloud ID එකෙන් ඒ Device එකට On screen massage හා Permenetly lock කරනවා. ආයි ඉතින් කොහොම කරත් ඔයා ඒ Device එක Registerd ID එකයි Password එකයි දුන්නොත් ඇරෙන්න ඔයාගේ Device එකට වෙන කාටවත් අතක් තියන්න බෑ.. Activation lock screen එකෙන් එහාට එන්නේ නෑ.. සමහරු නම් Bypass කරනවා මේ Activation screen එක. ඒ කොහොම කරත් ඔයාගේ පෞද්ගලික දත්ත වලට අත තියන්න බෑ.

3. Erase iPhone / iPad / iPod / iMac :- මේකෙන් වෙන්නේ ඔයාගේ Device එකේ තියෙන සියළුම දත්තයන් එක පාරින් මුළුමනින්ම මකා දමන්න. එතකොට Device එකේ තිබෙන ඔබගේ පෞද්ගලික දත්තයන් හා වෙනත් දත්ත පිලිබඳ කිසිදු බයක් නැත. සියල්ලම එක වර සම්පූර්නයෙන්ම මැකී යයි.


◆   Storage & Backup




Storage & Backup කියන්නේ ඔබගේ මේ සියළුම දත්තයන් එක වර iCloud වෙත Upload කිරීමයි. මේක ඉතාම අසීරු කාරනාවක්. මොකද ඉතිං මේකට වැයවෙන Internet data ප්‍රමානයත් වැඩී. අනික අපිට ඕනම iCloud account එකකට Free ලබාදෙන්නේ 5GB එතනින් එහාට මාසෙකට ගානක් ගෙවලා ගන්න පුලුවන් වෙනම Cloud storage plans තියෙනවා. ඒවා ගන්න අපිට කොහෙද වත්කම්. ඔයාට ඔයාගේ පරිඝණකයට මේ දත්ත Backup කරගන්න පුළුවන්නම් මේවා ඕන නෑ. Free දෙන 5GB ඇති එදිනෙදා හදිස්සියේ Upload කරන Backup වලට නම්.



◆    ◆    ◆    ඉතිං අවසානයේ කියන්න තියෙන්නෙ මේ iCloud කියන Service එක ගැන ගොඩක් අය දන්නවත් ඇති. මම මේ කාරනා ටික කිව්වේ Apple devices වලට අළුත් අයට හා මෙයින් යම් කිසි සේවාවක් පිළිබඳව පොඩි හරි නොදැනුවත් කමක් තිබ්බානම් මේ Post එකෙන් ඒක දුරු කරන්නයි.

එහෙනම් ආය ඔබ සියළුදෙනාට වැදගත් වෙන Post එකක් අරන් මම එන්නම්  ◆    ◆    ◆  


සුබ දවසක්.


Author..,

Senal Evans

ඇපල් iPhone වල පර්ෆෝමන්ස් ඇත්තටම අඩුද?

11:55 AM 1 Comment
Apple iPhone ගැන බොහෝ දෙනෙක් කියන කතාවක් මේක..
"
අපෝ...ෆෝන් එක කොලිටි උනාට පර්ෆෝමන්ස් නෑනෙ..දැන් බලපන්..iPhone 6 ආව..තියෙන්නෙ ඩුවල් කෝර් ප්‍රොසෙසරයක්නෙ..1gb රැම් එකක්නෙ..වැඩක් තියෙනවද.. අපේ S2 එකෙත් තියෙනවනෙ ඩුවල් කෝර් ප්‍රොසෙසරයයි 1gb රැම් එකයි.. මට iPhone වල පර්ෆෝමන්ස් මදි! ඒකනෙ මන් iPhone ගන්නෙ නැත්තෙ"
ඔය උඩ තියෙන කතන්දරේ සමහරු කියනවා ඔබත් අසා ඇති. සමහරවිට ඔබත් මෙහෙම කියපු..මෙහෙම හිතන් ඉන්න කෙනෙක් වෙන්ට ඇති. කියන්න කණගාටුයි..එහෙම හිතන් ඉන්නවනම් ඔබ 100%ක්ම වැරදී!
Apple සමාගමේ iPhone unix කර්නලයේ යටතේ වෙනස්ම os එකකින් බලය ලබන නිසා කිසිවකුට කෙලින්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් සහ iPhone එකක් compare කරන්න බැහැ.ඒනිසා විවිධ මත පැන නගිනව.ඔබ දන්නවාද iPhone හි ඇති A7 හා A8 යන චිප්සෙට් වල ඩුවල් කෝර් ප්‍රොසෙසරය ඔබේ Note 3 හි S5 හි.. M8 හි ඇති ක්වඩ් කෝර් Snapdragon ප්‍රොසෙසරයට වඩා බලවත් බව? 
නවතම iPhone 6s හි ඇපල් A9 ප්‍රොසෙසරයේ නිෂ්පාදන ක්‍රියාවලිය (16 nm) අතිශය කුඩා නිසා චිප්සෙට් එකෙහි උෂ්ණත්වය ඉතාමත් පහළ මට්ටමේ පවතින අතර පර්ෆෝමන්ස් ඉහලය!


ලැබී ඇති ආරංචි අනුව ඇපල් iPhone 7 හිද චිපයද ඇපල්
A9  වන අතර එහි නිෂ්පාදන ක්‍රියාවලිය 14nm දක්වා අඩු කෙරෙනු ඇති.


ඇපල් නවතම චිප්සෙට් එක arm v8 පාදක කොට ගනිමින් තැනූවක්.

arm කියන්නේ මොකද්ද කියලත් කියන්නම්කෝ..
arm
කියන්නේ arm holdings ආයතනය මගින් හදුන්වාදුන් ප්‍රොසෙසර ආකෘතියක්! දැනට ලෝකයේ සියලුම මොබයිල් උපාංග පණ ලබන ප්‍රොසෙසර උක්ත ආකෘතිය මත නිපදවූ ඒවායි.සැම්සුන් සමාහමේ exynos වේවා..ක්වල්කොම් සමාගමේ Snapdragon වේවා..ඇපල් සමාගමේ Cyclone A7/A8 වේවා..මේ හැම එකක්ම arm ආකෘතිය මත නිපදවූ ඒවායි.
arm
සමාගමේ නවතම ආකෘතිය වන්නෙ arm v8 යන්නයි.
Note 4 ඇතුලු සියලුම උපාංග වල ප්‍රොසෙසර arm v7 32bit මත පාදක වුවද ඇපල් 5S සිට නව උපාංග වල arm v8 64bit ගණයේ ප්‍රොසෙසර අන්තර්ගත වේ.මේ නිසා ඩුවල් කෝර් වුවද ප්‍රොසෙසින් වේග වෙනස arm v7 ට වඩා බොහෝ ඉදිරියෙනි. ඒ නිසා ප්‍රොසෙසරය වෙහෙසෙන්නේ නැත.
එසේම ඇපල් ෆෝන් වල රැම් එක 1gb ඇයි කියා ඔබ අසාවි.
Note 3
එකෙත් 3gb තියෙනවනෙ.හේතුව මේකයි.
unix
කර්නලය මත පාදක ios මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරල තියෙන්නෙ රැම් එක ඉතාම අඩුවෙන් භාවිතා වන ආකාරයටයි.
එසේම මිනිමයිස් වෙන ඇප්ස් එපිටින්ම මිනිමයිස් නොවේ. ඒ වෙනුවට ඇප් එක හයිබර්නේට් වේ. ඒ කියන්නේ ඇප් එකෙහි data මතකයේ රදවා නොගෙන ඇප් එක ඔබ විසින් pause කල තැන පමණක් මතකයේ තබා ගනිමින්ය.ඉතින් iPhone එකට පට්ට ගේම්ස් 2ක 3ක් දාගෙන ලොකු ඇප්ස් 5ක් 6ක් දැම්මත් රැම් එක තව තවත් ඉතිරි වේ.
මොබයිල් උපාංග සදහා ලොව හොදම gpu ලෙස සැලකෙන්නෙ ක්වල්කොම් සමාගමේ adreno සහ arm සමාගමේ PowerVR gpu එකයි. gpu (graphics processing unit) කියන්නෙත් vga එකටම තමා.

ඇපල් සමාගම ඔවුන්ගේ gpu එක ලෙස තෝරාගත්තේ powervr gpu එකයි. ඇපල් සමාගමේ gpu එක ක්වඩ් කෝර් ය. ඔවුන්ගෙ cpu එක ඩුවල් කෝර් වුවද gpu එක ක්වඩ් කෝර්ය. ඇපල්ට වඩා ප්ර්ෆෝමන්ස් ඇතැයි කියන අපගේ ෆෝන් වල gpu එක සිංගල් කෝර් බව ඔබ දන්නවාද?ඉතින් iPhone හි ගේම්ස් සහ සජීවීකරණ කටයුතු සදහා පර්ෆෝමන්ස් උපරිමය.
ඒවගේම තමා කැමරාව. කැමරාව iPhone 6 එකේ 8mp.
s6
එකේ 16mp.හපොයි ඇපල් කියල ඔබ කියාවි. නෑ.. mega pixel වලින් කැම් එකේ කොලිටිය බලන්න බෑ..මන් කියන්න යන්නෙ නෑ.. ඔබම බලන්න gsm arena එකේ.. iPhone 6 හි කැමරා aparture size sensor sizes එහෙම කොම්පෙයාර් කරලා!

iPhone 6s හි මැක්‍රෝ ෆොටෝග්‍රෆි සදහාම එහි 12mp කැම් එක තුළ අඩංගු ලෙන්ස් ගණන 5කි!



ඇපල් අපිට හරියන්නෙ නෑ කියල බොහෝ දෙනෙක් පෙන්වා දෙන්නේ os එකෙහි නිදහස මදි කියලයි. ඒක නම් ඇත්ත!
නමුත් කවදත් පරිශීලකයාගේ ආරක්ෂාව ගැන හිතපු ඇපල් සමාගමටයි,ඔවුන්ගේ closed source os එකටයි වරදක් කියන්ට බැහැ ෆෝන් එකෙහි නිදහස ගැන!


iPhone කියන්නේ වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම smartphone එකක්! පරිශීලකයාට ඩෙස්ක්ටොප් ගුණාංග රැසක් එයින් අපේක්ෂා කරන්ට බැහැ!


written and published : Thisara Sonal