Moto 360 හි දෙවැන්නා Moto 360 2’nd Generation

7:55 AM Add Comment
Motorola වෙතින් මෙම වසරේදී හදුන්වා දෙන Moto 360 smart ඔරලෝසුවේ දෙවන පරම්පරාව වන Moto 360 2’nd genaration මෙම මස (සැප්තැම්බර්) 2 වනදා සිට විකිණීමට ආරම්බ කර ඇත. පසුගිය අවුරුද්දේ Smart ඔරලෝසු අතර පළමු ස්ථානය දිනාගත් Moto 360 පළමු ඔරලෝසුව මෙන් මෙම ඔරලෝසුවත් මෙවර පළමු ස්ථානය දිනාගනී යන්න විචාරකයන්ගේ අදහසයි .


Moto 360 2’nd gen කාණ්ඩ තුනක් යටතේ පැමිණෙන අතර ඒවා 42mm වර්ගය පිරිමින්ටද 46mm වර්ගය පිරිමින්ට සහ ගැහැණු අයට සහ Sport වර්ගයකින් පැමිණේ . මෙහි පිරිමි වර්ගයට 22mm ප්‍රමාණයේ band එකකින් සහ ගැහැණු අයට 16mm ප්‍රමාණයේ band එකකින් පැමිණේ.


මෙම Moto 360 ඔරලෝසුව ලෝහ සහ ලෙදර් යන වර්ග දෙකෙන්ම මිලදීගත හැකි අතර මෙහි වර්ණ ගත් කල රත්‍රන් , රිදී වලින් ලෝහ වර්ගය පැමිණෙන අතර ලෙදර් වර්ගයේ වර්ණ රැසක් පැමිණේ. Motorola විසින් සපයන Moto Maker option ක්‍රමය Moto 360 වලට ප්‍රථම වතාවට ලබාදී ඇත .


මෙම 42mm හා 46mm වර්ග දෙකේම 1.37 හා 1.56 අරයන් වලින් LCD තිර ප්‍රමාණ වලින් පැමිණේ. මෙහි  විහේදන බලය (Resolution) 360 x 360 ප්‍රමාණයක් වේ. Motorola සමාගම මෙම ඔරලෝසුවේ තිරය සම්බන්දව වැඩි අවදානයක් යොමුකර ඇති බව පෙනේ . මෙම වර්ෂයේ (2015) දැනට පැමිණ තිබෙන smart ඔරලෝසු වලට වඩා ඉහල     (display to body ratio)  අගය 71.7% ඉහල අගයක් ගනී.


 Moto 360 2’nd gen හි GPU අගය Adreno 305කින්ද Ram මතකය 512MB අගයකින් හා 4GB අබ්‍යන්තර මතක ධාරිතාවයකින් පැමිණේ. මෙයට Bluetooth ,wi-fi සහ GPS තාක්ෂණ අන්තර්ගත කොට තිබේ.
මෙහි battery ධාරිතාව 400mAh සහ 300mAh අගයන් දෙකකින් පැමිණේ. Moto 360 2’nd  හි මිල ගණන් ඇමරිකන් ඩොලර් ($)299.99 ත් ($)429.99 පමණ වන බව සදහන් වේ.       




Moto 360 Sport



 Moto 360 Men & Women





Motorola Pure android දුරකතනය වන Motorola Moto X Style හි පුනරාගමනය

5:48 PM Add Comment
Motorola කිව්වොත් අද ගොඩක් කට්ටිය දන්නේ නැති Brand එකක් බවට පත්වෙලා තියෙනවා . ලංකාවේ Motorola ගැන ගොඩක් ප්‍රසිද්ධ නොවුනත් අදටත් Motorola Phone පාවිච්චි කරන අය, Motorola වලට ආදරය කරන අය ලංකාවේ තාම ඉන්නවා . Motorola සහ Google සම්බන්ධ  වී 2014 අවුරුද්දේ Nexus 6 ස්මාර්ට් දුරකථනය හදුන්වා දුන් අතර එය බෙහෙවින් ජනප්‍රිය වුයේය.



මේ අවුරුද්දෙත් Motorola විසින් ස්මාර්ට් දුරකථන තුනක් එළිදැක්වූ අතර,  ඒ අතරින් Motorola Moto X Style ප්‍රදාන ස්ථානයක් ගනී . එහෙයින් අද මම Moto X  Style පිළිබද ඉදිරිපත් කිරීමට අදහස් විය .


Moto X Style යනු Android 5.1.1 මෙහෙයුම් පද්ධතියෙන් ධාවනය වන සහ Motorola වලට ආවේනික Moto Voice , Moto Assist , Moto Display සහ  Moto Action යන ප්‍රදාන apps වලින් මෙම දුරකථනය සමන්විත වේ .

මෙහි Camera පිළිබදව ගත් විට , පිටුපස Cameraව 21.0 f/2.0 මෙගා pixel අගයෙනුත් සහ දිත්ව Flasher ( Dual CCT flash ) සමග පැමිණෙන අතර Video පටිගත කිරීමේදී 4k උසස් තත්වයකින් පටිගත කිරීමේ හැකියාවක් දක්නට ලැබේ , මෙහි ඉදිරිපස Camera ව 5.0 මෙගා pixel අගයකින් මෙන්ම 87” wide-angle කාච ප්‍රමාණයකින් යුක්ත වේ. මෙහි ඉදිරිපස Flasher යක්ද අඩංගු වේ .

Moto X Style හි බැටරි ධාරිතාවය 3,000 mAh වන අතර  මෙයට Moto turbo Charger උපාංගය නොමිලේ ලබාදෙයි . මෙහි Ram මතකය 3GB වන අතර Memory ධාරිතාව 16/32/64 GB යනුවෙන් ආකාර තුනකින් පැමිණෙන අතර මෙහි බාහිර මතකය 128 GB දක්වා ඉහල දැමිය හැකිය 


 x Style හි තිර ප්‍රමාණය ( Display Size ) අගල් 5.7” පමණ වන අතර  මෙහි  Qualcomm Snapdragon 808 1.8 GHz hexa-core processor යකින් සමන්විත වේ . එමෙන්ම මෙය 4G තාක්ෂණයේ ඉහලම අවස්ථාව වන Universal LTE banding තාක්ෂණය බාවිතා වේ .

මෙහි තනි Nano සිම්පතක් අඩංගු කල හැකි අතර , ද්‍රව ප්‍රතිරෝදී ( Water repellent ) තාක්ෂනය අන්තර්ගතකොට තිබේ ..







මෙහි විශේයෙන් දක්නට ලැබෙන ලක්ෂණය වන්නේ Motorola official වෙබ්අඩවිය මගින් ලබාදෙන Moto Maker option ක්‍රමයයි . මෙහිදී ඔබගේ Motorola දුරකථනය ට ඔබට අවශ්‍ය වර්ණ වලින් දුරකථනය තෝරා දුරකතනයේ මිල සැසදීමටද අවස්ථාව හිමිවේ  




එය ඔබේම කරගන්න 






Inside & Out

හැකියාවට රැකියාවක් - පොඩියට හම්බකරන්න කියාපු තැන

10:33 PM 2 Comments

ඔන්න එහෙනම් E-money post series එකේ දෙවැන්නත් අරන් ආවා..





අපි මුල ඉඳන් යමු. කලින් post එකේ පළවෙනි site එක හැටියට දාල තිබ්බේ Microworkers එක.

www.microworkers.com

01. Site එකට යන්න. ගිහින් 'Register for free' button එක click කරන්න. 


02. ඊළඟට එන application එක fill කරන්න. Optional කියලා තියන ඒවා දෙන්න අවශ්‍යම නෑ. කැමතිනම් විතරක් දෙන්න පුළුවන්. ඔයාට අදාළ Postal Code (Zip Code) එක මෙතනින් හොයාගන්න.



03. ඊටපස්සේ Email එකට එන mail එකෙන් account එක activate කරගන්න. 





04. දැන් අපි බලමු site එක ගැන.


           01. Jobs - අපිට කරන්න පුළුවන් වැඩ.

           02. HG Jobs - අපිට කරන්න කියලා invite කරලා තියන වැඩ. ( අපි හොඳ success rate එකක් පවත්වාගෙන යනකොට employersලා invite කරනවා එයාලගේ වැඩ කරලා දෙන්න කියලා

           03. Tasked I Finished - අපි කරපු වැඩ ගැන විස්තර තියෙන්නේ මෙතන. කීයක් කළාද, එතනින් කීයක් rate කරලද, කීයකට සල්ලි හම්බෙලාද, කීයක් reject වෙලාද කියන විස්තර...

           04. My Campaigns - අපි job එකක් දානවනම් දාන්න ඕනි මෙතනින්, දැම්මොත් ඒක ගැන සඳහන් වෙන්නේ මෙතන.

           05. Deposit - අපි job එකක් දානවනම් ගෙවන්න ඕනිනේ. සල්ලි අපේ account එකට deposit කරන්න පුළුවන් මෙතනින්.

           06. Withdraw - අපි job කරලා හම්බුනු සල්ලි ගන්නේ මෙතනින්. අවමය $9ක් තියෙන්න ඕනි ගන්න නම්. Paypal, Skrill (Moneybookers) හරහා සල්ලි ගන්න පුළුවන්.

           07. Account - ඔයාගේ account එක ගැන සම්පුර්ණ විස්තරයක් මෙතන තියනවා. Address, username වගේ...



05. දැන් බලමු අපි jobs ගැන.






         01. Job Name - Job එකේ title එක. මම අරන් තියන උදාහරණේ නම TrafficSwarm3d :Sign up + Screenshot. ඒ කියන්නේ ඒ site එකේ sign up වෙලා screenshot එකක් යවන්න ඕනි කියන එක.

         02. Payment - Worker කෙනෙක්ට කීයක් ගෙවනවද. අරන් තියන උදාහරණෙ නම් $0.11, ඒ කියන්නේ Rs. 14ක් වගේ මේ දවස්වල. (Ad එකක් click කරලා $0.001ක් ගන්නවට වැඩිය sign up වෙලා $0.11ක් ගන්න එක වාසි නැද්ද?)

         03. / 06.  Success %  / Done - දැනට job එකෙන් කොච්චර complete වෙලාද කියන එක.

         04. TTR - 'Time To Rate' කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. අපි job එක කරලා employer දවස් කීයකින් ඒක rate කරනවද කියන එක. උදාහරණෙට තියන job එකේ නම් දවසක් ඇතුලත employer බලල සල්ලි ගෙවනවා.

         05. TTF - මේකෙන් අදහස් වෙන්නේ 'Time To Finish' කියන එක. සාමාන්‍යයෙන් job එක කරන්න අපිට කොච්චර වෙලාවක් යයිද කියන එක. තෝරාගෙන තියෙන job එකේනම් employer කියන්නේ උපරිම විනාඩි 6ක් යයි කියලා.  



06. දැන් බලමු job එකක් තෝරාගෙන කරන විදිය. හරිම සරලයි. ඔයා පුළුවන් කියලා හිතෙන job එකක් click කරලා ඇතුලට යන්න. ගියහම මේ වගේ window එකක් එයි.


   description එකේ හැටියට මේකට $0.10ක් හම්බෙනවා. මිනිත්තු 3ක් වගේ තමයි යන්නේ වැඩේට. Employer අපේ වැඩ හරිද නැද්ද බලන්නේ දවස් 7ක් ඇතුලත. ඕනෑම country එකක කෙනෙක්ට කරන්න පුලුවන්.

  • What is expected from Workers? ඕක යටතේ තියන ඒවා හරියටම කියවන්න. තමන්ට පුළුවන්ද බලන්න. මේකේ නම් තියෙන්නේ FB Page එකකට like කරන්න. 

  • Required proof that task was finished? ඔය ඉල්ලන්නේ අපි job එක කරාට පස්සේ අපි හරියට කරාද බලන්න ඔප්පු කිරීමක්. මෙතන බොහෝදුරට ඉල්ලන්නේ username එක, sign up job එකක්නම් confirmation email එක, account එක activate උනාට පස්සේ යන මුල්ම link එක.Account එකට log උනාට පස්සේ screenshot එකක්..ඔන්න ඔය වගේ.
දැන් ඔයා job එක 'I accept this job' කියන එක click කරලා වැඩේ ඉවර වෙලා ඉල්ලන දේ දෙන්න. දීලා 'I confirm that I have completed this task' කියන එක click කරලා submit කරන්න.





Submit කරාට පස්සේ මේ වගේ message එකක් එයි.






07. ඔයා කරපු jobs ගැන බලමු. 







              ඔතන අළු පාට ලකුණ තියෙන්නේ තාම rate නොකරපු jobs. කොළ පාටට තියෙන්නේ rate කරලා සල්ලි ලැබුණු jobs. රතු පාටට තියෙන්නේ අපි වැරදියට කරපු jobs.


08. Success Rate එක හා Temporary Success Rate එක.




  • Success Rate එක කියන්නේ අපි කරපු jobs ගානත් ඒවායින් අපිට positive review ලැබුණු jobs ගානත් අතර අනුපාතය. Employer satisfy උනේ නැත්නම් අපිට හම්බෙන්නේ Not-Satisfied කියන review එක. වැඩ හරියටම කරන්න බලන්න. හොඳට කියවලා කරන්න. කලබලය නිසා තමයි මේකේ වැඩ වරද්දගන්නේ. (මමත් එහෙම තමයි ඔය 4ක් වරද්දගෙන තියෙන්නේ. :P ) මේක 75% ට වඩා වැඩියෙන් තියෙන්න ඕනි jobs කරන්න නම්..

  •  Temporary Success Rate කියන්නේ අපිට දවසට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය කිව්වොත් නිවැරදියි. මේක අපි වැඩ කරද්දී temporary එක පහල යනවා. ආයේ අපි කරලා තියන jobs rate කලහම ඒක වැඩි වෙනවා. 



ඉතින් ජය වේවා! පටන් අරගෙන කරගෙන යන්න. ප්‍රශ්න තියනවනම් අහන්න. internet bill එක cover කරගන්න පුළුවන් වෙයි හොඳට කරොත්...

ඔයාට තේරෙනවනේ මේකේ ගොඩක් තියෙන්නේ sign up, forum posts, email submit, fb shares/likes වගේ ඒවා.. ඉතින් email accounts ගොඩක්, Facebook accounts ගොඩක් තියාගත්තා කියලා පාඩුවක් එහෙම වෙන් නෑ හොඳේ! ;)               



Open World ගේම් වලට ආස අයට ටිකක් පරණ ගේම් එකක්

9:28 AM Add Comment
මේ Game එක මුලින්ම 2011 මැයි 17 වෙනිදා Play Station 3 සහ X box 360 සඳහා රිලීස් කරලා තියෙන්නේ.. පසුව 2011 නොවැම්බර් 8 වෙනිදා PC වලට out වෙලා තියෙනවා..
මේ Game එක play ක‍රන්න තියෙන්නෙ 1947 ලොස් ඇන්ජලීස් වල...අපිට ලැබෙන charachter එක ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ officer කෙනෙක්..
අපිට කෙස් handle කරන්න තමයි තියෙන්නෙ ඒ කිව්වේ අපරාද ගැන හොයන්න.. සාක්ෂි හොයන්න.. ඒ අතරතුරේ අපිට එන බාදක මැඩගෙන game එක play කරන්න තමයි තියෙන්නෙ...
ඒ වගේම මේ game එකේ graphics ගැන කතා කරොත් හොඳ graphics mode එකක් තියෙනවා...
මේකේ system requirements පහතින් තියෙනවා..ඔයාලත් ගහල බලන්නකෝ හොඳද කියල අනිවා හොඳ වෙන්න ඕනි මොකද මේකත් rockstarලගේ game එකක්...
CPU Speed: Intel Dual Core 2.2 GHz /
AMD Dual Core 2.4 GHz
RAM : 2 GB
OS: Windows 7 / Windows Vista Service Pack 1 /
Windows XP Service Pack 3
Video Card: NVIDIA GeForce 8600 GT 512 MB /
ATI Radeon HD 3000 512 MB
Sound Card: Yes
Free Disk Space: 16 GB

මොකද්ද මේ Apple iCloud කියන්නේ..?

11:40 PM 1 Comment



ඔන්න මම දැං කියන්න යන්නේ Apple සමාගම විසින් Apple devices වලට දෙන ලොකු සේවාවක් ගැන හැඳින්වීමක් කරන්නයි.
ඒ තමයි Apple iCloud ගැන. මේ ගැන හරියට නොදන්නා හෝ එහෙන් මෙහෙන් හොයන බලන අයට නම් ඉතින් iCloud කිව්ව ගමන් කෙලින්ම මතක් වෙන්නේ iCloud locked කියන එකනේ. හරි ඒකත් හරි.. ඒත් මම කියන්න කැමතියි iCloud කියන්නේ Lock එකක්ම නෙවෙයි. iCloud lock කියන්නේ මේ සේවාවේ එක දෙයක් විතරයි.
හරි මම දැං කියලා දෙන්නම් Apple iCloud services හැම එකක්ම සහ මේක ගැන හැඳින්වීමක්.

ඕගොල්ලන්ගේ Apple devices (iOS) වල නම් Settings -> iCloud ගියාම මෙන්න මෙහෙම එකක් දකිනව ඇතිනේ.










ඉතිං මෙන්න මේ iCloud කියන service එක මුලින්ම Apple ලා ආරම්භ කරේ 2011 - ඔක්තෝබර් - 12 දිනයේදී.
අපිට් මෙ iCloud කියන Service එක මෙන්න මේ විදිහට නම් කරන්න පුළුවන්.

✦   Internet එකේ දිස්වෙන වෙනම servers වලින් යම් කිසි මුදලක් ගෙවා හෝ නොමිලේ ගන්න දත්ත ගබඩාවක් (Cloud Storage , අපිට මේ iCloud දත්ත ගබඩාව හම්බවෙන්නෙ Apple ලාගේ servers වලින්)

මේකට තවත් උදාහරණයක් විදිහට :- Google Drive / Dropbox වගේ ගන්න පුලුවන්.

✦   Mobile / Tablets හා වෙනත් පරිගනක භාවිතයෙන් එකම තැනකින් සේවාවන් ලබාගන්න සංදිස්ථානයක් විදිහටත් හදුන්වන්න පුළුවන්.

ඒ වගේම මෙම සේවාව නිතරම ඔබගේ Apple device එක සමග සම්භන්ධවී නිතර නිතර ඔබ සක්‍රීය කර ඇති සේවාවන් වල සම්පූර්ණ Backup එකක් මේ Savers වලට Upload කරගන්නවා.. 

මෙම iCloud සේවාව iOS 5 සිට පසු සංස්කරණ වල හා OS X 10.7 හා පසු සංස්කරණ වලට සහය දක්වයි.

දැං අපි බලමූ මේ iCloud Service එකේ තියෙන Services ටිකක් හා ඒවගෙන් වෙන්නේ මොනවාද කියලා.



◆   Mail




iCloud Mail කියන්නේ අනිත් සාමාන්‍ය Email services වගේම Apple සමාගමෙනුත් අපට දෙන සේවවක්..  හැබැයි මේ සේවාව ලබාගන්න නම් අනිවාරෙන්ම ඔබට Apple Device එකකින් iCloud වෙත Log විය යුතුමයි.. එසේ ලොග් වීමට නම් ඔබට සාමාන්‍ය Apple ID එකක් තිබිය යුතුමයි.

උදා :- xxxxxxx@gmail.com / xxxxxxx@yahoo.com

වැනි.. එවිට ඔබට එම උපකරණයට ඇතුලත් කර ඇති Apple ID එක සම්පූර්ණ iCloud ID එකක් බවට පත්කරගත හැකියි..
උදා :- xxxxxx@iCloud.com


◆   Contacts




Contacts කියන්නේ අපි අපේ සාමාන්‍ය Contacts book එකට Add කරලා තියෙන අපේ අවශ්‍ය කරන අංක මෙම Savers වලට Upload වීමයි.. මෙය ඉතාමත් වටින සේවාවන් අතරින් එකකි. මංද ඔබගේ දුරකතනය හදිස්සියේ හෝ නැති උවහොත් හෝ විකුණා දැමීමට සිදු උවහොත් ඔබට ඔබගේ පරන දුරකතනයේ තිබූ අංක www.icloud.com වෙත පිවිස නැවත බලාගත හැකි අතර නැතහොත් ඔබ නැවත Apple Device එකක් ගත් කලෙක මෙය Restore කර හැක.


◆    Calender





මෙමගින්  සිදුවන්නෙ ඔබේ උපකරණය මගින් ඔබට වැදගත්වන හෝ අන් අයෙකුගේ වැදගත් දිනයක් නම් කල විට එය අනෙකුත් Apple devices භාවිත කරන අයටද දැනගැනීම පිණිස Share කිරීමට හැකිවීමයි..


◆    Reminders





Reminders යනු නැවත මතක් කිරීම ලෙස අප සැවොම දන්න කරුණකි.. ඔබ එදිනෙදා කරන වැඩපල ඒවා කරන්න තිබෙන වේලාවන් , දවස් , කෙරිමට යෙදී ඇති වැඩේ ගැන මෙහි සටහන් කොට එම දිනයට මේ උපකරණය මගින් නැවත එය මතක් කර දීම සිදුකරයි.


◆    Safari





සරලවම කිව්වහොත් Safari යනු Apple උපාංග වෙත පැමිනෙන Web Browser එකයි.  ඔබගේ උපකරනයේත් iCloud settings වල මෙම සේවාව සක්‍රීය කර තිබුනහොත් ඔබ Safari browser එකෙන් යන සෑම පිටුවකම Chache හා Cookies මේ වෙත Save වේ..


◆    Notes





Notes යනු ඔබ ඔබගේ උපකරණය මගින් ඔබට අවශ්‍ය කරන තොරතුරු ලියා හෝ වෙනත් තැන් මගින් අරන් Save කරගන්නා දත්ත නැවත කියවීමට / වෙනස් කිරීමට ඇති හැකියාවයි. නමුත් මෙම Save කරගන්න දත්ත iCloud වෙත Sync වීමට නම් අනිවාරෙන්ම xxxxxxxx@iCloud.com යන සම්පූර්ණ iCloud ID එකක් ඔබ සතු විය යුතුයි. එවිට උබ සෑම වෙලේම මෙම Note මත ලියන දත්ත iCloud වලට Upload වේ.


◆    Keychain





Keychain මගින් සිදුවන්නේ ඔබ ඔබගේ උපාංගය මගින් අන්තර්ජාලය හෝ අන්තර්ජාලය ආදාරයෙන් භාවිත කරන Apps වෙත ඔබ ඇතුලත් කරන රහස්‍ය කේත හා දත්ත Save කරගැනීමයි.. මෙම සේවාව නිසා හදිස්සියෙවත් ඔබ ඔබගේ iCloud ID එකෙන් වෙන ඔබගේ උපාංගයකට Log උවහොත් එහි ඔබ මෙතෙක් ඇතුලත් කරපු රහස්‍ය කේත හා දත්ත නැවත ඇතුලත් කිරීමට දෙයක් නැත..

උදා :- Facebook / Yahoo / Gmail

වැනි Apps වලට ඇතුලත් කරන දත්ත..


◆    Photos





මෙම සේවාම සක්‍රීය කර තිබුනහොත් ඔබ ඔබගේ උපාංගයට ඇතුලත් කරන Photos සහ Videos iCloud Savers වලට Backup වීම සිදුවේ. 


◆    Find My iPhone / iPad / iPod / iMac





මෙන්න මේක තමයි අපි හැමෝම දන්න iCloud lock එකට මුල් වෙන කාරනේ.. මේ සේවාව සක්‍රීය කරලා තිබ්බොත් අපිට පුළුවන් අපේ Apple Device එක අපිට Remote control හසුරවන්න.
අපි www.icloud.com වෙත ගිහින් අපේ ID දීලා Log උනාම අපිට පේනවා අපේ ID එකට iCloud log වෙලා තියෙන Devices list එක. අන්න ඒකක් Click කරාම අපිට් මෙන්න මෙහෙම Options 3ක් එනවා. මේ Options 3න ඔයාගේ Device එක සොරකම් කරපු කෙන හෝ නැති උන අවස්තාවක එය අහුලගත්ත කෙනා Internet data Traffic on කරපු සැනින් ක්‍රියාත්මක වෙනවා.

1. Play Sound :- මේකෙන් වෙනේ අපි ඒ තෝරගත්ත Device එක කොහේ තිබ්බත් එක දිගට නොනවත්වා ශබ්දයක් නිකුත් කිරීමයි. 

2. Lost Mode :- මෙන්න මේක තමයි ඔය කියන iCloud lock එක.. මේකෙන් වෙන්නේ අපගේ Devices කවුරු හරි හොරකම් කරහොත් හෝ නැති උවහොත් මෙම Lost Mode Option එක Click කරපු ගමන් ඔයාගේ iCloud ID එකෙන් ඒ Device එකට On screen massage හා Permenetly lock කරනවා. ආයි ඉතින් කොහොම කරත් ඔයා ඒ Device එක Registerd ID එකයි Password එකයි දුන්නොත් ඇරෙන්න ඔයාගේ Device එකට වෙන කාටවත් අතක් තියන්න බෑ.. Activation lock screen එකෙන් එහාට එන්නේ නෑ.. සමහරු නම් Bypass කරනවා මේ Activation screen එක. ඒ කොහොම කරත් ඔයාගේ පෞද්ගලික දත්ත වලට අත තියන්න බෑ.

3. Erase iPhone / iPad / iPod / iMac :- මේකෙන් වෙන්නේ ඔයාගේ Device එකේ තියෙන සියළුම දත්තයන් එක පාරින් මුළුමනින්ම මකා දමන්න. එතකොට Device එකේ තිබෙන ඔබගේ පෞද්ගලික දත්තයන් හා වෙනත් දත්ත පිලිබඳ කිසිදු බයක් නැත. සියල්ලම එක වර සම්පූර්නයෙන්ම මැකී යයි.


◆   Storage & Backup




Storage & Backup කියන්නේ ඔබගේ මේ සියළුම දත්තයන් එක වර iCloud වෙත Upload කිරීමයි. මේක ඉතාම අසීරු කාරනාවක්. මොකද ඉතිං මේකට වැයවෙන Internet data ප්‍රමානයත් වැඩී. අනික අපිට ඕනම iCloud account එකකට Free ලබාදෙන්නේ 5GB එතනින් එහාට මාසෙකට ගානක් ගෙවලා ගන්න පුලුවන් වෙනම Cloud storage plans තියෙනවා. ඒවා ගන්න අපිට කොහෙද වත්කම්. ඔයාට ඔයාගේ පරිඝණකයට මේ දත්ත Backup කරගන්න පුළුවන්නම් මේවා ඕන නෑ. Free දෙන 5GB ඇති එදිනෙදා හදිස්සියේ Upload කරන Backup වලට නම්.



◆    ◆    ◆    ඉතිං අවසානයේ කියන්න තියෙන්නෙ මේ iCloud කියන Service එක ගැන ගොඩක් අය දන්නවත් ඇති. මම මේ කාරනා ටික කිව්වේ Apple devices වලට අළුත් අයට හා මෙයින් යම් කිසි සේවාවක් පිළිබඳව පොඩි හරි නොදැනුවත් කමක් තිබ්බානම් මේ Post එකෙන් ඒක දුරු කරන්නයි.

එහෙනම් ආය ඔබ සියළුදෙනාට වැදගත් වෙන Post එකක් අරන් මම එන්නම්  ◆    ◆    ◆  


සුබ දවසක්.


Author..,

Senal Evans

මොකද්ද මේ අලුත් පරිගනක වල SSD කියන්නේ ?

10:39 AM Add Comment
මොකද්ද මේ අලුත් පරිගනක වල SSD කියන්නේ ?



ඇත්තට්ම මම මේ වෙනකන් බ්ලොග් එකට දැම්මේ ෆෝන් ගැන දේවල් විතරයි.ඉතින් අද පොඩ්ඩක් වෙනස්ක් පැත්තකට යන්න හිතුනා,අද මම කතා කරනේ SSD එහෙමත් නැත්නම් Solid Stae Drive ගැනයි

ඇත්තටම මොකද්ද මේ SSD  කියන්නේ ? මෙන්න මෙහෙමයි වැඩේ,සමහර විට මේක කියවන ඔයා මේ ගැන දන්නවත් ඇති.ඒත් නොදන්න අයත් ඉන්නවා ඉතින් ඒ අයටයි මේ

ඔයාලා ඔනේම කෙනෙක් දන්න්වනේ පරිගනකය තුල ස්තීර මතකය ඒ කියන්නේ Hard Disk එක ඒහමත් නැත්නම් මොලේ කියමුකෝ.මේකට තමයි අපි පරිගනකය තුලට ඇතුලත් කරන සියලුම දේවල් (ඒ කියන්නේ සිංදු,ෆිල්ම්,ෆොටෝස්,වින්ඩොව්ස් ඇප්ලිකේශන්) ස්තිරව මතක තියාගන්නේ මේ හාර්ඩ් ඩිස්ක් එක තමයි..මේ වෙනකොට 1TB 2TB වගේ ලොකු පරිමානයිකින් යුක්ත කාරයක්ශම තාවයෙන් වැඩි හාර්ඩ් ඩිස්ක් වෙලදපොලේ තියෙනවා.

ඒත් මම කියිවොත් ඒටත් වඩා කර්‍යක්ශමතාවෙන් වැඩි,කල්පැවැත්මෙන් වැඩි හාර්ඩ් ඩිස්ක් නොවෙන වෙනත් එකක් තියෙනවා කියල? "ඈ මොකද්ද බං ඒ ?" ඔව් ඔයාල අනිවර්යෙන්ම ඕක නිකන්ම අහනවා.
ඔව් එහෙම එව්වා තියෙනවා එව්වට තමයි SSD කියන්නේ

දැන් බලමු SSD කියන්නේ මොකද්ද?

 දැන් අලුත් පරමපරාවේ පරිගනක උපාංගත් එක්ක ඔය  හාර්ඩ් ඩිස්ක් කියන්නේ යල් පැනපු බඩුවක් :D ඉතින් ඔය හාර්ඩ් ඩිස්ක් කියන එව්ව වෙනුවට දැන් අලුතෙන්ම එන්නේ SSD මේවාගේ තියේන විශේශත්වේ තමයි හාර්ඩ් ඩිස්ක් එකකට වඩා ඉතාම ඉහල කාරයික්ශම තාවයක් තියෙන එක ඒ වගේම කල් පැවත්මෙන් හාර්ඩ් ඩිස්ක් එකක් එක්ක බලනකොට ගොඩක් ඉහල මට්ටමක තියෙන හාර්ඩ් ඩිස්ක් එකකට සාපෙක්ශව විදුලිය පරිබෝජනය ඉතාමත් අඩු සුපිරි බඩු කෑල්ලක්.
 හර්ඩ් ඩිස්ක් වලට ඇතුලේ තියෙන්නෙ තැටි ඉතින් ඒ තැටි කැරකෙන්න මෝටර් තියෙනවා.ඒත් මේ අලුතින් එන SSD එකේ එහෙම තැටිවත් මෝටර් වත් නැහැ.

එහෙනම් මොකද්ද තියෙන්නේ ?



SSD වල තියෙන්නේ නිකන්ම පරිපතයක් විතරයි ඒ නිසා විදුලි පරිබෝජනයේන් 90% විතර හාර්ඩ් ඩිස්ක් එකකට වඩා අඩුයි.ඒ වගේම ඔයාල දන්න්වා අපිට යූ.පී.ඇස් එකක් නැත්නම් අපි පරගනකයේ වැඩ කරනකොට එක පාරටම විදුලිය විසංදි වුනොත් ඒ දේ ප්‍රදන විදයටම අපේ පරිගනකයේ හාර්ඩ් ඩිස්ක් එකට බලපානවා..(අනිත් එව්වටත් බලපානවා ඈ)

 ඇයි එහෙම වෙන්නෙ ?

   එහෙම වෙන්නෙ හාර්ඩ් ඩිස්ක් වල තියෙන තැටි(මේවගේ තමා මතකය ගබඩා වෙන්නෙ)  රිඩ් කරන හෙඩ් තියෙනවා.අපි පරිගනකයේ වැඩ කරනකොට ඒව්වා වේගෙන් කැරකෙනවා ඉතින් එක පාරටම විදුලිය බින්දවැටීමක් වුනොත් අර රීඩ් හෙඩ් එක ටක් ගාලා තැටියේ වැදිලා තමයි නවතින්නේ
එහෙම උනාම මොකෝ වෙන්නේ ?


 එහෙම උනාම තමා හාර්ඩ් ඩිස්ක් එකේ Bad sectors ඇති වෙන්නෙ

 "ඉතිං මොනවද ඒ Bad sectors කියන්නේ?"

  බෑඩ් සෙක්ටර්ස් කියන්නේ අර විදුලිය විසංදි උනාම ටක් ගාලා රීඩ් හෙඩ් එක වැදුනම ඇති වෙන ඩැමේජ් එකයි
  ඉතින් ඔහොම වෙන්න වෙන්න හාර්ඩ් එකේ ආයු කාල අඩු වෙලා පිච්චිලා යනවා,එහෙමත් නැත්නම් වින්ඩොස් දාන්න බැරි තත්වෙට එනවා (දැන් ඔයාගව මෙහෙම හාර්ඩ් තියෙනවන්ම් විසි කරන්න එහෙම හදන්න එපා,වැඩ කරන ඒත් වින්ඩොස් දාන්න බැරි එව්වා තියෙනවනම් එව්වා ස්ලේව් ඩ්වයිස් එකක් විදිහට යුස් කරන්න පුලුවන් ගොඩක් වෙලවට,ඒ නිසා ස්ලේව් දාගන්න එහෙම එව්වා තියෙනවනම් :) වැඩක් ගන්න පුලුවන් කම තියෙද්දි මොන එහෙකට විසි කරන්නද ? නේහ් ?

 හැබයි මේ SSD වල එහෙම තැටි,හෙඩ් නැති නිසා විදුලිය විසංදි වුනාට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ.එ නිසා හාර්ඩ් ඩිස්ක් එකකට වඩා කල් පැවත්මෙන් වැඩී.ඒ වගේම හාර්ඩ් ඩිස්ක් එකක්ට වඩා අපි දෙන කමාන්ඩ්ස් ඉක්මනින් ඉටුකරන්න පුලුවන් හැකියාවක් ඒ SSD වලට තියෙනවා ඒ වගේම ශබ්දයක් නම් නැති තරම්,හේතුව තමයි මෙයාගේ තැටි,හෙඩ් නොමැති වීම.අපි සෙන්ට්‍රල් ප්‍රොසෙස් යුනිට් (CPU) එහෙමත් නැති නම් ප්‍රොසෙසර් එක, මේන්න මේයාගේ හරහා තමයි අපි අපිට පරිගනකය තුල කරන්න ඔනේ දේවල් දන්වන්නේ ඉතිං හාර්ඩ් ඩිස්ක් එකකට මේ දේවල් Hard disk එකෙන් දැනුම් දුන්නම එයා පොඩි වෙලවක් ගන්නවා ඒක ඇනලයිස් කරගන්න,මේක මෙන්න එහෙම තාර්කිකව ඔප්පු කරන්න පුලුවන් ,ඔයා ටිකක් ලොකු ඇප්ලිකේශන් එකක් ඔපන් කරලා බලන්න ඒක ඕපන් වෙනකොට හාර්ඩ් ඩිස්ක් එකේ සද්දේ වෙනස් වෙනවා අපි නොමලි වැඩ කරනවට ඇහෙන සද්දේට වඩා , ඉතිං SSD ව්ල මේ තැටි,හෙඩ් නැති නිසා අපි ප්‍රොසාට අපේ වැඩේ දනුම් දුන්න ගමන් පොල්ලෙං ගැහුවා වගේ SSD එක පටස් ගාලා සද්ද නැතුව වැඩේ ඉක්මනින් කරලා දෙනව




ඔන්න දැන් ඔයාට හිතෙනවා ශාහ්හ් එහෙනම් රැම් එකයි ප්‍රොසෙර් එකයි අප්ඩෙට් කරන්න ඔනේ නෑ මාත් ගහනවා SSD එකක්..

 ඒත් ඒක 50% විතර වැරදී හේතුව තමයි පනිවිඩේ යවන කෙනා(ප්‍රොසා,රැම්) ස්පීඩ් නැත්නම් පනිවිඩය ලබාගන්න කෙනාට ඒක ලැබෙන්න පරක්කු වෙනවා.ඒ නිසා අනිවර්යෙන් SSD එකයි රැම් එකයි ප්‍රොසායි කියන මේ තුන් දෙනාම එකම මට්ටමෙන් ඉන්න ඔනේ

  ඒ වගේම ඔයා ගේමර් කෙනෙක් නම් හිතනවා ඇති SSD එකක් ගහත්තොත් මට හොද FPS මට්ටමකින් ගේම් ප්ලේ කරන්න පුලුවන්.

      මේ කතාවත් 25% විතර වැරදී ,මොකද හේතුව තමයි ගේමින්ග් වලට වැදගත්ම දේ තමයි Ram,Vga,Prossecer  මෙන්න මේ අයියලා තුන් දෙනා,හැබැයි SSD එකෙනුත් තල්ලුවක් දෙන්න පුලුවන්.ඉතින් ඔයා ගේම් ප්ලේ කරන කෙනෙක්නම් ඒ තුන් දෙනාව අප්ඩෙට් කරගන්න


 එතකොට කෝමද SSD එකකින් කොම්පුටර් එකේ ස්පීඩ් එක වැඩි කරගන්නේ ?

       මෙන්න මෙහෙමයි වැඩි කරගන්නේ..     ඔයාට 1TB හාර්ඩ් එකක් ගන්න ගානට SSD 1TB එකක් ගන්න බෑ.සල්ලි තියෙනවනම් කමක් නෑ ඉතිං :D ඔයාට කරන්න තියෙන හොන්දම වැඩේ තමයි 128GB වගේ SSD එකක් අරන් අන්න ඒකට ඔයාගේ සිස්ටම් එක ඒ කියනේ මෙහෙයුම් පද්දතිය දාගන්න එකයි.. හාර්ඩ් ඩිස්ක් එක තියෙද්දි ඔන් වෙන්න 2minute ගියානම් SSD එකක් දැම්මම 1minute වලින් ඔන් වෙනවා.ඒ වගේම වැඩ වලිදි ඉතාමත් කාරයක්ශමව වැඩ කරල දෙනවා.දාලම බලන්න එහෙනම්



එහෙනම් ඉතිං මම යනවා..ආයෙත් පොස්ටුවකින් හමු වෙමු

තනියම කියවලා යන්න එපා..යාලුවන්ටත් දැනගන්න ශේයර් කරන්න ඔයාලගේ ෆේස්බුක් G+ වලින් එහෙම
වරදක් අඩුපාඩුවක් දැක්කනම් ඒකත් කියලම යන්න.. ඒ වගේම තැන්කූ කියලවත් කොමෙන්ටුවකින් පොඩි දිරිමත් කිරීමක් කරන්න.. මේක කරන එකෙන් අපිට ලැබෙන එකම දේ ඒක විතරයි.


Author
Thisara subash (All rights reserved ඈ )

                                  ..................බුදු සරනයි දෙවි පිහිටයි ඒනම් !! ................

ඔයාගෙ HTC එක ඔරිජිනල් එකක්ද ? ඒක මීට කලින් රූට් කරල සෙල්ලම් දාපු පෝන් එකක් ද ? හොයාගන්න විදිහ මන් කියල දෙන්නම් ...

1:29 AM Add Comment
දැන් HTC වලත් Samsung වල වගේ කොපි හෙවත් ක්ලෝන් දුරකතන එනවා .. ඉතින් අපි සැලකිලිමත් විය යුත්තේ අන්න ඒවා ගැනයි ... ඒවා නම් ගන්නවත් හිතන්න එපා ...

HTC දුරකතනයක් ඔරිජිනල් ද කියල බලගන්න පුලුවන් *#*#3424#*#* යන කෝඩ් එක පෝන් එකේ ඩයල් පෑඩ් එකේ ගහලා ....
ඊට අමතරව  HTC Bootloader එක බලලා හදුනගන්නත් පුලුවන් .... මන් කියල දෙන්නම් දැන් කොහොමද බූට් ලෝඩර් එකට යන්නේ කියල ..

1. මුලින්ම පෝන් එකේ සෙටින්ග්ස් වලට යන්න ... ඊට පස්සේ ඒකේ තියන Power වලට යන්න ඒකේ යටම ඇති Fastboot කියල එකක් .. එහෙම එකක් තියනවනම් ඒකට දාල තියන හරිය අයින් කරන්න ... එහෙම  නැත්තම් අව්ලක් නෑ ..

2. දැන් පෝන් එක ඕෆ් කරන්න ....

3. ඊට පස්සෙ පෝන් එකේ volume අඩු කරන එක ඔබාගෙන ඒක ඔබාගෙන ඉන්න ගමන් ම Power එකත්        ඔබාගෙන ඉන්න ස්ක්‍රීන් එකේ මොකක් හරි එනකන්





4. ඊට පස්සෙ ඔය උඩ තියන පොටෝ එකේ හැඩේට එනවානම් ඒක ඔරිජිනල් එකක් ... ඔය තියන වචන , අකුරු ඒ විදිහටම තියෙන්න ඕනේ නෑ ඔය හැඩේට තියනවනම් ඒක ඔරිජිනල්  HTC එකක් ..


5.ඔය ස්ක්‍රීන් එකේ තියෙද්දිම ලේසී අපිට පෝන් එක කලින් රෝට් කරල සෙල්ලම් දාපු එකක් ද කියල හොයා ගන්න .. ඉන්න මන් ඒකත් ඉයල දෙන්නම් ....

 ඔය උඩ *** LOCKED ***    කියලා තියෙන්නේ පෝන් එකේ බූට්ලෝඩර් එක ...  HTC පෝන් එකක් රූට් කරන්න නම් අනිවර්‍යයෙන් ම බූට්ලොඩෙර් එක අන්ලොක් කරන්න ඕනේ .... ඉතින් ඔතන *** LOCKED ***  කියන එක වෙනුවට *** UNLOCKED ***  කියලා තිබුනා කියන්නේ බූට්ලෝඩර් එක ගොඩක් වෙලාවට අන්ලොක් කරල තියනවා කියන එකයි ...හැබැයි  One M සීරියස් එකේ පෝන් වල එනවා Developer Edition කියලා එකක් ඒකේ නම් කොහොමත් එද්දිම bootloader අන්ලොක් කරලා එන්නෙ ... 



   

ඊට යටින් තියනවනෙ ඔය  M7_UL PVT SHIP S-ON RH  එකක් ... එකෙන්  කියවෙන්නේ මේකයි ...
M7 = පෝන් එකේ කෝඩ් නේම් එක
UL = පෝන් එකේ වර්ශන් එක ... UL කියල තියනවා කියන්නෙ ඒක ඒකේ international වර්ශන් එක ...ඒක වර්ශන් එකෙන් වර්ශන් එකට එනස් එන්න පුලුවන් ..
S-On = phone එකේ බූට්ලෝඩර් සිකියුරුටි සිස්ටම් එක ඔන් එකේ තියනවා කියන එක .. ඔතන  S-OFF කියල තිබ්බා කියන්න සිකියුරිටි එක ඕෆ් කරල කියල තියන එකයි .. ඒක S-OFF කියල නම් තියෙන්නෙ ඔයා ඒ පෝන් එක ගන්න නම් ගියේ ඒ පෝන් එක ගන්න එපා ...ඒක S-OFF කියල තියනව කියන්නෙ අනිවර්‍යයෙන් ම පෝ එක රෝට් කරල පිස්සුම නටල තියනවා කියන එක .. ඒක නිස පෝන් එක ගන්න යනවනම් ඒක ගන්න එපා ...සමහර ඒවා එනව ඩිවෙලොපර් එඩිශන් කියල HTC වල .. එව නම් ගොඩක් ඒවා S-OFF කරල එන්නෙ ... මොකද ඒවා විශේශයෙන්ම ඩිවෙලොපර්ස් ලා සදහා හදන එකක් නිසා ..

S-OFF එකක් උනත් අනිත් පෝන් බ්‍රෑන්ඩ්ස් වගේ යූස් කරන්න පුලුවන් .. ඒත් මන් කියන්නෙ නම් ඔය rooting ඒවා මේව සෙල්ලම් දාන්න දන්නෙ නැති කෙනෙක්ට එයා S-ON එකක් ගන්න එක හොදයි ... මොකද HTC පෝන් එකක් S-ON නම් කවදාවත් ඒ පෝන් එක Dead වෙන්නෙ නෑ ...අනික රූට් කරද්දිත් බය වෙන්න ඕනෙ නෑ පෝන් එකේ බූට්ලෝඩර් එකට බලපෑමක් වෙන්නෙ නෑ S-ON එකේ නම් පෝන් එක .. අනිත් ඒවා වගේ "අනේ මගේ පෝන් එක ඩෙඩ් උනා දැන් ඩෙඩ් බූට් රෙපයාර් කරන්න ඕනේ" කිය කිය අඩන්න ඕනෙ නෑ ..


ඔය bootloader unlocked , s off කියල තියන හැම පෝන් එකක් ම යතා තත්වයට ගන්න පුලුවන් ... මන් ඒක කොහොමද කරන්නෙ කියල පෝස්ට් එකක් ඉදිරියේදී දාන්නම් ....

එහෙනම් මන් ගියා ...

ඔයාලට මේක උදව්වක් උනා නම් කොමෙන්ට්යිවක් දාලම යන්න ..
පුලුවන්නම් ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා ..

හැකියාවට රැකියාවක් - හඳුන්වා දීම [ Part 01]

4:46 PM 2 Comments
මොකක්ද මේ හැකියාවට රැකියාව??? බොරු පොරොන්දුවත්ද? පිස්සුද? ටෙක් ලෝකයේ අපි එහෙම කරනවද? :P මේ කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් සෙවීම හෙවත් E-money ගැන. E-money කිව්වම ඉතින් මේ දවස්වල FB groups වල එහෙම links වැහි වැහැලා.. හැබැයි ඔය එකක්වත් සාර්ථක ඒවද? තියෙන්නේ ads click කරන්නයි apps download කරන්නයි.. ads click කරලා සල්ලි හොයන්න පුළුවන්. ඒත් ad එකකට හම්බෙන්නේ $0.001ක් වගේ ගානක්නේ. ඒ කියන්නේ සත 13ක් වගේ..කවදා දියුණු වෙන්නද නේද? internet bill එක cover කරගන්නත් මදි වෙයි හොයන ගාන. අද කියන්නේ ගොඩක් අය දන්න දෙයක් ගැන. නොදන්න අයට දැනගන්නයි මේ ලිපිය. 


ඔයාට මේ ක්‍රමයෙන් සල්ලි හොයන්න අවශ්‍ය වෙන්නේ,
  • සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම (සුද්දෙක් එක්ක msg වලින් ගනුදෙනු කරන්න.)
  • Computer එකක් 
  • අන්තර්ජාල පහසුකම (Dialog නම් වඩාත් හොඳයි)
  • Creative Mind එකක්
  • හොඳ කැපවීමක්
  • අළුත් දේවල් ඉගෙනගැනීමේ හැකියාව සහ උනන්දුව
ඔයා ටික තියනවනම් ඕන තරම් සල්ලි හොයන්න පුළුවන්. හැබැයි චූටි වාසනාවකුත් තියෙන්නම ඕනි. ;) හැබැයි හොයන ගාන නියමිත ගානක් කියලා කියන්නවත් මෙච්චර දවසකින් කියලවත් කියන්න බෑ. තමන්ගේ උත්සාහය, උනන්දුව සහ අර චූටි වාසනාව මත තමයි ඒක තීරණය වෙන්නේ. 

මේ මොනවත් ගැන නෙවෙයි Free-Lancing ගැන කියන්නේ..ඒ කියන්නේ ස්වාධිනව තමන්ගේ සේවාවන් අලෙවි කරන එක ගැන. මේකට වෙබ් අඩවි කිහිපයක්ම තියනවා. මේ ලිපියෙන් වෙබ් අඩවි ගැන හඳුන්වලා දෙන්නම්. 

1. Microworkers 
    කිසිම දෙයක් නොදැන හම්බකරන්න පුළුවන් site එකක්. English දැනුම විතරයි ඕනි. තව කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕනි :P මේකේ පොඩි පොඩි jobs දාල තියනවා. FB Likes, Shares, Youtube Comments වගේ පොඩි දේවල්. හරිම ලේසියි. හැබැයි ගොඩාක් හම්බකරන්න අමාරුයි. Ads click කරනවට වැඩියනම් ගොඩක් හොඳයි.  
 
2. Fiverr
    මේක තමයි හොඳට හම්බකරන්න පුළුවන් ලේසිම තැන. ඔයාට ඔයා අලෙවි කරන සේවාවල් ගැන අවබෝධයක්, අදහසක් තියනවනම් මෙතන තමයි ලේසියෙන්ම, වැඩි කරදරයක් නැතුව ඔයාට යන්න පුළුවන් තැන. මේක ගැන තමයි අපි කියලා දෙන්නත් හිතාගෙන ඉන්නේ. 

3. Upwork
    ඔයාට හොඳ දැනුමක් තියනවනම් මොනාහරි දෙයක්/දේවල් පිළිබඳව මේකත් පටන් ගන්න පුළුවන්. මේකේ කලින් නම තිබුනේ odex කියලා. මේකේ register වෙලා exams තියනවා කරන්න. ඒවා කරන්නයි දැනුම ඕනි වෙන්නේ. IT වලට, Photoshop වලට, Illustrator වලට වෙන වෙනම exams තියනවා. තමන්ට නිවැරදි දැනුම තියනවනම් ඒවා කරලා ඉස්සරහට යන්න පුළුවන්.

4. Designcrowd
    Graphic Designing හොඳටම පුලුවන්නම් මේක හොඳ site එකක්. Buyersලා තමන්ට ඕනි දේ ගැන විස්තර දාලා තියනවා. ඔයාට තියෙන්නෙ ඒ දේ හරියට කරලා submit කරන එක. ඔයා වගේ තව ගොඩක් අය submit කරනවා. Buyer ඒ අතරින් තමන් කැමතිම එක තෝරාගන්නවා. එතන පොඩි ගණන් වල නෙවෙයි කෙලින්ම $100 - 200 ඒවා තමයි ගනුදෙනු වෙන්නේ.
 

5. Freelancer
    හොඳ දැනුමක් තියන අයට මේ site එක හොඳයි. මේකෙත් ලොකු ගනුදෙනු තමයි එහා මෙහා යන්නේ. තව exams තියනවා අපි pay කරලයි ඒවා කරන්න ඕනි. ඒ නිසා මුලින්ම පටන් ගන්න අය මේ වගේ ඒවට නොගිහින් Fiverr වගේ ලේසි එකකින් පටන් ගමු නේද?  

දන්න sites ටික ගැන කිව්වේ. තව තියනවනම් comment කරලා යන්න. අපිටත් දැනගන්න ;) 

ඔය SLT වගේ static ip address තියන අය කලබලේ ගිහින් Fiverr වල එහෙම register වෙන්න එපා. හදන account එක හරියට හදමු. ඒ නිසා ඊළඟ ලිපියෙන් Fiverr ගැන කියලා දෙනකම් ඔයාට කරන්න පුළුවන් වැඩ, දෙන්න පුළුවන් සේවාවන් ගැන list එකක් එහෙම හදාගෙන තියාගන්න. Tutorials එහෙම බලලා Photoshop එහෙම වගේ පුරුදු වෙන්න බලන්න. :D 

ජය වේවා!


Ammoled ද? IPS LCD ද? Retina ද? TFT ද? මොකද්ද සුපිරිම?

2:26 AM 1 Comment

  "ලොව මෙතෙක් නිපදවූ හොදම ස්මාර්ට්ෆෝන් ඩිස්ප්ලේ එක Galaxy S6/Note 5 සතුයි" - DisplayMate වෙබ් අඩවිය.

අද පොඩි විස්තරයක් කියන්න යන්නෙ Ammoled ඩිස්ප්ලේ සහ IPS LCD ඩිස්ප්ලේ ගැන. මේ ගැන හැමදාමත් කස්ටිය වළි දාගන්න නිසා  වළි දාගන්නෙ නැතුව අපි බලමුද මේ 2 තාක්ෂණික පැත්ත පොඩ්ඩක්..

**TFT ඩිස්ප්ලේ ගැන කතාබහ පසුකාලීනව කතා කිරීමට බලාපොරොත්තු වෙමු!

මොකද TFT වර්තමානයේ බාවිතය අඩු නිසාත් එහි යම් යම් සැලකිය යුතු දෝෂ තිබෙන නිසාත්! දැනට TFT ඩිස්ප්ලේ යොදාගෙන වැඩිපුරම දුරකථන SONY සමගම විසින් නිපදවා ඇතත්,ඔවුන්ගේ නවතම මාදිලි ips lcd සහිතව පැමිණේ!



IPS LCD :
IPS
යනු කොරියාවේ LG සමාගම විසින් වැඩිදියුණු කරපු LCD ඩිස්ප්ලේ එකක් මයි. ඒනිසා අපි LCD ගැන බලමු.
LCD (Liquid Crystal Display)
මේකෙ සියලුම කලර්ස්..ඒකියන්නේ ඕනෑම පාටක් පෙන්වීමට පුලුවන් "රතු" ,"කොළ" ,"නිල්" කියන වර්ණ පික්සල් එකක එකම කලර් ෆිල්ටරයක් මගින් පෙන්නනව.
පික්සලයක්(pixel) කියන්නෙ හොදට බැලුවම ඔයාගෙ ඩිස්ප්ලේ එකේ පේන ඉතාම කුඩා Dots වලට. 
මෙහිදී ක්‍රිස්ටල් ලෙස හදුන්වන තරංග කලර් ෆිල්ටරය දෙසට ප්‍රක්ශේපණය කිරීමෙන් වර්ණ පෙන්වනව.
ක්‍රිස්ටල් ප්‍රමාණය පාලනය කරන්න මේ පික්සල් වල පිටිපස්සෙ තියෙන්නෙ ට්‍රාන්ස්සිස්ටරයක්. 
මේ ට්‍රාන්ස්සිස්ටරයත් යට තියෙන්නෙ BackLight එකක්. 
මේ BackLight එක තියෙන්නෙ LCD ඩිස්ප්ලේ වල විතරයි. මොකද LCD Pixel වර්ණ ගැන්වුනාට පාටවල් අපිට පේන්නෙ නෑනෙ. මොකද ආලෝකයක් නැතුව අපිට කිසිම පාටක් පේන්නෙ නෑනෙ. ඒනිසා තමයි මේ පික්සල වලට යටින් බැක්ලයිට් එකක් තියෙන්නෙ. මේ බැක්ලයිට් එකේ එළිය නිසයි පාට වෙන පික්සෙල් අපිට පේන්නෙ. ඒත් අවාසනාවට මේ බැක් ලයිට් එකේ එළිය නිසා ඩිස්ප්ලේ එකේ වර්ණ වලට අමතරව සුදු පාට එළියකුත් අපිට පේනව.



IPS Retina : 

(වම : retina රහිත iPhone 3GS, දකුණ : retina iPhone 4)

retina ඩිස්ප්ලේ යනු ඇපල් සමාගමේ සංකල්පයක් වන අතර එය LG සමාගමේ IPS ඩිස්ප්ලේ එකෙහි පික්සල් දෙන්සිටි එක අක්ෂ 2ක ඔස්සේම දෙගුණයක් පමණ වැඩිකොට තැනුවකි! එනම් සාමාන්‍ය ips පැනලයක මෙන් දෙගුණයකට අසන්න පික්සල ධාරිතාවකින් මෙම ඩිස්ප්ලේ එක සමන්විත වේ! ඒ හැරුණු විට ෆිල්ටර වල යම් යම් දියුණු කිරීම්ද හැරුණු කොට ips lcd තාක්ෂණයෙන් වැඩිමනත් වෙනසක් නැත! නමුත් පික්සල ධාරිතාව මෙහි අධික නිසා ඉතා සුපැහැදිලි දසුන් දැකගත හැක!


iPhone 4 සිට 6s plus දක්වා සියලු iPhone තුලත්,iPad,iPod,MacBook යනාදියෙත් දැනට මෙම retina ඩිස්ප්ලේ එක නිකුත් කර ඇත!


iPhone ඩිස්ප්ලේ එක මුනට ලංකර බැලුවද,කුඩා පික්සල වශයෙන්වත් දැකීමට අසීරු වන්නේ,පික්සල කුඩා වීමත්,පික්සල ගණත්වය වැඩිවීමත් නිසාය. Apple සමගම වෙනුවෙන් දැනට retina ඩිස්ප්ලේ නිපදවීම සිදුකරන්නේ කොරියාවේ LG සමගම(IPS LCD founder) විසිනි.





Super AMOLED : 
සුපර් ඇමෝලෙඩ් කියල මේ Ammoled වලට සුපර් කෑල්ලක් එකතු කලේ සැම්සුන්ල විසින්. මොකද සැම්සුන්ලගෙ Ammoled display වලට එයාල Touch digitizer එක ඇලෙව්ව. ඒකනෙ සැම්සුන් Ammoled පෝන් වල touch/display එකට එන්නෙ. මේ නිසා ඩිස්ප්ලේ එකයි touch එකයි අතර ගැප් එක අහිමි වීමෙන් ඩිස්ප්ලේ එක slim වුනා. 
ඒනිසා ටච් කරනකොට ඩිස්ප්ලේ එකයි අපේ ඇගිලි අතර පරතරයත් අඩුවීමෙන් ඩිස්ප්ලේ එක ෆෝන් එකේ glass එක මට්ටමේම තියෙනවා කියන හැගීම user දැනෙනවා. 
සුපර් නැති Ammoled වල touch digitizer එක තියෙන්නෙ වෙනම. ඔච්චරයි වෙනස.
AMOLED
කියන්නේ Active Matrix Organic Light Emmiting Display කියන එකයි.
මේකෙන් අපිට වැදගත් වෙන්නේ OLED කියන කොටස.
මේ Oled තාක්ෂණයේදී "රතු" "නිල්" "කොළ" කියන වර්ණ 3 අදාළ පික්සල එක ලග වෙන වෙනම පිහිටා තිබෙනවා.
සැබවින්ම මේ පික්සල් වෙන මොනවත් නෙමෙයි. ඉතාම කුඩා.. LED බල්බ විශේෂයක්. එහෙමත් නැත්නම් Diode විශේෂයක්. 
පික්සලයක් කියන්නේ මේ එක බල්බයකට.
පාට 3 සදහා වෙන වෙනම බල්බ 3 ගානේ රටාවකට පිහිටුවා තියෙනව.
 (ammoled ෆෝන් එකක තිරය මතට වතුර බින්දුවක් වැටුණු විට ඒ වතුර බින්දුව තුලින් රතු,නිල්,කොළ වර්ණ 3හි පික්සල වර්තනය වී වෙන වෙනම කුඩාවට දැක ගත හැකි වේ.)

ඇටෑච් කල්ල තියෙන රූපෙ බලන්න.


ඒකෙ තියෙන්නෙ Ammoled ඩිස්ප්ලේ එකක "and" කියල පෙන්වන දර්ශනයක්. 
පාට 3 අදාළ බල්බ නැත්නම් පික්සල් පිහිටුවා ඇති රටාව ඔබට පෙනේවි.
දැන් ඔය පින්තූරෙ දිහා ඇස් 2 බොද කල්ල බලන්න. එතකොට අපිට පේනව සුදු පාට පසුබිමක කලුපාටින් "and" කියල වැටිල තියෙනව.
මේවා බල්බ නිසා මේවගෙ පාටවල් පෙන්වන්නේ බල්බයේ ආලෝකයෙන්මයි. එනම් බල්බයෙන් විහිදෙන්නේ අදාළ පාට සහිත ෆෝටෝන.
මේනිසා Ammoled වලට බැක්ලයිට් එකක් ඕන වෙන්නෙ නෑ. මේ පාට වල brightness control කරන්නේ මේ බල්බ වලට ලැබෙන current එක transistor එකක් මගින් අඩු වැඩි කිරීමෙන්.
මේ නිසා LCD වල වගේ අනවශ්‍ය සුදු පාටක් අපිට ඩිස්ප්ලේ එකේ පේන්නෙ නෑ. අපිට දකින්න අවශ්‍ය පාට පමණයි පේන්නෙ.
අපිට කලු පාට යමක් පෙන්වන්න ඕන වුනාම මේ බල්බ කලු පාට පෙන්වන්න ඕන ප්‍රදේශයේ නිවී යනව.
සුදු පාට පෙන්වන්න ඕන වුනාම ප්‍රදේශයේ සියලුම බල්බ දැල්වෙනව.
මොකද කලු කියන්නෙ පාටක් නෑ කියන එකනෙ.
සුදු කියන්නෙ සියලුම පාට වල එකතුව.
"
රතු" ,"නිල්" ,"කොළ්" කියන විද්‍යාවේ මූලික පාට 3හි එකතුවෙන් පුලුවන් මේ ලෝකෙ තියෙන ඕනෙ පාටක් පෙන්වන්න. කොහොමද කියල 10 වසරෙ විද්‍යාවට උගන්නල ඇති . 

එහෙනම් IPS LCD සහ AMMOLED කොම්පෙයාර් කල්ල බලමු@ඕකටනෙ බලන් හිටියෙ.


     ( වම : ammoled, දකුණ : ips retina)

 
(වම : ammoled, දකුණ : ips retina)               
ඈත්තම කීවොත් මේ 2 කම්පෙයාර් කරන්න බෑ හොදේ. මොකද කියනවනම් මේ 2 හොද කොලිටි රූප පෙන්වනව. LCD පරණ උනත් LCD යොදාගෙන තවමත් OPPO,LG, HTC,APPLE,Xperia Z series වැනි high end පෝන් සදහා qhd ඩිස්ප්ලේ හදනව.
නමුත් ඇස් දෙකට සනීප හොදම වර්ණ පෙන්වීම අතින් Amoled ඉදිරියෙන්.
තනි තනි පික්සලය සදහා අවශ්‍ය ආලෝකය එම පික්සලයෙන්ම නිපදවෙන නිසා..බැක් ලයිට් එකක් නැති නිසා Amoled වලට සාපේක්ෂව වැයවෙන විදුලිය අවමයි.
LCD
සාපෙක්ශව Amoled හි Contrast ratio වැඩී. 

සැම්සුන් වල කලර් බූස්ට් කල්ල කියල සමහරු බොරුවට කෑගැහුවට එහෙම දෙයක් වෙලා නෑ. Contrast ratio එක සාපේක්ශව වැඩි වීමක් පමණයි Ammoled වල තියෙන්නේ.
නමුත් අවාසනාවට Ammoled ඩිසප්ලේ වලට පොදු ලෙඩක් තියෙනව.
එනම් ඩිස්ප්ලේ එකේ පික්සල..එහෙම නැත්නම් අර කලින් කියපු බල්බ්ස් burn-in (දැවී යාමක්) සිදුවෙන්න පුලුවන්. එහෙම උනොත් අපිට ඩිස්ප්ලේ එකේ සමහර තැන් වල කලර් පැචස් දකින්න පුලුවන්. මේක බොහෝ විට වෙන්නෙ Amoled ඩිස්ප්ලේ වල එකම රූපය බොහෝ වේලාවක් දර්ශණය වුනාම.

ඒනිසා මේ ඩිස්ප්ලේ තාක්ශණ 2 කම්පෙයාර් කොට එකක් හොදයි කියන්න බැරි බව මේ පිළිබද ප්‍රසිද්ධ වෙබ් අඩවි පවසනවා.

***වර්ණ පෙන්වීම අනුව ammoled/ips lcd හි විදුලි බල වැයවීම (power consumption).


ඔබගේ ඩිස්ප්ලේ එකෙහි විදුලි බලය අඩුවෙන්ම වැයවන වර්ණයෙන් තීම් තෝරා ගැනීමෙන් බැටරි ආයු කාලය යම් තරමක් දීර්ඝ කරගත හැක! (Android 6.0 marshmallow මෙහෙයුම් පද්ධතියේ සිට light/dark තීම් ඔබට තෝරා ගැනීමට ඉඩ සලසා ඇත!)