GTA V එකේ දැරිවියට සාරියක් අන්දමුද?? GTA V මොඩ් කරමු!!!

9:17 AM


Rockstar සමාගමේ Grand Theft Auto ගේම් මාලාවේ අලුත්ම භාණ්ඩේ තමයි GTA V.
මේ ගේම් එකේ PC වර්ශන් එක රිලීස් වෙන්ඩ ටිකක් පරක්කු උනත් PC වර්ශන් ඒකට විතරක් ලැබෙන වාසි රැසක් තියෙනවා!
ඒ තමයි අපිට මේ PC වර්ශන් එක මොඩ් කරන්න පුළුවන්! ඉතින් දැනටමත් GTA V ප්ලේ කරන,කරපු අය ඉන්නවනම්, මෙන්න ගේම් එක ටිකක් ඔයාට ඕන විදියට හදාගන්න අවස්ථාවක්!
මේ ගේම් එක සල්ලි දීල ගත්ත අයටත්, හොර පාරෙන් crack එකක් දාපු pirated කස්ටියටත් (අපේ ගොයියො ඉතින් මෙහෙමනෙ) මොඩ් කරන්ට පුළුවන්!!




****හැබැයි ඔන්න නොකිව්වයි කියන්නෙපා මෙහෙම මොඩ් කලාට පස්සේ GTA online ප්ලේ කරන්න  බැහැ!!! ඔයාව baan වෙනව!! GTA story mode(offline) ප්ලේ කරන්න විතරයි හැකි වෙන්නේ!
****ඒවගේම මේක කරන්ට ගිහින් ඔයා වරද්දගත්තොත් game එක reinstall කරන්න ඕන තැනට වැඩ සිද්ද වෙයි! ඒනිසා මට ඔයාගේ ගේම් එක ගැන වගකියන්න බෑ! මේක හරියටම කලොත් ගොඩ! එතරම් අමාරු නැහැ! හැබැයි වරද්දගෙන ඔයා මට ඇගිල්ල දික් කරනවානම් මට කරන්න දෙයකුත් නැහැ!




එහෙනම් මොඩ් කරන්න අවශ්‍ය මුලික පරිසරය හදන්න පටන්ගමු! 

මොඩ් කරන්න කලින් අපිට ඕන කරන සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා! එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන! ඒවගේම ඒ සොෆ්ට්වෙයාර් එක සෙටප් කරගන්න විනාඩි කිහිපයකට අන්තර්ජාල සම්බන්ධය ඕන වෙනවා!
අපිට ඕන කරන සොෆ්ට්වෙයාර් එක තමයි OpenIV කියන සොෆ්ට්වෙයාර් එක! මේකෙන් කරන්නේ ගේම් එක ඇතුලෙ තියෙන rpf කියන ෆෝමැට් එකෙන් තියෙන library ෆයිල්ස් open කල්ල දෙන එක! එතකොට අපිට ලේසියෙන්ම ඒ library ෆයිල් ඇතුලෙ තියෙන දේවල් වෙනස් කරන්න පුළුවන්! OpenIV සොෆ්ට්වෙයාර් එකෙන් GTA V, GTA IV,Maxpayne වගේ rokstar ගේම්ස් edit කරන්න පුළුවන්!



i. OpenIV සොෆ්ට්වෙයාර් එක බාගන්න link එක : https://www.gta5-mods.com/tools/openiv/download  (17mb පමණ ෆයිල් එකක් මෙම සෙටප් එක මගින් online download වේ)

ii. දැන් සොෆ්ට්වෙයාර් එක open කරගන්න! මෙතනින් GTA V , windows කියන ඔප්ෂන් එක click කරන්න! ඊට පස්සේ එන window එකෙන් ඔයාගේ GTA V ගේම් එක install කල්ල තියෙන ලොකේෂන් එක සිලෙක්ට් කරන්න!


iii. ගේම් එකේ ලොකේෂන් එකත් දීල ඉවර උනාට පස්සේ ගේම් එකේ ෆයිල්ස් ටික මේ විදියට පෙන්වයි!!


iv. දැන් මේ window එකේ උඩම තියෙන toolbar එකේ Tools>ASI Manager කියන ඔප්ෂන් ඒකට යන්න! එතන ASI Loader,open IV කියන plugin 2ක් පෙන්නයි! ඒ ප්ලගින් දෙකම install කරගන්න! ඒ දෙකම online install වෙයි! කිලෝ බයිට් ගණනක ඉතා කුඩා data ප්‍රමාණයක් වැයවෙයි! ඒ ප්ලගින් install උනානම් මේවගේ දැක්වෙයි!


v. හරි දැන් GTA V mod කරගන්න අවශ්‍ය මුලික පරිසරය අපි හදාගෙන ඉවරයි! OpenIV සොෆ්ට්වෙයාර් එක close නොකර දැන් ඉහත වින්ඩෝ එක විතරක් close කරන්න!


**උඩ තිබුන සේරම උපදෙස් හරියාකාරව කරගත්ත නම් විතරක් ඉස්සරහට යන්න! ඒ උපදෙස් පැහැදිලි නැති බවක් දැනෙනවානම් ඉදිරියට යාමෙන් වලකින එක හොදයි!




1. Story Mode ලෝඩින් ස්ක්‍රීන් එකේ බිකිනි එකක් ඇඳන් ඉන්න ගෑල්ලමයට සාරියක් අන්දන ආකාරය :


ගොඩක් GTA V ප්ලේ කරපු අයට තියෙන ප්‍රශ්ණයක් තමයි ගේම් එක ලෝඩ් වෙන්න පටන්ගත් හැටියේම බිකිනි එකක් ඇදගත්තු දැරිවියක් පෙනී හිටින එක! මේ නිසා PC එක ගෙදර සාලේ එහෙම තියන් ඉන්න අයට GTA V ප්ලේ කිරීම කෙසේවෙතත් ලෝඩ් කරන්නවත් හැකියාව අඩුයි! මේ නිසා Ryhan කියන බංග්ලාදේශ ජාතිකයෙක් මේ ප්‍රශ්නයට පිළිතුරක් හොයාගත්ත! ඒතමයි පොඩි මොඩ් පාරකින් ඒ ළමයට සාරියක් අන්දවන එක! මෙන්න කරන හැටි පියවරෙන් පියවර සරලවම!!



i. මේ link එකෙන් සාරිය ඇදගත්තු ගනු ළමයාගේ png පින්තුරය සහිත rar ෆයිල් එක බාගන්න :

ii. දැන් ඉහත බාගත්ත ෆයිල් එක තාවකාලිකව ඩෙස්ක්ටොප් ඒකට extract කරගන්න! (use Winrar).   extract උනාට පස්සේ beach_fg නමින් png ෆයිල් එකක් ලැබෙයි! ඒක තමයි අපි ගේම් ඒකට replace කරන්න ඕන! (තව text file එකකුත් ලැබෙයි! text file එකේ තියෙන්නේ install කරන විදිහ! දැන් මන් එක සවිස්තරව කියල දෙන නිසා ඒ text file එකෙන් වැඩක් නෑ!)

iii. දැන් OpenIV සොෆ්ට්වෙයාර් එක open කරල GTA V-windows කියන එක click කරල ඔයාගේ GTA V ෆයිල් ෆෝල්ඩර් එක ලබා ගන්න ! දැනටමත් open කරල තියෙයි නම්  පහත ස්ක්රින්ශෝට් එකේ විදියට File/Edit Mode කියන එක click කරන්න! (GTA V එකේ rpf ෆෝමැට් එකෙන් තියෙන ෆයිල් edit කරන්න පුළුවන් මේ මොඩ් එකේ විතරයි)


iv. හරි edit mode එනේබල් කලා නම් දැන් ඔය තියෙන ෆයිල්/ෆෝල්ඩර් ගොඩෙන් මන් මේ කියන path ඒකට යන්න!
"\update\update.rpf\x64\data\cdimages\"
(ඩබල් click කල්ල folder,rpf ෆයිල්ස් open කරගනන් ඔයාට පුළුවන්).


v. මෙතන ඔයාට පෙනෙයි rpf ෆයිල්ස් කීපයක්! අපිට අවශ්‍ය එක "scaleform_frontend.rpf" කියන එක! ඒක open කරන්න!

vi. එකත් open උනාට පස්සේ හම්බවෙයි "loadingscreen_startup.ytd" කියල ෆයිල් එකක්! එකත් ඩබල් click කල්ල open කලාම  png viewer එකක් open වෙයි!  එකේ තියෙන දෙවැනි ඔප්ෂන් එක click කරන්න පහල තියෙන ස්ක්රින්ශෝට් එකේ විදියට!
(මන් දැනට edit කල්ල තියෙන නිසා සාරිය ඇදගෙන ඉන්න එක්කෙනාමයි පෙන්වන්නේ මෙතන.. ඔයාගේ bikini එකකින් සැරසුණු එක්කෙනා පෙන්වාවි)



vii. ඔයාට bikini එක ඇදගත්තු ගැහැණු ළමයාගේ පින්තුරයම පසුව දාගන්න හිතුනොත් දැනට තියෙන පින්තුරය ඔය window එකේ තියෙන EXPORT SELECTED කියන ඔප්ෂන් එක මගින් backup කරගන්න පුළුවන්!
දැන් පහළ ස්ක්රින්ශෝට් එකේ විදියට replace කියන එක click කරල, ඔයා ii වෙනි ස්ටෙප් එකේදී download කරලා extract කරපු සාරිය ඇඳපු ගැහැණු ළමයාගේ beach_fg කියන png ෆයිල් එක සිලෙක්ට් කරගන්න! එක සිලෙක්ට් කරලා open දෙන්න! දැන් ඔයාට සාරිය ඇදපු ගැහැණු ළමයාගේ රුපය ඉහත පරිදි දැකගන්න පුළුවන්!


viii. දැන් මේ උඩින් තියෙන window එකයි OpenIV සොෆ්ට්වෙයාර් එකයි දෙකම close කරලා දාන්න! save කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ මොකද මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපි කරන දේවල් auto save වෙන නිසා! හරි දැන් වැඩේ ඉවරයි! දැන් GTA V සාමාන්‍ය විදියට ප්ලේ කල්ල බලන්න!




OpenIV සොෆ්ට්වෙයාර් එක delete කරන්නෙපා! මොකද ඉස්සරහට ඕන වෙනවා අනිවාර්යෙන්ම!
GTA V ඒකට ලම්බෝගිනි අවෙන්ටේඩර් LP400-4 (Lamborghini Aventador LP400-4) මෝටර් රථය මොඩ් එකක් මගින් add කරන විදියත් සමග Graphics මොඩ් සහ තවත් මොඩ් රැසක් add කරන විදිහ තේරෙන සිංහලෙන්ම නුදුරු අනාගතයේ අපගේ වෙබ් අඩවිය තුලින් බලාපොරොත්තු වන්න!

softwares and resources source : GTA5mods.com

Share this

Related Posts

Previous
Next Post »

1 comments:

Write comments