Showing posts with label pc. Show all posts
Showing posts with label pc. Show all posts

Nvidia සමාගමෙන් සුපිරි GPU එකක් (Nvidia GeForce GTX TitanX)

11:23 PM Add Comment


ඔන්න යාලුවනෙ මං අද ඔයාලට කියන්න යන්නෙ දැනට ලෝකයේ ශ්‍රේණි ගත කිරීම් වලින් ඉදිරියෙන්ම සිටින GPU එක ගැනයි... එ තමයි Nvidia GeForce GTX TitanX සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති... මිට පෙර මෙම Nvidia සමාගම විසින් නිපදවු GeForce Titan හාTitan Black GPU වලට වඩා මෙය බෙහෙවින් බලසම්පන්න වෙනවා....
මේ අලුත් VGA කාර්ඩ් එක පහත දක්වලා තියෙන සියලුම තාක්ෂණයන්ට සහය දක්වනවා SLI CUDA 3D Vision PhysX Adaptive VSync GPU Boost 2.0 G-SYNC 4K Surround VXGI MFAA DSR Virtual Reality වැදගත්ම දේ තමා නවතම Direct X 12 සඳහාත් මෙය හොඳින්ම සහය දක්වනවා... එ වගේම මෙ VGA කාර්ඩ් එක පාවිච්චි කරලා දැනට ඇවිත් තියෙන උසස්ම තත්වයේ Games ඕනම එකක් ULTRA Graphics Mode යටතේ play කරන්න පුලුවන්...
මෙම කාර්ඩ් එකෙ ධාරිතාව 12GB වෙනවා.. දත්ත හුවමාරු වේගය 7.0 Gbps පමණ වෙනවා.. (ඒ කියනනෙ ඉතින් අපේ භාශාවෙන් කියනවානම් ගේම් මරන්න පුලුවන් කියන එක තමා..) දැන් හිතා ගන්න පුලුවන් නේද මේ VGA කාර්ඩ් එක කොච්චර ප්‍රභලද කියලා... මේකෙ මිළ නම් ආසන්න වශයෙන් £870 ක් වෙනවා.. (ලංකා මුදලින් Rs 138744/= ක් පමණ...) ගෙම්ස් play කරන ඔයාලට මේක වැදගත් වෙන්න ඇති කියල මං හිතනවා... මේ GPU එක පිලිබඳව තවත් වැඩිපුර දැන ගන්න ඕන නම් මෙ Link එක ක්ලික් කරන්න.. 
මේක ලිව්ව මම - තිසුලවි බණ්ඩාර

Notepad එක භාවිතයෙන් Folder එකක් lock කරමු ...

10:37 AM 7 Comments


මන් අද කියල දෙන්න හදන්නෙ ඔයාලගෙ පෞද්ගලික දේවල් කොහොමද කිසිම ඇප්ලිකේශන් එකක් භාවිතා නොකර පාස්වර්ඩ් එකක් දාල ලොක් කරන්නෙ කියල ...




1.මුලින්ම ඔයා ඔයාට කැමති තැනකින් නෝට්පෑඩ් එකක් ඕපන් කරගන්න ..

2. ඊට පස්සෙ මන් මේ පහල දාල තියන කෝඩ් එක ඒ නෝට් පෑඩ් එකට කොපි පේස්ට් කරන්න




3.ඊට පස්සෙ ඔය උඩ කෝඩ් එකේ YOUR PASSWORD HERE තැනට ඔයා ලොක් කරන එකට දාන්න ඕනෙ පාස්වර්ඩ් එක ටයිප් කරන්න ..

4.ඊට පස්සෙ ඔයා නෝට් පෑඩ් ෆයිල් එක සේව් කරගන්න ඕනෙ .. ඒක සේව් කරද්දි සේව් කරන්න ඕනෙ නම අහන තැනට  කැමති නමක් දාල ඒකට එහා පැත්තෙන් .bat කියලත් ටයිප් කරන්න ... ෆයිල් ටයිප් එකට All Files තෝරන්න ..

5. ඊට පස්සෙ සේව් කරන්න .... 


6.දන් අපි ඔන්න ලොකර් එක හදා ගත්ත ... දැන් ඒ සේව් උන බැට් ෆයිල් එක ඔයා ඇප්ප් හන්ගන්න ඕනෙ තැනකට ගෙනියන්න .. ගෙනියල ඒ ෆ්යිල් එක ඩබල් ක්ලික් කරන්න .. කරාම එතන Locker කියල ෆෝල්ඩර් එකක් හැදෙයි ..

7.හරි .. අපිට ලොක් කරල හන්ගන්න ඕනෙ ෆයිල්ස් දැන් ඒකට තමයි දාන්න ඕනෙ .. ඉතින් ඔයාට ඕනෙ ෆයිල් ටික ඒකට දාල ඒ ෆොල්ඩර් එක ක්ලෝස් කරන්න .. දැන් ආයෙ අර ඔයා හදා ගත්ත .bat ෆයිල් එක ඕපන් කරඅන්න ... ඊට පස්සෙ අහයි are you sure you want to lock the folder කියල ...

8.ඊට පස්සෙ ලොක් කරන්න එතන Y අකුර ගහල enter බටන් එක ඔබන්න ...

9.හුටා ලොකර් ෆෝල්ඩර් එක නැතුව ගියා නේද .. :D බය වෙන්න එපා .. දැන් ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ තියන ඒව කාටවත් පේන්නෙ නැ ..

10.ඔයාට එ ෆයිල් එක බලන්න ඕනෙ නම් ආයෙ අර .බට් ෆයිල් එක ඔපන් කරගන්න .. ඊට පස්සෙ ඒකෙ අහයි "enter password for unlock folder" කියල .. ඔයාට ඒ ෆෝල්ඩර් එක බලන්න ඕනෙ නම් ඔයා අර මුලින් .bat ෆයිල් එක හදද්දි ටයිප් කරපු පාස්වර්ඩ් එක ගහල එන්ටෙර් කරන්න .. ඊට පස්සෙ ඒ ෆෝල්ඩෙර් ක එයි ..

11. දැන් ඉතින් වැඩේ ඉවරයි .. ඔයාට ආයෙඑ අ ඔක් කරන්න ඕනෙ නම් කලින් විදිහට කරන්න .. ඒකට් තව ෆයිල් දාන්න ඕනෙ නම් ඒත් කලින් කියපු විදිහටම කරන්න ...


මන් හිතනව මේ දාපු එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියල .. . මේක ඔයාට උදව්වක් උනා නම් කොමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා ..මොකක් හරි ගැටලුවක් උනා නම් ඒකත් කොමෙන්ටුවක් මගින් දාන්න ... යන ගමන් ශෙයාර් පාරකුත් දාගෙන යන්න ..

එහෙනම් තවත් හොද පෝස්ටුවකින් මන් ආයෙ හමුවෙන්නම් .. එතකන් දිගටම අපිත් එක්ක ඉන්න ..




කර්තෘ අයිතිය - Charana Harshana