Fashion

Technology

Fashion

Recent Posts

Nvidia සමාගමෙන් සුපිරි GPU එකක් (Nvidia GeForce GTX TitanX)

11:23 PM 1 Comment


ඔන්න යාලුවනෙ මං අද ඔයාලට කියන්න යන්නෙ දැනට ලෝකයේ ශ්‍රේණි ගත කිරීම් වලින් ඉදිරියෙන්ම සිටින GPU එක ගැනයි... එ තමයි Nvidia GeForce GTX TitanX සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති... මිට පෙර මෙම Nvidia සමාගම විසින් නිපදවු GeForce Titan හාTitan Black GPU වලට වඩා මෙය බෙහෙවින් බලසම්පන්න වෙනවා....
මේ අලුත් VGA කාර්ඩ් එක පහත දක්වලා තියෙන සියලුම තාක්ෂණයන්ට සහය දක්වනවා SLI CUDA 3D Vision PhysX Adaptive VSync GPU Boost 2.0 G-SYNC 4K Surround VXGI MFAA DSR Virtual Reality වැදගත්ම දේ තමා නවතම Direct X 12 සඳහාත් මෙය හොඳින්ම සහය දක්වනවා... එ වගේම මෙ VGA කාර්ඩ් එක පාවිච්චි කරලා දැනට ඇවිත් තියෙන උසස්ම තත්වයේ Games ඕනම එකක් ULTRA Graphics Mode යටතේ play කරන්න පුලුවන්...
මෙම කාර්ඩ් එකෙ ධාරිතාව 12GB වෙනවා.. දත්ත හුවමාරු වේගය 7.0 Gbps පමණ වෙනවා.. (ඒ කියනනෙ ඉතින් අපේ භාශාවෙන් කියනවානම් ගේම් මරන්න පුලුවන් කියන එක තමා..) දැන් හිතා ගන්න පුලුවන් නේද මේ VGA කාර්ඩ් එක කොච්චර ප්‍රභලද කියලා... මේකෙ මිළ නම් ආසන්න වශයෙන් £870 ක් වෙනවා.. (ලංකා මුදලින් Rs 138744/= ක් පමණ...) ගෙම්ස් play කරන ඔයාලට මේක වැදගත් වෙන්න ඇති කියල මං හිතනවා... මේ GPU එක පිලිබඳව තවත් වැඩිපුර දැන ගන්න ඕන නම් මෙ Link එක ක්ලික් කරන්න.. 
මේක ලිව්ව මම - තිසුලවි බණ්ඩාර

SONY සමාගමේ නවතම Xperia Z5 Series එක ගැන සියල්ල දැනගන්න

8:36 AM Add Comment




SONY යනු අප Smartphone ලෝකයේ ම පමනක් නොව අප එදිනෙදා භාවිතයට ගන්නා තාක්ෂණික උපකරණ රැසක් නිපදවන ජපානයේ විශාල බහු ජාතික සමාගමක් වන අතර මෙම සමාගමේ ජංගම දුරකතන ගැනත් අප අමුතුවෙන් පැහැදිලි කර යුතු කරුනක් නොවන බව ඔබ දන්නවා.
ඉතිං මම අද කියන්න යන්නේ මෙම සමාගමේ Flagship devices series එක වෙන Xperia Z series එකේ 2015 දී සාර්ථකව නිපදවූ Xperia Z5 දුරකතන පෙල ගැනයි..








2015 වසරේ මුල් කාලයේ Sony සමාගමට තම පාරිභෝගිකයා වැඩිය මවිතයට පත් කිරීමට නොහැකි උවත් ඔව්න් එය දැං ඉතාමත් සාර්ථකව කර තිබෙනවා..
සුපුරුදු පරිදී සෑම වසරකම පාහේ සැප්තැම්බර් මාසයේ යුරෝපයේ රටවල් එක්ව පැවැත්වෙන IFA සමුළුවේදී තමයි මෙම නවතම දුරකතන පෙල ලෝකයට හඳුන්වා දුන්නේ.

✦ ඉතිං අපි දැන් බලමු මේ නවතම Xperia Z5 series එකේ අලුතින් හඳුන්වාදුන්නු , වැඩිදියුනු කල දේවල් මොනවද කියලා.


Xperia Z5 ජංගම දුරකතන එකක් නොව පව්ලක්ම ඇති නිසා ඒවා නම් කෙරෙන්නේ මේ ආකාරයෙන්...,

◆    Xperia Z5 Compact
◆    Xperia Z5
◆    Xperia Z5 Premium

Z5 series එකේ ජංගම දුරකතන සියල්ලම සුපුරුදු පරිදී Sony සමාගමේ OminiBalance design එකට ම සාදා ඇති අතර මේ ආකාරයෙන් ජංගම දුරකතන ත්‍රිත්වයක් හඳුන්වාදුන්නා..

Z5 Compact යනු මෙම පව්ලෙහි බාලයා , Z5 යනු මද්දුමයා හා Z5 Premium යනු පව්ලේ වැඩිමලා ය :D






✦ ඉතිං මෙම ජංගම දුරකතන ත්‍රිත්වයම ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ Chipset නිපදවන්නෙක් වන Qualcomm සමාගමේ Snapgragon 810 (v2.1) , 64BIT , Octacore Processor එකකින් තමා පණ ගැන්වෙන්නේ. මෙහිදී Qualcomm සමාගම විසින් මුල් කාලයේ නිකුත්කල 810 චීපයේ සීමාව ඉක්මවා රත්වීම , ක්‍රියා කිරීමේදි ඉක්මනින් හැකිලීම වැනි දෝෂ තිබූ නිසා එහි ඇති එම දෝෂ සාදා  නැවත නිකුත් කරන ලද සංස්කරනය සමඟ Duel pipe cooling system එකක් සහා Thermal paste එකක්ද Sony සමාගම විසින් භාවිතා කර ඇත.





✦ Google සමාගමේ  Android Smartphone මෙහෙයුම් පද්දතියේ  Lollipop හී 5.1.1 සංස්කරණ වල Sony Xperia Ui සමඟ තමා මේ දුරකතන ත්‍රිත්වයම ඇතුලත් කර ඇත්තේ. නමුත් ඉදිරියේදී නව සංස්කරණ වලට යාවත්කාලීන වේ.


✦   මෙගාපික්සල් 23ක Resolution එකක් සමඟින් Sony සමාගමේ නවතම Exmor RS වර්ගයේ Image Sensor එකක් සහ Sony G lens වර්ගයේ Camera lens එකක් සතු වේ , Hybrid AutoFocus යනුවෙන්  මෙහි ඇති සුවිශේෂම ලක්ශනය වන්නේ ඕනෑම වස්තුවක් තප්පර 0.03 දී නාභිගතකර ගැනීමට හැකිවීමයි , අපි සමාන්‍ය ජීවිතයේදී ඇසිපිය හෙලන වේගේ ට සමානව මෙය විසින් ඕනෑම වස්තුවක් නාභිගත කරගැනීමේ හැකියාවක් ඇත , අනෙක අපි Photo එකක් ගන්නා විට අප නාභිගත කරන වස්තුව දුර ඇත්නම් මෙහි ඇති Zooming module එක මගින් එය 5 වාරයක් Zoom කලත් හොඳ සුපැහැදිලි , තියුණු Photo ගැනීමට හැකියාවක්ද මේවා සතු වේ. Videos වලදී පවා ඇති ගැස්සීම් , පැද්දීම් වලින් තොර හොඳ video Stabilization එකක් මෙය සතු වේ.මෙම දුරකතන වලටත් Dedicated camera button එකක් සතු බැවින් ඕනෑම අවස්ථාවකදී ක්ෂෙනිකව Camera ව විවෘත කර ගැනීමේ හැකියාව හා Focus , Capture කිරීමේ හැකියාවන් ද මෙය සතු වේ., මෙගාපික්සල 5න් යුත් Sony Exmor R , HDR , FHD ඉදිරිපස කැමරාවකින් ද යුක්ත වේ.  2015 DxOmark යන Camera competition එකේදී පවා අනෙකුත් දුරකතන සමඟ සංසන්දනය කර පසු සෑම අතින්ම පාහේ හොඳම Camera ව හිමි ජංගම දුරකතන පෙලත් මෙය වී අවසන්.






✦ ඒ අතර මෙම දුරකතන වලට නවතම පරම්පරාවේ Fingerprint Sensor ද ඇතුලත් කර තිබේ.











✦ මෙම දුරකතන පෙල සමඟ ඇති තවත් විශේෂතා නම්, කලින් පැමිණි දුරකතන වල මෙන්ම තවත් වැඩිදියුණු කල Sonund engine එකකුත් ද තිබීමයි. කලින් පැමිණි Digital Noise Cancellation තාක්ෂණය සමඟ High Resolution Audio system එක මගින් ඔබට ඉතාමත් තියුනු , කනට පහසු , හොඳම තත්වෙ Sound වලින් අත්දැකීමක් ලබාගත හැකියි.








✦   ඔබ සියළුදෙනා දන්නා Sony Playstation වල 4 නි සංස්කරණයේ හි Remote play එකක් ද මේවා සමඟ පැමිණෙන නිසා ඔබ කැමතිම Games ඔබට පහසුවෙන්ම මෙම Joystick එක මගින් පාලනය කිරීමට හැකිවේ.









✦ මෙහි ඇති Display techlonogy එක ගැන කතාකරනවිට Sony සමාගම විසින් මෙම දුරකතන ත්‍රිත්වයටම යොදාගෙන ඇත්තේ IPS LCD Display ය. එම Display වල ඇති Colours තවත් තියුනු කර පෙන්වන්නට Sony සමාගමේ ම  තාක්ෂණයක් වල Triluminous යොදාගෙන ඇති අතර Zoom කලවිට අපට හොඳින් තොරතුරු බලාගැනීමට හැකිවෙන්නට X-Reality engine එක යොදාගෙන ඇත. මෙමනිසා අපිට ඕනෑම ජායාරූපක් , වීඩියෝවක් හොඳ පැහැදිලි දසුනින් බලාගත හැකි වේ.








✦   තවද Sony සමාගම විසින් ඔව්න්ගේ බොහෝ දුරකතන මාදිලිවලට ඇතුලත් කරන නවතම  IP (65-68) Certification එක සුපුරුදු පරිදී මෙයට ඇතුලත්කර ඇති බැවින් ජලයෙන් හා දුහුවිලි වලින් බයකින් , සැකයකින් තොරව ආරක්ෂිතයි.









✦   ඔබ දන්නවා ඇති Sony සමාගම විසින් මෙම දුරකතන වලට සාමාන්‍යයෙන් ඔව්න් දවස් දෙකක බැටරි ආයු කාලයක් තිබෙනවායැයි පවසනවා , ඔබ එදිනෙදා කරන කාර්යයන් කර සාමාන්‍ය විදිහට භාවිත කරහොත් අනිවාර්යයෙන් ඔබට ඔබගේ බැටරි ආයු කාලය තියාගත හැකියි.














✦   අපි හැමෝම දන්නවා මෙම මුළුවේදී වැඩි දෙනෙක් ගේ අවදානය දිනාගත්තේ Xperia Z5 Premium දුරකතනයි. එනම් '' ලොව ප්‍රථම වරට 4K UHD (3840X2160) විභේදන තිරයක් ස්මාර්ට් ජංගම දුරකතනයකට '' දැමීමමෙන්. එම තිරය අඟල් 5.5න් යුක්තය.

මෙම ජංගම දුරකතනයේ තිරයේ අඟලකට 806 වැනි ඉතාමත් විශාල පික්සල ප්‍රමාණයක් ඇති බැවින් ඉතාමත් තියුනු දර්ශන බලාගැනීමේ හැකියාවක් මෙයට පවතිනවා.





මෙම ජංගම දුරකතන සියල්ලම Metal frame එකකින් හා Glass back (Temperd , Oleophobic coarting) එකක් හා Strach resistent glass එකකින් සමන්විතයි.


Sony සමාගෙමෙන් මෙම නවතම Xperia Z5 දුරකතන පෙල ඉහත දක්වා ඇති පාට වලින් ඔබට ලබාගත හැකි වේ..

Xperia Z5 Compact :- Matte colour type එකට හුරු පාට වලින්ද..
Xperia Z5 :- Gloss colour type එකට හුරු පාට වලින්ද..
Xperia Z5 Premium :- Chrome colour type එකට හුරු පාට වලින්ද..

ලබාගත හැකියි..


ඉහත කී දුරකතන වලින් දැනටමත් Xperia Z5 හා Z5 Compact යන දුරකතන වෙළඳපලට නිකුත්කර ඇති අතර Z5 Premium දුරකතනය මේ නොවැම්බර් මාසයේ නිකුත්වීමට ඇත..

කෙසේවෙතත් මෙම කිසිම ජංගම දුරකතනයක් අඩු මිලකට නම් ගත නොහැකියි.


ඔබට මෙම ජංගම දුරකතන ත්‍රිත්වය පිලිබඳ වැඩි දුර Specifications දැනගන්න අවශ්‍ය නම් පිවිසෙන්න පහත දක්වා ඇති link වෙතට.

◆   Xperia Z5


Sony සමාගමෙන් මෙය නිකුත් කල දවසේම කල පුන්චි හඳුන්වාදීමේ වීඩියෝවක් පහතින් බලන්න.




කොහොම නමුත් අද වන විට ලෝකයේ ඉතාමත් තරඟකාරී වෙලඳපලක් තිබෙන මෙම ජංගම දුරකතන  සමාගම් අතරින් තවත් එක් සුපිරි ජංගම දුරකතන නිපදවන්නෙක් පමණයි මේ. තවත් ඉදිරියේදී අනෙකුත් සමාගම් වලින් නිකුත් කරන , නිකුත් කර ජංගම දුරකතන ගැන දැනගන්න අප සමඟම රැදී සිටින්න.



Posted by author.,

Senal Evans

#SE

ලබන වසරේ පැමිණීමට නියමිත Galaxy S7 දුරකතනයේ නවතම තාක්ෂණයක් ?

8:50 AM Add Comment




බොහෝ විට ලබන වසරේ(2016) මාර්තු මාසයේ එලි දැක්වීමට නියමිත Samsung Galaxy S7 දුරකතනයට නව වීදුරුවක් භාවිතා වෙන බවට සැක පලවෙනවා ..කොරියානු වෙබ් අඩවියකට අනුව සැම්සුන්ග් සමාගම නව වීදුරු වර්ගයක් සදහා අයදුම් කොට තිබෙනවා ... මෙම වීදුරු වර්ගය Turtle Glass යනුවෙන් හදුන්වයි ..
පේන විදිහට මේ වීදුරු වර්ගය Corning නම් සමාගම විසින් නිපදවනු ලබන Gorilla Glass එකට වඩා සවිමත් වගෙයි ..



            මෙතෙක් කල් සැම්සුන්ග් සමාගම මෙන්ම වෙලදපොලේ අනෙකුත් සමාගම් වන HTC , LG , Motorola වැනි සමාගම් ඔවුන්ගේ දුරකතන සදහා යොදා ගත්තේ Corning Gorilla Glass ය .. නමුත් මෙනෙන ආකාරයට සැම්සුන්ග් සමාගම මේ වසරේ එහි වෙනස් කමක් කිරීමට නියමිතයි වගෙයි ..

මීට අමතරව අන්තර්ජාලයේ පල වන තවත් දෙයක් වන්නෙ මෙම දුරකතනයේ සවිමත් භාවය ගැන මේ වසරේ ඔවුන් ඉතා වැඩියෙන් සිතන බවයි .. මොකද වීදුරු වර්ගය මෙන්ම පවසන ආකාරයට ඔවුන් අලුත් මැග්නීසියම් මිශ්‍ර ලෝහයක් සම්භන්ධයෙන්ද පර්යේෂන කරන බව ද ආරන්චි මාර්ග පවසනවා ..

ඉතින් අපි සිතනවා ලබන වසරේ පැමිනීමට නියමිත Galaxy S7 දුරකතනය ඉතා පෙරලිකාර අන්දමින් එලිදක්වයි කියලා .. අපි සැවොම බලන් ඉමු ඔවුන් මීලගට අපට තිළින කරන්නෙ කුමක් ද කියා ..ඒ මෙන්ම ඉහත කියපු දේවල් අන්තර්ජාලයේ පල වුනු දේවල් බැවින් .. ඒ පිලිබදව ඔබව දැනුවත් කරන්න මේක ලිවූ බවත් .. මේ ලියා ඇති සෑම දෙයක් ම මේ වෙන තුරුත් අපට තහවුරු වී නැති බවත් මතක් කරනවා .. නමුත් එසේ වේවි යැයි අන්තර්ජාලයේ බොහෝ සෙයින් සැක පළ වෙනවා .. අපි බලන් ඉමු ඉතින් අවසානය වන තෙක් ..


එහෙනම් මන් තවත් අලුත් දෙයක් අරන් එන පොරොන්දුවත් එක්ක මේ පෝස්ට් එකෙන් සමු ගන්නවා .. උදව්වක් උනා නම් කොමෙන්ටුවක් දාගෙන ශෙයාර් කරගෙන යන්න අමතක කරන්නත් එපා ..මොකක් හරි ගැටලුවක් තිබුනොත් ඒත් පහලින් කොමෙන්ටුවක් දාන්න .. 


කර්තෘ අයිතිය - Charana Harshana

Arrow Season 4 Episode 2

12:53 AM Add Comment
ඔන්න අදත් ඇරෝ සිව්වන කතා මාලාවේ දෙවෙනි කොටස අරගෙන ආවා.





වැඩිය කත කරන්න යන්නෙ නෑ ඔයාල බගෙන බලන්න්කු ඊලග සබ් එකෙන් හම්බ වෙමු. එතෙක් ඔබට ජය.............



මෙතනින් සිංහල සබ් එක බාගත කරගන්න.




මෙතනින් hd කොපිය බාගත කරගන්න.





[ROOT]COMPUTER එකක් CUSTOM RECOVERY එකක් නැතුව ෆෝන් එකෙන්ම CUSTOM/STOCK ROM එකක් FLASH කරමු!

11:44 PM 1 Comment

හරි.. අද මම කියාදෙන්න යන්නෙ... කොහොමද PC එකක් අල්ලන්නෙවත් නැතුව.. ROM එකක් Flash කරන විදිය..
ෆෝන් එක root කරල තියෙන්න ඕනෙ..
custom recovery එකක් ඕනෙ නෑ.. සෝක් නේද..සමහරු කියයි හයියෝ අපි නම් මේව නයින්ටීන් සිස්ක්ස්ට් පෝ වල නිදහස හම්බුන කාලෙ ඉඳන් දන්නව කියල. කමක් නෑ. මම කියන්නෙ නොදන්න අයට. දැන් අපි බලමු කොහොමද කියල....


මුලින්ම අපි බලමු අපි ගොඩක් අය use කරන samsung ෆෝන් වලට කොහොමද computer එකක් නැතුව stock rom එහෙමත් නැත්තම් custom tar  හරි tar.md5 files හරි flash කර්න්නෙ කියල.

මුලින්ම ෆෝන් එක රූට් කරල තියෙන්න ඕනෙ..
ඊට පස්සෙ මේ link එකෙන් mobile odin pro කියන apk එක download කරල install කරගන්න.
මොකද්ද මේක? මොනවද මේකෙන් තියෙන වාසි?

හරි මේක හැදුවෙ chianfire කියල අපි ගොඩක් අය use කරන superuser applocation එක හදපු කෙනා .
හේතුව හදිස්සියෙ යන එන ගමන් අපිට ආයෙ stock rom එකක් flash කරගන්න ඕනෙ වුනොත් computer එකක් හොය හොය ඉන්න
බැරි නිසා ..

මේකෙ වාසි ?
1. pc එකක් ඕනෙම නෑ ..
2. rom,recovery,boot image වෙන වෙනම හෝ ඔක්කොම එකට flash කරන්න පුලුවන් .
3. මේකෙන් ෆෝන් එකේ bootloader එකට අතක් තියවෙන්නෙ නැති නිසා ෆෝන් එක brick වීමේ හානියක් නෑ .
4. ඔයාල දන්නව ඇති samsung වල 4.3 වල ඉදන් knox කියල security system එකක් එනව .. ඒක නිසා සමහර වෙලවට අපි lollipop තිබ්බ එක්කට kitkat හරි
kitkat තියෙන  එකකට jelly bran හරි දාන්න යද්දි odin එකේ fail වෙනව . එහෙම වෙලවට අපිට මෙකෙන් downgrade කරගන්න පුලුවන්
කිසීම  අවුලක් නැතුව .

එහෙනම් දැන් කොහොමද මේක කරන්නෙ බලමු ... :)

1. මුලින්ම application එක open කරගන්න ..
2. open වෙනකොට ඔයාගෙ model එක support නෑ කියල ආවොත් .. එහෙමම close කරන්න . :P support කරනකල් ..
3. ඔයාට තියෙන්නෙ originak korean model එකක්නම් ඒත් සමහර වෙලාවට මේ මැසේජ් එක එයි ..
උදාහරනෙකට ගත්තොත් ඔයාට තියෙන්නෙ note 2 shv-e250s එකක්නම් මේක open කරද්දි  ෆෝන් එක support නෑ කිව්වොත් ..
* root explorer එකක්  download කරගෙන ..
* ඒකෙන් system>build.prop කියන එක text editor එකෙන් open කරල ..
* ඒකෙ පලවෙනි lines 10යෙ  device model එකට  shv-e250s කියන එක දීල ඇති ..
* ඒක මකල  GT-N7105 කියල දාල save කරල ෆෝන් එක reboot කරල  mobile odin pro open කරන්න !
* දැන් අර මැසේජ් එක් එන්නෙ නෑ ... :)මේක rom එක flash කරගන්න අපි යොදන tතාවකාලික පිලියමක් .

4. දැන් application එක open කරල .. ඒකෙ ඔයාට ඔන tab එක select කරල .. (stock rom එකක්නම්  open files)
කියල ඇති .. ඔයාගෙ ෆෝන් මෙමරි එකේ  තියෙන රොම් එක් select කරන්න...

දැන් EVERROOT option එක යටතේ තියෙන option 3ma tick කරල ..( ඔයාට ෆ්ලෑශ් කරන රොම් එක රූට් වෙන්න ඕනෙ නම් විතරක් .. )
ඊට යටින් තියෙන wipe data/cache කියන option එකත් select කරල ..
FLASH ඔබන්න .!



5. විනාඩි 10k විතර යද්දි ෆෝන් එක ඔයා දීපු stock rom එක සමග on වෙයි ..




---------- RECOVERY එකක්වත් නැතුව CUSTOM ROM එකක් flash කරමු ! -----------------------------

මේක ඕනේම phone එකකට support .. ඔයාගෙ ෆෝන් එකට තම cwm/twrp වගේ recovery එකක් නැත්තම් හෝ හොයාගන්න බැයිනම්
දුක් වෙන්න ඕනෙ නෑ .. මේකෙන් ඒ වැඩේ ඔයාට කලෑකි .. application එකේ නම FLASHFIRE ..මේකත් හදල තියෙන්නෙ මම අර කිව්ව chainfire
ම තමයි .. මේක තාම beta මට්ටමේ තියෙන්නෙ .. හැම ෆෝන් එකකම මේකෙ test කරල නෑ .. ඒත් මේක ඔනේම model එකකට වැඩ කරනව ..

මම උදාහරනෙකට ගන්නම් මගෙ ෆෝන් එක .. මගෙ ෆෝන් එක LG G4. තාම මගෙ ෆෝන් එකට custom recovery එකක් release වෙලා නෑ ..
ඒ කියන්නෙ මට කිසිම flashble zip එකක් flash කරගන්න බෑ .. මම අද පෙන්නනව එහෙම තියාගෙන full custom rom එකක් කොහොමද
මම flash කලේ කියල ..

1.මෙතනින් ගිහින් flashfire latest version එක download කරගන්න ..
2.ඒක open කරගන්න .
3. දැන් මේ වගේ තියෙයි ..

4. ඊට පස්සෙ මෙන්න මේ + ලකුන select කරන්න ..

5. දැන් මේ වගේ තියෙයි ..

6. මට ඔනෙ rom එකක්  flash කරන්න .. ඉතින් මම මෙතනින් flash zip or OTA select කරනව ..
7.ඊට පස්සෙ ඔයාගෙ rom එක select කරගන්න ..
8.ඒට පස්සෙ  ඒකෙ auto mount select කරන්න එපා.
 හරි ලකුන select
කරන්න .

9. දැන් මේ වගේ තියෙයි ..

10. දැන් ආයෙ + ලකුන select කරන්න ..
11. දැන් ඔතන තියෙන WIPE කියන option එකට යන්න ..
12.දැන් internel storage ඇරෙන්න අනික්  හැම එකම තෝරල හරි ලකුන ඔබන්න .

13. දැන් FLASH select කරන්න ..

14. black screen එකක් වැටිල ෆෝන් එක off වෙනව වගේ වෙයි .. බය වෙන්න එපා. මේකට සමහරවිට 20minutes වගේ යන්න පුලුවන්.
හදිස්සි නොවී බලන් ඉන්න .
15. වැඩේ ඉවර වුනාම ෆෝන් එක reboot වෙයි .. ඔයාගෙ අලුත් rom එකත් එක්කම !!

---------- ප්‍රශ්න සහ පිලිතුරු ------

1. මචං mobile odin/flashfire එකට root ඕනෙද ?
ඔව් මචං . :P

2. mobile odin එක samsung වලට විතරද ?
ඔව් ..

3. කොහොමද මචං build.prop එක edit කරන්නෙ ?
මේ video එක බලන් ඉගෙනගන්න .

4.flashfire එකෙන්ම අපේ rom එකේ backup එකක් ගන්න බැයිද ?
පුලුවන් . එකෙ තියෙන backup/restore option එක use කරන්න .

5. mobile odin එකෙන් rom එකක් dදැමීමට පස්සෙ අපේ root නැතිවෙයිද ?
ඒක ඔයාගෙ කැමැත්ත. ඔයාට root ඕනෙ නම් .. mobile odin/flashfire
එකේ everroot කියන එකට tick එකක් දාල stock rom
එක flash කරන්න .. එතකොට ඔයාට දාන රොම් එකත් ඒකෙන්ම රූට් වෙලාමයි flash වෙන්නෙ .

තව ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාන්න .. ඕනෙමනම් share කරන්න . මෙලෝ මගුලක් තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා videos බලන්න ..
ඒත් තේරෙන්නෙ නැත්තම් වැඩේ අත ඇරල දාන්න . :P

How to Use ''Mobile Odin'' in Android Devices (Tutorial)
FlashFire Install ROMs, Kernels, and Flash without a Custom Recovey

ඉස්කෝතුයි .
#DA

එන්න එන්න අපෙනුත් Direct Films ගන්න ;)

6:36 PM 2 Comments


මේ ගහන්න යන්නේ හැමදාම හැමෝම හැමතැනම ගහන බයිලේ නෙවෙයි.ඊට වඩා වෙනස් කොහෙවත් නැති බයිලයක්. :P

හැමෝම කියන්නේ Torrent එක magnet link එකෙන් Direct Site එකකට දීල බාන විදිහනේ. මේක වෙන විදියක්..
ඔයාට ඕනම film එකක් ගන්න පුළුවන් වෙයි. කලාතුරකින් තමයි නැති වෙන්නේ..

මෙන්න මේ Sites තුනට ගිහින් ගන්න. මේ online films බලන්න පුළුවන් sites තුනක්. IDM install කරගෙන තියෙන්න ඕනි මේවයින් download කරන්න නම්.  IDM නැත්නම් මෙතනින් ගන්න

1. Putlocker

2. Letmewatchthis

3. Primewire

ඔය තුනට ගිහින් බලන්න. ඕනම film එකක් ඇති.

අනිත් එක, මෙහෙම කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට Google search කරන්න. එතකොටත් එන web sites වලට ගිහින් direct බාන්න පුළුවන්.

<Movie Name> letmewacththis








Dialog Time Based packages දාන අයට torrent බානවා කියන්නේ එපා කරපු වැඩක් නේ.. මේ ව්දිහට බානකොට පැය දෙකට අඩුම 4ක් 5ක්වත් බාන්න පුළුවන් වෙයි ;)

එහෙනම් Happy Downloading :P ජයවේවා! 

The Flash Season 2 Episode 2

12:39 AM Add Comment
කොහොමද යලුවනේ ඔන්න අදත් අරගෙන ආවා ෆැලෑශ් එකේ දෙවෙනි කොටසෙ සබ් එක මේ ටිකේ වැඩ ටිකක් වැඩී ඒකයි ටිකක් වෙලා ගියේ.






වැඩිය කත කරන්න යන්නෙ නෑ ඔයාල බගෙන බලන්න්කු ඊලග සබ් එකෙන් හම්බ වෙමු. එතෙක් ඔබට ජය.............












මෙතනින් සිංහල සබ් එක බාගත කරගන්න.



මෙතනින් hd කොපිය බාගත කරගන්න.